ශ්‍රී ලංකාව පළමු ජයග්‍රහණය වාර්තා කරයි

685

පිලිපීනයේ දී පැවැත්වෙන 19 වන ආසියානු කාන්තා වොලිබෝල් ශූරතාවලියේ G කාණ්ඩය යටතේ, තරගාවලියේ 9-12 ස්ථාන තීරණය කිරීම සඳහා පැවැත්වෙන තරග වටයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමත් හොං කොං කණ්ඩායමත් අතර පැවති තරගය තරග වට 3-2ක් ලෙස ජයග්‍රහණය කරමින් ශ්‍රී ලංකාව තරගාවලියේ ප්‍රථම ජයග්‍රහණය වාර්තා කරන්නට සමත් විය.

ශ්‍රී ලංකාව නවසීලන්තයටත් පරදියි

පිලිපීනයේ දී පැවැත්වෙන 19 වන ආසියානු කාන්තා වොලිබෝල් ශූරතාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම පළමු වටයේ සහභාගී වූ අවසන් තරගය නවසීලන්ත කණ්ඩායමට එරෙහිව පැවති අතර එම තරගය…

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් තරගාවලියේ පළමු වටයේ දී  C කාණ්ඩයෙන් තරග කළ අතර එහි දී ඔවුන් සහභාගී වූ තරග 3ම පරාජයට පත්වීම නිසා ශ්‍රී ලංකාව තරගාවලියේ 9-12 ස්ථාන තීරණය කිරීම සඳහා පැවැත්වෙන තරග වටය කරා යොමු කරනු ලැබීය.

ශ්‍රී ලංකාව සහ හොං කොං කණ්ඩායම අතර 2015 වසරේ දී පැවති 18 වන ආසියානු කාන්තා වොලිබෝල් ශූරතාවලියේ දී පැවති තරගය තරග වට 3-0ක් ලෙස ජයග්‍රහණය කරන්නට හොං කොං කණ්ඩායම සමත් වූ අතර ඒ අනුව එහි දී ශ්‍රී ලංකා කණ්ඩායමට තරගාවලියේ අවසාන ස්ථානය වන 14 වන ස්ථානයෙන් සෑහීමකට පත්වන්නට සිදු විය. එම තරගයේ ලකුණු තත්වය දැක්වුණේ 25-21ක්, 25-23ක් සහ 25-22ක් වශයෙනි.

කෙසේ නමුත් මෙම තරගයේ පළමු වටය ලකුණු 25-14ක් ලෙස පහසුවෙන් ජයග්‍රහණය කරන්නට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සමත් විය. නමුත් හොං කොං කණ්ඩායම තරගයේ දෙවන වටයේ දී නැවතත් අවතීර්ණ වූ අතර එම වටය ඔවුන් ජයග්‍රහණය කරනු ලැබුවේ ලකුණු 14-25ක් වශයෙනි. තරගයේ තෙවන වටයේ දී කණ්ඩායම් දෙකම කරට කර සටනක නිරත වූ අතර එහි දී හොං කොං කණ්ඩායම අභිබවා යමින් ලකුණු 25-23ක තියුණු ජයග්‍රහණයක් වාර්තා කරන්නට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සමත් විය.

තරගය 5 වන සහ අවසාන වටයට රැගෙන යාමට නම් හොං කොං කණ්ඩායමට තරගයේ සිව්වන වටය ජයග්‍රහණය කිරීම අත්‍යාවශ්‍ය විය. ඒ අනුව එහි දී ලකුණු 13-15ක් ලෙස ලකුණු 2ක පරතරයක් පවත්වා ගන්නට හොං කොං ක්‍රීඩිකාවන් සමත් වූ අතර එම පරතරය තරගයේ අවසානය තෙක් රැගෙන ගිය ඔවුන් එම තරග වටය ලකුණු 23-25ක් වශයෙන් ජයග්‍රහණය කරනු ලැබීය.

තරගයේ 5 වන සහ අවසාන සහ අවසාන වටයේ දී ද ලකුණු 8-9ක් ලෙස තරගයේ පෙරමුණ ගන්නට හොං කොං ක්‍රීඩිකාවන් සමත් වූ නමුත් සටන්කාමී ක්‍රීඩා විලාශයක් ප්‍රදර්ශනය කළ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් එම තරග වටය ලකුණු 16-14ක් ලෙස ජයග්‍රහණය කරමින් තරගයේ ජයග්‍රහණය තහවුරු කර ගන්නට සමත් විය.

ඒ අනුව මේ වන විට තරගාවලියේ 9-12 ස්ථාන තීරණය කිරීම සඳහා පැවැත්වෙන තරග වටයේ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකාවට හොඳ අවස්ථාවක් ඇති නමුත් ඒ සඳහා හෙට නවසීලන්තය සහ හොං කොං කණ්ඩායම අතර පැවැත්වෙන තරගය නවසීලන්ත කණ්ඩායම ජයග්‍රහණය කිරීම අවශ්‍ය වේ.

Pool G

pool G

 වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න – වොලිබෝල් පිටුවට