ශූරයින්ගේ ලීගයේ 12 වැනි සතියේ Super Sun SC සහ Solid SC අතර තරගය අද (4) කුරුණෑගල මාලිගාපිටියේ දී නිමා වුනේ ගෝල 3-3ක් ලෙස ජය පරාජයෙන් තොරවයි.
11 වැනි මිනිත්තුවේ දී ක්‍රියාත්මක වෙමින් Super Sun ක්‍රීඩක එන්. එන්. කසුඟ ලකුණු පුවරුව ක්‍රියාත්මක කරන්නට සමත් වුනා. ඉන් මිනිත්තු කිහිපයක් ගත වෙද්දී ක්‍රියාත්මක වූ Solid ක්‍රීඩක ඩිලන්ක දේවින්ද ලකුණු පුවරුව සම කරන්නට සමත් වුනා.
ඉන් අනතුරුව පළමු අර්ධය නිමා වන තෙක් කිසිදු ගෝලයක් දෙපිලෙන්ම වාර්තා වුනේ නැහැ.
- Crystal Palace සහ St. Mary’s ජයග්රාහීව ගෙදර යයි
- මොරගස්මුල්ල සහ Saunders 11 වැනි සතියේ ජයග්රාහකයින් අතරට
- තරග දෙකක් සම වෙද්දී Pelicans සහ මාතරට ජයග්රහණ
- ලෝක කුසලාන බලන්න කටාර් යමු ද?
- පාපන්දු ලෝක කුසලානය ළං වෙද්දී කම්කරු උද්ඝෝෂණ යළි මතු වෙයි
දෙවැනි අර්ධය ආරම්භ වී 48 වැනි මිනිත්තුවේ දී ක්‍රියාත්මක වූ සමිත් මදුරංග ගෝලයක් වාර්තා කරමින් Solid පෙරමුණට රැගෙන එන්නට සමත් වුනා. නමුත් 65 වැනි මිනිත්තුවේ දී Super Sun ක්‍රීඩක හසිත ප්‍රියංකර ගෝලයක් වාර්තා කරමින් ලකුණු පුවරුව සම කළා.
එතැනින් මිනිත්තුවක් ගත වෙද්දී කසුඟ සිය දෙවැනි ගෝලය වාර්තා කරමින් Super Sun පෙරමුණට රැගෙන ආවා. කෙසේ නමුත් 76 වැනි මිනිත්තුවේ දී නැවත ක්‍රියාත්මක වූ සමිත් සිය දෙවැනි ගෝලය වාර්තා කරමින් ලකුණු පුවරුව සම තත්වයට රැගෙන ආවා.
අවසන් ලකුණු තත්වය: Super Sun SC 3 – 3 Solid SC
ගෝල ලාභීන්:
- Super Sun – එන්. එන්. කසුඟ (11’, 66’), හසිත ප්‍රියංකර (65’)
- Solid – ඩිලන්ක දේවින්ද (13’), හසිත ප්‍රියංකර (48’, 76’)
ශූරයින්ගේ ලීග් 12 වැනි සතියේ තවත් තරග කිහිපයක් පහත පරිදි පැවැත්වීමට නියමිතයි.
ශූරයින්ගේ ලීගයේ සියලු තරග ප්‍රතිඵල ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්ම.
>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<