ගෙවුනු දවස ජුනි 25 – නාවිකයෝ ප්‍රභල ජයක් ලබයි

300
Sri Lanka Sports news last day summary june 25

කෙළිබිම උණුසුම් කල පුවත් ඔබ වෙත සැකැවින් ගෙන ඒමේ අරමුනින්, ජුනි පළමු දින සිට ගෙවුනු දවස නමින් ලිපි මාලාවක් අප ඔබ වෙත ඉදිරිපත් කරන්නෙමු. ඔබටත් පසුගිය දින මඟ හැරුනු පුවත් එකම තැනකින්, සිංහලෙන්ම කියවීමට ඉඩ ප්‍රස්තාව ලබා දීම මෙහි අරමුණයි.

  පාපන්දු  

තිහාරිය ජාවා ලේන් සමයි

ඩයලොග් ශූරයන්ගේ පාපන්දු තරගවාලිලයේ ප්‍රථම සතියේ තරග කිහිපයක් ඊයේ දිනයේ පැවැත් විය. ඒ තිහාරිය යූත් ක්‍රීඩා සමාජයට එදිරිව ජාවා ලේන් ක්‍රීඩා සමාජය, සුපර් සන් සහ නාවික හමුදා ක්‍රීඩා සමාජය සහ පොලිස් ක්‍රීඩා සමාජයට එදිරිව නිව් යන්ග්ස් ක්‍රීඩා සමාජය අතර වන තරගයි.

එහිදි තිහාරිය යූත් කණ්ඩායම සහ ජාවා ලේන් ක්‍රීඩා සමාජය අතර තරගය B කාණ්ඩයේ තරගයක් ලෙස කැලණිය පාපන්දු සංකීර්ණයේදි පැවති අතර තරගය 1-1ක් ලෙස සම වෙමින් නිමාවට පත්විය. මොහොමඩ් අලීම් 51වැනි මිනිත්තුවේදි ජාවා ලේන් කණ්ඩායමටද, කේ. ජී. පෙරේරා 91 වැනි මිනිත්තුවේදි තිහාරිය කණ්ඩායමටද ගෝල රැස් කිරීමට සමත් විය.

නාවික හමුදාව සහ සුපර් සන් ක්‍රීඩා සමාජ තරගෙයන් ලකුණු 3-0 ලෙස තියුණු ජයක් ලබා ගැනීමට නාවිකයෝ සමත් විය. තරගය වර්නන් ෆර්නැන්ඩෝ ක්‍රීඩා පිටියේදි පැවති අතර චතුරංග සංජීව 3වැනි මිනිත්තුවේදීත්, නිර්මාල් විජේතුංග 24 වැනි මිනිත්තුවේත්, ධම්මික රත්නායක 86 වැනි මිනිත්තුවේදී ගෝල රැස් කිරීමට සමත් විය.

DCL හි සියළු විස්තර සඳහා පිවිසෙන්න

  ක්‍රිකට්  

තරුණයන්ගේ ගැටුම සමව අවසන් වෙයි.

සංචාරක දකුණු අප්‍රිකානු වයස අවුරුදු 19 න් පහළ ක්‍රිකට් කණ්ඩායම හා ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ ක්‍රිකට් කණ්ඩායම අතර ගාමිණී දිසානායක අභියෝගතා කුසලානය සඳහා පැවැත්වෙන ක්‍රිකට් තරඟාවලියේ පළමු යොවුන් ටෙස්ට් තරඟය පෙරේදා  (23) පී. සාරා ඕවල් පිටියේදී ඇරඹිනි. අද (25) එම තරගයේ තෙවන හා අවසන් දිනය ක්‍රියාත්මක විය. එම තරඟය ජය පරාජයෙන් තොරව අවසන් විය.

තරගයේ සම්පුර්ණ ලකුණු සටහන් විස්තරය

දකුණු අප්‍රිකානු පළමු ඉණිම -206-10 (56.1) රිකාඩෝ වැස්කොනලස් 78, රේනාඩ් වෑන් ටොන්ඩර් 41, වියාන් මුල්ඩර් 41 තිසරු දිල්ශාන් 3/62, ප්‍රවීන් ජයවික්‍රම 2/41, තිලාන් ප්‍රසාන් 2/31

ශ්‍රී ලංකා පළමු ඉණිම – 180-10 (64.5) විශ්ව චතුරංග 81, සම්මු අශාන් 43, තිලිණ ප්‍රසාන් 14 , වියාන් මුල්ඩර් 5/52, ජඩ් ඩී ක්ලාක් 3/18

දකුණු අප්‍රිකානු දෙවන ඉණිම – 250-6 dec (88.4) ජොශුවා වෑන් හර්ඩින් 108 , ජෙරම් බූසර් 90, වියාන් මුල්ඩර් 29,  තිලිණ ප්‍රසාන් 3/32 , සම්මු අශාන් 1/36, තිසරු ඩිල්ශාන් 1/53, දමිත සිල්වා 1/61

ශ්‍රී ලංකා දෙවන ඉණිම – 158-3 (50) අශාන් ප්‍රනාන්දු  57*, සම්මු අශාන් 52, සංජුල අබේවික්‍රම 21* ජඩේ ඩී ක්ලාක් 1/49

සම්පූර්ණ ලිපිය: තරඟය ජය පරාජයෙන් තොරව නිමාවට

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට