ලහිරු, රිසිර සහ සොනාල් දක්ෂතා දක්වයි

SLC National Super League 4 Day Tournament 2024

150
NSL 4 Day 2024 - 19th February

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන National Super League සිව් දින ක්‍රිකට් තරගාවලියේ අද (19) නිමා වූ Team Jaffna සහ Team Dambulla කණ්ඩායම් අතර තරගය විසඳුමකින් තොරව අවසන් වෙද්දී Team Jaffna කණ්ඩායමේ ලහිරු මධුශංක, Team Dambulla කණ්ඩායමේ රිසිර වීරසූරිය සහ සොනාල් දිනූෂ පිතිකරුවන් ලෙසින් දක්ෂතා දැක් වූවා.  

Team Jaffna සහ Team Dambulla 

  • ක්‍රීඩාංගණය – ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණය, කොළඹ 
  • කාසියේ වාසිය – Team Dambulla 

පෙර දිනයේ දී තරගය නතර කරන විට තම පළමු ඉනිමට කඩුලු 8ක් දැවී ලකුණු 274ක් ලබා සිටි Team Jaffna ක්‍රීඩකයෝ අද තම පළමු ඉනිම ලකුණු 366ක් දක්වා රැගෙන ගියා. අද එම ඉනිම වෙනුවෙන් ලහිරු මධුශංක පන්දු 109කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 66ක් ලබා ගත්තා.  

ඊට අමතර ව අවසන් පිතිකරු කවිඳු පතිරණ පන්දු 61කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 21ක් ලබා සිටියා.  

ලහිරු මධුශංක සහ කවිඳු පතිරණ අවසන් කඩුල්ල වෙනුවෙන් පන්දු 136ක දී ලකුණු 81ක සබඳතාවක් එක් කිරීමට සමත් වූවා.  

කඩුලු දවා ගැනීමේ දී දුශාන් හේමන්ත ලකුණු 113කට කඩුලු 4ක් දවා ගත් අතර ඊට අමතර ව මොහොමඩ් ෂිරාස් කඩුලු 2ක් ද චමිඳු විජේසිංහ, සොනාල් දිනූෂ සහ මර්වින් අභිනාෂ් කඩුල්ල බැගින් ද දවා ගත්තා.  

ලකුණු 253ක් ඉදිරියෙන් සිටිමින් තම දෙවැනි ඉනිමට පිටියට පිවිසි Team Dambulla ක්‍රීඩකයෝ තරගය අවසන් වන විට කඩුලු 5ක් දැවී ලකුණු 220ක් ලබා සිටියා.  

එම ඉනිම වෙනුවෙන් රිසිර වීරසූරිය පන්දු 131කට මුහුණ දෙමින් හතරේ පහර 14ක් සමඟින් ලකුණු 94ක් ලබා ගත්තා.  

රිසිර වීරසූරිය, පවන් රත්නායක එක් ව 4 වැනි කඩුල්ලට පන්දු 134ක දී ලකුණු 79ක සබඳතාවක් ද සහ සොනාල් දිනූෂ හා එක් ව 5 වැනි කඩුල්ලට පන්දු 94ක දී ලකුණු 93ක සබඳතාවක් ද ගොඩ නැගීමට දායක වූවා.  

පවන් රත්නායක පන්දු 69කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 40ක් ලබා ගත් අතර තරගය අවසන් වන විට සොනාල් දිනූෂ පන්දු 53කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් නොදැවී ලකුණු 51ක් ලබා සිටියා.  

පන්දු යැවීමේ දී ශෂික දුල්ශාන් ලකුණු 93කට කඩුලු 2ක් දවා ගත් අතර ජනිත් ලියනගේ සහ රවිඳු ප්‍රනාන්දු ද කඩුලු 2 බැගින් දවා ගත්තා.  

තරගයේ කෙටි ලකුණු පුවරුව 

  • Team Dambulla – පළමු ඉනිම කඩුලු 8ක් දැවී 619 (180.1) ලියෝ ෆ්‍රැන්සිස්කෝ 35, සනෝජ් දර්ශික 40, මිනෝද් භානුක 47, පවන් රත්නායක 240, සොනාල් දිනූෂ 69, චමිඳු විජේසිංහ 130, ලහිරු මධුශංක 2/79, රවිඳු ප්‍රනාන්දු 2/121, ශෂික දුල්ශාන් 2/163, ජනිත් ලියනගේ 2/65)
  • Team Jaffna – පළමු ඉනිම සියලුම දෙනා දැවී 366 (95.1) නිශාන් මධුශ්ක 24, රොන් චන්ද්‍රගුප්ත 110, ජනිත් ලියනගේ 73, ලහිරු මධුශංක 66, කවිඳු පතිරත්න නොදැවී 27, මොහොමඩ් ශිරාස් 2/45, දුශාන් හේමන්ත 4/113
  • Team Dambulla – කඩුලු 5ක් දැවී 220 (49.0) රිසිර වීරසූරිය 94, පවන් රත්නායක 40, සොනාල් දිනූෂ නොදැවී 51, ශෂික දුල්ශාන් 2/93

තරගයේ විසඳුමක් නෑ.  

තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<