තරග පරාජයේ වගකීම පන්දු යවන්නන් සතුයි – Dhoni

IPL 2021

268
CSK vs DC

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ඊයේ (10) ලැබූ පරාජයේ වගකීම පන්දු යවන්නන් සතුවන බව Chennai Super Kings නායක Mahendra Singh Dhoni පවසා සිටියා.

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවැනි තරගය ලෙස පැවති Chennai Super Kings සහ Delhi Capitals අතර තරගයෙන් කඩුලු 7ක පරාජයක් ලැබීමට Chennai Super Kingsට සිදු වුනා.

කාසියේ වාසිය Delhi Capitals සතු වූ අතර ඔවුන් මුලින් පන්දුවට පහර දීමට Chennai Super Kingsට ආරාධනා කළා. ඒ අනුව පිටියට පිවිසි ඔවුන් නියමිත පන්දුවාර 20 අවසානයේ දී ලකුණු 188ක් වාර්තා කිරීමට සමත් වුනා. 

ඒ අනුව ලකුණු 189ක ඉලක්කයක් හඹා ගිය Delhi Capitals කඩුලු 3ක් පමණක් දැවී සිය ඉලක්කය පසුකර ගියේ තවත් පන්දු 11ක් ඉතිරිව තිබිය දීයි.

ලකුණු 188ක ඉලක්කයක් ලබා දුන්න ද තම පන්දු යවන්නන් නිවැරදි ලෙස පන්දුව පාලනය කිරීමට සමත් නොවූ නිසා Delhi Capitals පහසුවෙන් ජයග්‍රහණය කළ බව  Chennai නායක M S Dhoni පවසා සිටියා.

තරගයෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවේ දී ඔහු මේ බව කියා සිටියා.

“තරගය රඳා පැවතුණේ පින්න මත. ඒ සාධකය මුල ඉඳන්ම අපේ ඔලුවේ තිබුණා. ඒ නිසා තමයි අපි හැකි තරම් ලකුණු ලබා ගන්න උත්සාහ කළේ. මම හිතනවා පිතිකරුවන් ඉතාමත් හොඳ වගකීමක් ඉටු කළා කියලා. 188ක් කියන්නේ හොඳ ඉලක්කයක්. අපි පන්දුවට පහර දෙන වෙලාවේ ලොකු පින්නක් තිබුණා තණතීරුවේ. ඒක තමයි ප්‍රධාන හේතුව වුනේ ඉනිමේ අවසන් පන්දුවාර කීපයේ දී හොඳින් ලකුණු ලබා ගන්න. අපිට තවත් හොඳින් පන්දු යවන්න තිබුණා. අපි හොඳ තැන්වල පන්දුව පතිත කළත්, පිතිකරුවන් පන්දුවට පහර දෙනවා නම් ඒක ගැන වැරැද්දක් කියන්න බැහැ.”

“පන්දු යවන්නන්ගේ වගකීම හරියට ඉටු වුනේ නැහැ. අපි දැක්කා ඔවුන් හතරේ පහර එල්ල කරන්න පහසු වෙන පන්දු රැසක් යැවුවා. මම හිතනවා පන්දු යවන්නන් ඔවුන් කළ අඩුපාඩු ඉගෙන ගත්තා කියලා. ඉදිරි තරගවලට ඒක ලොකු උදව්වක් වේවි”, M S Dhoni පවසා සිටියා.

තවත් ක්‍රිකට් පුවත්: 

“තරගය 7.30ට ආරම්භ වුනාට පස්සේ මුල් විනාඩි 30ක වගේ කාලය පන්දුවට පහර දෙන්න ඉතාමත් අමාරු වුනා. පන්දුව මන්දගාමී වුනා. ඒ නිසා මම හිතනවා ඒ පන්දුවාර තුල අපිට තවත් ලකුණු 10-15ක් වගේ ලබා ගන්න පුළුවන් වුනා නම් තරගයේ ලොකු අභියෝගයක් කියලා. තණතීරුව සම්පූර්ණයෙන්ම මේ වගේ හැසිරුණා නම් ලකුණු 200ක් අවශ්‍ය වෙනවා මේ වගේ තරගයක දී.”

“තරගයේ මුල් පන්දුවාර වල දී පන්දුව මන්දගාමී වෙලා යම් දෝලනයක් තියන අවස්ථාවේ දී Delhi පන්දු යවන්නන් ඉතාමත් හොඳින් පන්දු යැවුවා. ඔවුන් නිවැරදි තැන්වල පන්දුව පතිත කළා. ලොකු දෝලනයක් ලබා ගන්න සමත් වුනා. අපේ ආරම්භක පිතිකරුවන් දෙදෙනාටම හොඳ පන්දු එල්ල වුනේ. මම හිතනවා මේ වගේ තණතීරුවක් තියන තරගයක ඒ වගේ දේවල් බලාපොරොත්තු වෙන්න පුළුවන්”, M S Dhoni පවසා සිටියා.

තරගයේ Chennai Super Kings වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා බවට පත්වුනේ Suresh Rainaයි. ඔහු පන්දු 36ක් තුල ලකුණු 54ක් වාර්තා කිරීමට සමත් වුනා. Chennai ආරම්භක පිතිකරුවන් වූ Ruturaj Gaikwad සහ Faf du Plessis ලකුණු 7කට දැවී යාමෙන් අනතුරුව පිටියේ එක්වූ Raina සහ Moeen Ali ලකුණු පුවරුව ලකුණු 60ක් දක්වා ඉහල දැම්මේ වේගවත් පිතිකරණයක නිරත වෙමින්. 

තරගයේ අවසන් පන්දුවාර කීපය තුල වේගවත් පිතිකරණයක නිරත වූ Sam Curren පන්දු 15ක් තුල ලකුණු 34ක් වාර්තා කිරීමට සමත් වුනා. 

Delhi Capitals පන්දු යවන්නන් වූ Chris Woakes සහ Avesh Khan ප්‍රබල පන්දු යැවීමක නිරත වෙමින් කඩුලු 2 බැගින් දවා ගැනීමට සමත් වුනා.

Delhi Capitals කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් වූ Prithvi Shaw සහ Shikhar Dhawan පළමු කඩුල්ල සඳහා ලකුණු 138ක් එක් කිරීමට සමත් වුනේ Chennai පන්දු යවන්නන් අසරණ කරමින්. Prithvi Shaw ලකුණු 72ක් වාර්තා කළ අතර Shikhar Dhawan ලකුණු 85ක් වාර්තා කිරීමට සමත් වුනා. 

තරගයේ වීරයා සම්මානය හිමි වුනේ Shikhar Dhawan හටයි.

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ තුන්වැනි තරගය අද (11) Sunrises Hyderabad සහ Kolkata Kinght Riders අතර පැවැත්වීමට නියමිතයි.

Hindustan Times ඇසුරිනි  

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<