චම්පක රාමනායකට අලුත් තනතුරක්

266

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක චම්පක රාමනායක මහතා බංග්ලාදේශ ක්‍රිකට් ඉහළ කාර්යසාධන ඒකකයේ වැඩබලන පුහුණුකරු ලෙස පත්කර තිබෙනවා. ඒ අනුව අයර්ලන්ත A කණ්ඩායම සමඟ ඉදිරියේ දී පැවැත්වෙන තරගාවලියේ දී බංග්ලාදේශ A කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස වැඩ කටයුතු කරනු ලබන්නේ රාමනායක මහතායි.

බංග්ලාදේශ ඉහළ කාර්යසාධන ඒකකයේ ප‍්‍රධාන පුහුණුකරු ලෙස Toby Radford මහතා කටයුතු කරනු ලැබූ නමුත් ඔහුගේ හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් අදාළ තරගාවලියට Toby සහභාගි නොවන බව දන්වා තිබෙනවා. 

ඒ අනුව අදාළ පුරප්පාඩුව සඳහා චම්පක රාමනායක මහතා තාවකාලිකව පත්කළ බව බංග්ලාදේශ ක්‍රිකට් ඉහළ කාර්යසාධන කළමනාකරු Jamal Babu මහතා සඳහන් කර සිටිනවා.

 තවත් ක්‍රිකට් පුවත්:

“Toby Radford අසනීප වී සිටින නිසා අයර්ලන්තය සමග පැවැත්වෙන තරගාවලිය මඟ හැරෙනවා. ඒ නිසා ශ්‍රී ලංකාවේ චම්පක රාමනායක ඒ තනතුරට තාවකාලිකව පත් කරන්න අපි තීරණය කළා. ඔහු මේ වන විටත් කණ්ඩායම සමඟ Chattogram වල පැවැත්වෙන පුහුණු කඳවුර සඳහා සහභාගී වෙලා ඉන්නේ” යැයි Jamal Babu විදෙස් මාධ්‍ය වෙත අදහස් ප‍්‍රකාශ කරමින් පවසා සිටියා.

 අයර්ලන්තය A කණ්ඩායම සහ බංග්ලාදේශ A කණ්ඩායම අතර පැවැත්වෙන ක්‍රිකට් තරගාවලිය සඳහා සිව්දින තරගයක්, නිල නොවන එක්දින තරග 5ක් සහ විස්සයි විස්ස තරග දෙකක් ඇතුලත් වෙනවා. තරගාවලියේ පළමු සහ එකම සිව්දින තරගය ම මස 26 වැනිදා Chattogram හිදී පැවැත්වෙනවා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <