Home Sinhala වසර 4කට පසුව ශ්‍රී ලංකාවට මෙරට දී පූර්ණ එක්දින තරගාවලි ජයක්

වසර 4කට පසුව ශ්‍රී ලංකාවට මෙරට දී පූර්ණ එක්දින තරගාවලි ජයක්

19273
Sri Lanka Cricket 2019

සංචාරක බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම හා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන තෙවැනි හා අවසන් එක්දින තරගය අද (31) කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ දී නිමාවූයේ ශ්‍රී ලංකාවට ලකුණු 122ක ජයග්‍රහණයක් හා 3-0ක පූර්ණ එක්දින ක්‍රිකට් තරගාවලි ජයක් හිමිකර දෙමිනි.

කවුරුත් නොදන්නා මාලිංග කවුරුත් දන්නා මාලිංග වූ හැටි ආදරණීය පුහුණුකරුගේ චවනයෙන්

මීට අවුරුදු විස්සකට පෙර එන්. සී. සී පුහුණු දැල තුළ දී තම පන්දු යැවීමේ……

ඒ අනුව 2015 වසරේ දී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම මෙරටට පැමිණි අවස්ථාවේ දී ඔවුන්ව මෙරට දී පූර්ණ එක්දින තරගාවලි (3-0) පරාජයඛට පත් කිරීමට ශ්‍රී ලංකාව සමත් වූ අතර ඉන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායමක් එවැනි ආකාරයක දස්කමක් දැක්වූ පළමු අවස්ථාව මෙයයි.

ශ්‍රී ලංකා කණ්ඩායම මේ තරගය සඳහා පැමිණෙන විට දෙවන එක්දින ක්‍රිකට් තරගය ක්‍රීඩා කළ නුවන් ප්‍රදීප්, ඉසුරු උදාන, ධනංජය ද සිල්වා හා ලහිරු තිරිමාන්න වෙනුවට කසුන් රාජිත, වනිඳු හසරංග, ශෙහාන් ජයසූරිය හා දසුන් ශානක යන ක්‍රීඩකයින් හට කණ්ඩායමේ ඉඩ වෙන්කළේය.

කාසියේ වාසිය දිනා ගෙන පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව සිය නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 294ක් වාර්තා කරගත්තේය

එහි දී ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායකයෙක් වන ඇන්ජලෝ මැතිව්ස් පන්දු 90ක් සඳහා මුහුණ දෙමින් සාර්ථක ලකුණු 87ක් ලබාගෙන ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූයේ 4 පහර 8ක් හා එක් 6 පහරක් එල්ල කරමිනි. ඔහු විසින් අද දිනයේ දී ලබා ගත් අර්ධ ශතකය සිය එක්දින ක්‍රිකට් දිවියේ වාර්තා කර ගත් 40 වැනි අර්ධ ශතකය විය.

ලෝක ටෙස්ට් ශූරතාවයේ ඔබ දැනගත යුතු සියලු දේ

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ඊයේ (29) ලෝක ටෙස්ට් ශූරතාව නිල වශයෙන්……

පළමුව පන්දුවට පහර දීම වෙනුවෙන් පිටියට පැමිණියේ දකුණතින් පිතිකරණයේ නිරත වන අවිශ්ක ප්‍රනාන්දු හා නායක දිමුත් කරුණාරත්න දෙදෙනායි. බංග්ලාදේශ වේගපන්දු යවන්නන්ගේ පීඩනකාරී පන්දු යැවීම හමුවේ පළමු කඩුල්ලේ සබඳතාවය ලකුණු 13කට සීමා කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදු වූයේ ලකුණු 6ක් ලබාගෙන සිටි අවිශ්ක ප්‍රනාන්දු ශයිෆුල් ඉස්ලාම්ගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවීම නිසයි.

දෙවන එක්දින තරගයේ වාර්තා වූ පරිදි පළමු කඩුල්ල සඳහා වැඩි ලකුණු සහිත සබඳතාවයක් ගොඩනැංවීමට මේ තරගයේ දී ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් යුගලය අසමත් වීම නිසා පළමු පන්දුවාර දහය අවසානයේ කඩුල්ලක් දැවී රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 36ක් පමණි. එය පෙර තරග දෙකට සාපේක්ෂව පැහැදිලි අඩුවීමක්  බව පෙන්නුම් කරනන්ට විය.

නමුත් දෙවැනි කඩුල්ල වෙනුවෙන් නායක කරුණාරත්න හා පිටියේ එක්වූ කුසල් පෙරේරා ඉතාමත් හොඳ දල ලකුණු ලබා ගැනීමේ වේගයක් රඳවා ගෙන පන්දුවට පහර දීම නිසාවෙන් පන්දුවාරයකට දල ලකුණු ලබා ගැනීමේ වේගය පළමු පන්දුවාර 10 තුල තිබූ මට්ටමට වඩා යම් වර්ධනයක් පෙන්නුම් කරන්නට විය.

ඔවුන් දෙදෙනා පන්දු 95ක් තුල දෙවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 83ක  සබඳතාවයක් ගොඩනංවා තිබිය දී 5 වැනි එක්දින අර්ධ ශතකය අභියස සිටි කරුණාරත්න අවාසනාවන්ත ලෙස ලකුණු 46කට දැවී ගියේය.

ඔහු පන්දු 60කට මුහුණ දෙමින් 4 පහර 6ක් එල්ල කරමින් එම ලකුණු 46 ලබාගෙන සිටිය දී රිවර් ස්වීප් පහරක් එල්ල කිරීමට වෑයම් කළ නමුත් ටයිජුල් ඉස්ලාම් එම පන්දුව වේගය අඩාල කරමින් පිතිකරුවා වෙත එවූ නිසා කරුණාරත්නගේ කාලගණනය අසාර්ථක විය. ඔහුගේ පිත්තේ ඉහළ දාරයේ වැදුණු පන්දුව එම ස්ථානයේම ඉහළ ගිය අතර එය උඩ පන්දුවක් ලෙස පහසුවෙන්ම රැකගැනීමට රහීම් සමත් විය.

අද මෙහි සිටින 35000ක් ඔබට වෛර කරනවා

1998/98 ඕස්ට්‍රේලියානු තරගාවලිය ආරම්භයේ දී ටෙස්ට් සහ එක්දින……

කරුණාරත්න දැවී ගොස් පන්දු 6ක් ක්‍රියාත්මක වූ පසුව අනෙක් අන්තයෙන් ලකුණු 42ක් ලබාගෙන පිටියේ ස්ථාවරව සිටි කුසල් පෙරේරා ද  හුසේන්ගේ පන්දුවක් හමුවේ දැවී යන ලදි. ඒ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 21කුත් පන්දු 2ක් අවසානයේ කඩුලු 3ක් දැවී ලකුණු 98ක් රැස්කරගෙන තිබුණු නිසාවෙන්, මෙතෙක් වේලාවක් ශ්‍රී ලංකා කණ්ඩායම සතුව තිබූ වාසිය ක්‍රමයෙන් බංග්ලාදේශය වෙත හැරෙමින් තිබුණි.

මැතිව්ස් හා කුසල් මෙන්ඩිස් ශ්‍රී ලංකා කණ්ඩායමට අවශ්‍යම හා තීරණාත්මක මොහොතේ නැගී සිටිමින් ලකුණු අතරට පැමිණීම නිසා ගිලිහෙමින් තිබූ වාසිය නැවතත් ශ්‍රී ලංකාව දෙසට නම්මා ගැනීමට අවශ්‍ය ඉඩකඩ ශ්‍රී ලංකා කණ්ඩායමට විවර විය.

ඔවුන් දෙදෙනා හෙමින් සීරුවේ සිය ලකුණු සබඳතාවය ආරම්භ කරමින් ක්‍රමයෙන් වේගවත්ව ලකුණු රැස්කරගැනීමට සමත් විය. අවසානයේ මෙන්ඩිස් ශ්‍රී ලංකා ඉනිමේ 4 වැනි කඩුල්ල ලෙස දැවී ගියේ සිව්වැනි කඩුල්ල සඳහා ගොඩනැංවුණු ලකුණු 101 සාර්ථක සබඳතාවයට තිත තබමිනි.

සිය එක්දින ක්‍රිකට් දිවියේ 16 වැනි අර්ධ ශතකය වාර්තා කර මෙන්ඩිස් 4 පහර 5ක් හා එක් 6 පහරක් එල්ල කරමින් ලකුණු 54ක් වාර්තා කරගෙන සිටිය දී සර්කාර්ගේ පන්දුවක් හමුවේ දැවී ගියේය.

දසුන් ශානක ක්‍රීඩාලෝලීන් අමන්දානන්දයට පත් කරමින් වේගවත් පිතිකරණයක නිරත වීමේ ප්‍රතිඵලයක් ලෙස 5 වැනි කඩුල්ලට පන්දු 27ක දී ලකුණු 52ක වේගවත් සබඳතාවයක් එක් කිරීමට ශානක හා මැතිව්ස් සමත් විය.  

එම සබඳතාවයට තිත තබමින්, ශයිෆුල් පන්දු 14ක දී ලකුණු 30ක් වාර්තා කර ගත් ශානකගේ කඩුල්ල දවා ගත්තේ ලෝන්ග් ඕෆ් කලාපයේ සිටි සබීර් රහමාන්ගේ දක්ෂ උඩ පන්දු රැකීම ද සවියක් කරගෙනයි. ශෙහාන් ජයසූරිය ලකුණු 13යි. පන්දු යැවීමේ දී සර්කාර් හා ශයිෆුල් අතරේ කඩුලු 3 බැගින් බෙදී ගියේය.

Photo Album – Sri Lanka vs Bangladesh | 3rd ODI

ලකුණු 299ක ඉලක්කයක් හඹා යාමේ අරමුණ ඇතිව පිටියට පැමිණි බංග්ලාදේශ කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් යුගලයම පළමු පන්දුවාර 8තුල ක්‍රීඩාගාරයට හරවා යැවීමට රාජිත සමත් විය. 

මේ තරගාවලිය පුරාවට බංග්ලාදේශය වෙනුවෙන් හොඳින්ම සාර්ථක වූ පිතිකරුවා වන රහීම් හා සර්කාර් එක්ව තෙවන කඩුල්ල වෙනුවෙන් සාර්ථක සබඳතාවයක් ගොඩනැංවීමට වෑයම් කළ නමුත්, ශානක පිට ඉන්නට තරමක්  පිටතින් පතිත වන ලෙස එවූ පන්දුවක් රහීම්ගේ පිත්තේ පිටත අග්‍රයේ වැදී මෙන්ඩිස්ගේ සුරතෙහි රැඳීම නිසා රහිම්ගේ ඉනිම ලකුණු 10කට සීමා විය. මොහොමඩ් මිතුන් ලකුණු 4යි.

බංග්ලාදේශ පිතිකරුවන් එකිනෙකා පසුපස දැවී යද්දී මැදපෙළ ස්ථාවර කරගනිමින් සිය පිතිකරණ විලාසය ඉස්මතු කළ සර්කාර් සිය ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් දිවියේ වාර්තා කර ගත් 11 වැනි අර්ධ ශතකය වාර්තා කරගත්තේය.  ශානක විසින් බංග්ලාදේශ ඉනිමේ 3,4 හා 5 යන කඩුලු දවාගෙන තරගයේ සම්පූර්ණ පාලනය ශ්‍රී ලංකාව දෙසට හරවා දීමට සමත් විය. 

බංග්ලාදේශ කණ්ඩායම ගෞරවාන්විත ලකුණු මට්ටමක් වෙත රැගෙන ඒමට විශාල වෙහෙසක් දැරූ සර්කාර් 4 පහර 5ක් හා එක් 6 පහරක් එල්ල කරමින් ලකුණු 69ක් ලබාගෙන සිටිය දී අකිලගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් ඉනිමේ 8 වැනි කඩුල්ල ලෙස දැවී ගියේ බංග්ලාදේශය සතුව තිබූ අවසන් බලාපොරොත්තුවත් සුනුවිසුනු කරමිනි. 

ඒ වන විට බංග්ලාදේශ ලකුණු පුවරුව 143/8ක් ලෙස සටහන්ව තිබුණි. අවසානයේ ඔවුන්ගේ අවසන් කඩුලු 2 ද ලකුණු 29ක් තුල දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් විය. පන්දු යැවීමේ දී ශානක කඩුලු 3කට හිමිකම් කියද්දී කුමාර හා රාජිත අතරේ කඩුලු 2ක බැගින් බෙදී යන ලදි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<

Result


Sri Lanka
294/8 (50)

Bangladesh
172/10 (36)

Batsmen R B 4s 6s SR
Avishka Fernando b Shaiful Islam 6 14 0 0 42.86
Dimuth Karunaratne c Mushfiqur Rahim b Taijul Islam 46 60 6 0 76.67
Kusal Perera c Mushfiqur Rahim b Rubel Hossain 42 51 5 0 82.35
Kusal Mendis c Sabbir Rahaman b Soumya Sarkar 54 58 5 1 93.10
Angelo Mathews c Mushfiqur Rahim b Soumya Sarkar 87 90 7 1 96.67
Dasun Shanaka c Sabbir Rahaman b Shaiful Islam 30 14 2 2 214.29
Shehan Jayasuriya c Tamim Iqbal b Shaiful Islam 13 7 1 1 185.71
Nuwan Thushara not out 12 5 2 0 240.00
Akila Dananjaya c Sabbir Rahaman b Soumya Sarkar 0 1 0 0 0.00
Kasun Rajitha not out 0 0 0 0 0.00


Extras 4 (b 0 , lb 0 , nb 0, w 4, pen 0)
Total 294/8 (50 Overs, RR: 5.88)
Fall of Wickets 1-13 (4.3) Avishka Fernando, 2-96 (20.2) Dimuth Karunaratne, 3-98 (21.2) Kusal Perera, 4-199 (41.3) Kusal Mendis, 5-251 (46.1) Dasun Shanaka, 6-280 (48.4) Shehan Jayasuriya, 7-284 (49.1) Angelo Mathews, 8-284 (49.2) Akila Dananjaya,

Bowling O M R W Econ
Shaiful Islam 10 2 68 3 6.80
Rubel Hossain 9 1 55 1 6.11
Taijul Islam 10 1 34 1 3.40
Mehidy Hasan Miraz 9 0 59 0 6.56
Soumya Sarkar 9 0 56 3 6.22
Mahmudullah 3 0 22 0 7.33


Batsmen R B 4s 6s SR
Anamul Haque c Avishka Fernando b Kasun Rajitha 14 24 2 0 58.33
Tamim Iqbal c Kusal Perera b Kasun Rajitha 2 6 0 0 33.33
Soumya Sarkar b Akila Dananjaya 69 86 5 1 80.23
Mushfiqur Rahim c Kusal Mendis b Dasun Shanaka 10 15 1 0 66.67
Mohammad Mithun c Lahiru Kumara b Dasun Shanaka 4 11 0 0 36.36
Mahmudullah c Kusal Perera b Dasun Shanaka 9 12 1 0 75.00
Sabbir Rahaman c Dhananjaya de Silva b Lahiru Kumara 7 17 0 0 41.18
Mehidy Hasan Miraz c Dhananjaya de Silva b Lahiru Kumara 8 6 2 0 133.33
Taijul Islam not out 39 28 5 1 139.29
Shaiful Islam st Kusal Perera b Nuwan Thushara 1 5 0 0 20.00
Rubel Hossain run out (Kusal Perera) 2 6 0 0 33.33


Extras 7 (b 0 , lb 2 , nb 0, w 5, pen 0)
Total 172/10 (36 Overs, RR: 4.78)
Fall of Wickets 1-4 (1.3) Tamim Iqbal, 2-29 (7.6) Anamul Haque, 3-46 (11.6) Mushfiqur Rahim, 4-60 (15.4) Mohammad Mithun, 5-83 (19.4) Mahmudullah, 6-105 (24.4) Sabbir Rahaman, 7-117 (26.4) Mehidy Hasan Miraz, 8-143 (31.5) Soumya Sarkar, 9-149 (33.1) Shaiful Islam, 10-172 (35.6) Rubel Hossain,

Bowling O M R W Econ
Shehan Jayasuriya 6 0 40 0 6.67
Kasun Rajitha 5 0 17 2 3.40
Akila Dananjaya 10 0 44 1 4.40
Dasun Shanaka 6 0 27 3 4.50
Nuwan Thushara 4 1 16 1 4.00
Lahiru Kumara 5 0 26 2 5.20