දේශීය තරගාවලියට එක්වන විදෙස් ක්‍රිකට් තරු

1085

ශ්‍රී ලංකා දේශීය ක්‍රිකට් තරගාවලිය සඳහා විවිධ කණ්ඩායම් නියෝජනය කරමින් මෙවර විදෙස් ක්‍රීඩකයින් 11 දෙනෙක් එක්වන අතර ඒ අතරට එංගලන්ත ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ හිටපු ආරම්භක පිතිකරු නික් කොම්ප්ටන් ද ඇතුළත් වේ. ඊට අමතරව තරගාවලිය සඳහා පාකිස්තාන ක්‍රීඩකයින් 9 දෙනෙක් සහ ඉන්දියානු හා එංගලන්ත ක්‍රීඩකයෙකු බැගින් ද එක්වනු ඇත.

නව වසරේ සිංහයන්ට අභියෝග කරන තරගාවලි

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව ගත් කළ ගෙවී ගිය 2017 වර්ෂය සිත් තැවුල් සහ කළකිරීම් වලින් පිරුණු..

  • නික් කොම්ප්ටන්

දකුණු අප්‍රිකාවේ උපන්, එංගලන්ත ජාතික කණ්ඩායම නියෝජනය කළ ආරම්භක පිතිකරුවෙක් වන නික් කොම්ප්ටන් මේ වන විට ශ්‍රී ලංකාව බලා පැමිණ ඇති අතර ඔහු එළඹෙන සති කිහිපය ඇතුළත දී සිය මංගල ශ්‍රී ලංකා දේශීය තරගය සඳහා සහභාගී වනු ඇත.

ඒ අනුව ඔහු ශ්‍රී ලංකා වරාය අධිකාරි කණ්ඩායම නියෝජනය කරමින් තරගාවලිය සඳහා එක්වන අතර ඔහුගේ දායකත්වය කණ්ඩායමේ සාර්ථකත්වයට දැඩි බලපෑමක් එල්ල කරනු ඇති බව නොඅනුමාන ය. ඔහු සිය පළමු පෙළ ක්‍රිකට් දිවිය තුළ ලකුණු 11,700කට ආසන්න සංඛ්‍යාවක් රැස්කරගෙන ඇති අතර තවදුරටත් එංගලන්ත කණ්ඩායම නියෝජනය කරමින් ටෙස්ට් තරග 16කට ක්‍රීඩා කරමින් ශතක 2කට ද හිමිකම් කියන්නට සමත්ව ඇත. එම ශතක දෙකම ඔහු වාර්තා කරගෙන ඇත්තේ එංගලන්ත කණ්ඩායමට එරෙහිවයි.

  • ශොයිබ් නසීර්

ශ්‍රී ලංකා වරාය අධිකාරි කණ්ඩායම විසින් එක්කරගෙන සිටින තවත් එක් විදේශීය ක්‍රීඩකයෙක් වන්නේ 34 හැවිරිදි ශොයිබ් නසීර් ය. ඔහු පාකිස්තානය තුළ පළමු පෙළ තරග 32කට ක්‍රීඩා කර ඇති අතර එහි දී සිය හොඳම ලකුණු සංඛ්‍යාව ලෙස ලකුණු 177ක් වාර්තා කර ගැනීමට සමත්ව ඇත. ඔහුගේ දායකත්වය වරාය අධිකාරි කණ්ඩායමේ මැදපෙළ ශක්තිමත් කිරීමට බෙහෙවින් වැදගත් වනු ඇත.

  • අදීල් මලික්

මේ වන විට පැවැත්වෙමින් තිබෙන දේශීය තරග වාරය සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරිය එක්කරගෙන තිබෙන තෙවන විදේශීය ක්‍රීඩකයා වන්නේ පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩක ශොයිබ් මලික්ගේ සොහොයුරු අදීල් මලික් ය.

දකුණත් පිතිකරුවෙක් වන ඔහු එංගලන්තයේ ‘Essex’ ප්‍රාන්ත කණ්ඩායම සඳහා ද ක්‍රීඩා කර ඇති අතර වරාය අධිකාරි කණ්ඩායම තරගාවලියේ සුපිරි 08 දෙනාගේ වටයට තේරී පත්වීමට නම් ඔහුගේ දක්‍ෂතා ද ඔවුන්ට අතිශය වැදගත් වනු ඇති බව නොඅනුමාන ය. ඔහු පන්දුවාර 20 තරග සඳහා නම් දරා සිටින ක්‍රීඩකයෙක් වන අතර පළමු පෙළ තරග 20ක් සඳහා ක්‍රීඩා කර ඇති ඔහු එහි දී රැස්කර ගැනීමට සමත්ව ඇති අර්ධ ශතක සංඛ්‍යාව 3කි.

  • ජහන්ගීර් මිර්සා

මිර්සා මෙවර දේශීය තරගාවලියේ දී නියෝජනය කරනු ලබන්නේ බදුරලිය කණ්ඩායමයි. 30 වන වියේ පසුවන දකුණත් පිතිකරුවෙක් වන ඔහු පළමු පෙළ තරග 60කට ක්‍රීඩා කරමින් ශතක 4ක් වාර්තා කරගන්නට සමත්ව ඇති අතර ඔහු එක් ඉනිමක දී වාර්තා කරගෙන ඇති ඉහළම ලකුණු සංඛ්‍යාව ලකුණු 135කි. ඔහු බදුරලිය කණ්ඩායම වෙනුවෙන් තරග 2කට ක්‍රීඩා කර ඇති නමුත් මෙතෙක් ඔහු ක්‍රීඩා කරනු ලැබූ ඉනිම් 4 දී එතරම් දක්‍ෂතා අතරට පැමිණීමට අපොහොසත්ව ඇත.

වසරේ පළමු ශතකය සචිත්‍ර සේරසිංහගෙන්

ශ්‍රී ලංකා ක්‍රිකට් පිටියේ පෙළහැර පාන්නන් වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන..

  • නසීර් මලික්

අත්දැකීම් බහුල 27 හැවිරිදි වමත් වේගපන්දු යවන ක්‍රීඩක නසීර් මලික් පළමු පෙළ කඩුලු 168කට හිමිකම් කියන්නට සමත්ව ඇත්තේ 22.9ක ඉතා හොඳ කඩුලු දවා ගැනීමේ සාමාන්‍යයක් පවත්වා ගනිමිනි. බදුරලිය කණ්ඩායම නියෝජනය කරන ඔහු ඩිලේෂ් බුද්ධික සමඟින් සිය කණ්ඩායමේ පන්දු යැවීම ආරම්භ කරනු ලබයි.

  • රිස්වාන් හේඩර්

32 හැවිරිදි වමත් වේගපන්දු යවන ක්‍රීඩක රිස්වාන් හේඩර් ‘Saracens SC’ කණ්ඩායම නියෝජනය කරනු ලබන අතර ඔහු පළමු පෙළ තරග 68කට ක්‍රීඩා කරමින් දවා ගැනීමට සමත්ව ඇති කඩුලු සංඛ්‍යාව 194කි. ඔහු ‘SSC’ කණ්ඩායමට එරෙහි තරගය සඳහා ක්‍රීඩා කරනු ලැබූ අතර තරගාවලියේ ඉදිරියට යාමේ දී සිය කණ්ඩායම ඔහුගෙන් විශාල දායකත්වයක් බලාපොරොත්තු වනු ඇත.

  • අතීෆ් අලි

‘Saracens SC’ කණ්ඩායම මෙවර තරග වාරය සඳහා එක්කරගෙන තිබෙන දෙවන විදේශීය ක්‍රීඩකයා වන්නේ 33 හැවිරිදි දකුණත් පිතිකරු අතීෆ් අලි ය. පාකිස්තානයේ දී පළමු පෙළ තරග 57කට ක්‍රීඩා කර ඇති ඔහු ලබාගෙන ඇති අර්ධ ශතක සංඛ්‍යාව 17කි.

ඔහු ‘Moors SC’ කණ්ඩායමට එරෙහිව පැවති තරගය සඳහා සහභාගී වූ නමුත් එහි දී ක්‍රීඩා කරනු ලැබූ ඉනිම් දෙකේ දී ඔහු රැස්කර ගැනීමට සමත් වූයේ ලකුණු 22ක් හා 6ක් පමණි. කෙසේ නමුත් කණ්ඩායමට ඔහුගේ සේවය ද ඉදිරි තරගවල දී අතිශය වැදගත් වනු ඇති බව නොඅනුමානය.

  • කශීෆ් නවීඩ්

තරගාවලියේ ‘B’ කාණ්ඩයේ තරගාවලියේ අවධානය යොමු කළ යුතුම ක්‍රීඩකයා බවට පත්ව ඇත්තේ පානදුර ක්‍රිකට් සමාජය නියෝජනය කරන 34 හැවිරිදි කශීෆ් නවීඩ් ය. ඔහු මේ දක්වා තරග 3ක දී ලකුණු 550ක් රැස්කර ගැනීමට සමත්ව ඇත්තේ තරගාවලියේ වැඩිම ලකුණු ලාභියාට හිමි ස්ථානය ද හිමිකර ගනිමිනි. ඒ අතරට ශතක 2ක් හා අර්ධ ශතක 3ක් ඇතුළත් වේ.

ලෝක කුසලාන කණ්ඩායමේ නායකත්වය චන්දනට

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ හා ලාහෝරයේ දී මේ මස 8 වැනිදා සිට 22 වැනිදා දක්වා පැවැත්වෙන..

  • මොහොමඩ් රමීස්

වයස අවුරුදු 19න් පහළ පාකිස්තාන කණ්ඩායම නියෝජනය කරනු ලැබූ ක්‍රීඩකයෙක් වන මොහොමඩ් රමීස් ද පානදුර ක්‍රිකට් සමාජ කණ්ඩායම නියෝජනය කරනු ලබයි. පාකිස්තානය තුළ පළමු පෙළ තරග 44කට ක්‍රීඩා කරමින් කඩුලු 175ක් දවාගෙන ඇති ඔහු මෙවර තරග වාරයේ දී තරග 3ක් තුළ දවා ගැනීමට සමත්ව ඇති කඩුලු සංඛ්‍යාව 7කි. කෙසේ නමුත් ඉදිරි තරගවල දී කණ්ඩායම ජයග්‍රහණ කරා මෙහෙය වීමට විශාල දායකත්වයක් ලබා දීමට ඔහු බලාපොරොත්තුවෙන් පසුවේ.

  • ගෝහාර් ෆායිස්

දකුණත් වේගපන්දු යවන ක්‍රීඩක ගෝහාර් ෆායිස් නියෝජනය කරනු ලබන්නේ තරගාවලියේ ‘B’ කාණ්ඩයේ ගාල්ල ක්‍රිකට් සමාජ කණ්ඩායමයි. පාකිස්තානය තුළ පළමු පෙළ තරග 45කට ක්‍රීඩා කරමින් කඩුලු 141ක් දවා ගැනීමට සමත්ව ඇති ඔහු තරගාවලිය තුළ ගාල්ල ක්‍රිකට් සමාජ කණ්ඩායමට අතිශය වැදගත් ක්‍රීඩකයෙක් වනු ඇත.

  • විභෝර් යාදව්

මෙවර තරගාවලිය සඳහා ඉන්දියාව නියෝජනය කරමින් සහභාගී වන එකම ක්‍රීඩකයා වන 26 හැවිරිදි විභෝර් යාදව් එක්කරගෙන තිබෙන්නේ පොලිස් ක්‍රීඩා සමාජ කණ්ඩායමයි. ඔහු ක්‍රීඩා කරනු ලැබූ පළමු තරගයේ දී ම නාවික හමුදා කණ්ඩායමට එරෙහිව අර්ධ ශතකයක් වාර්තා කර ගැනීමට සමත් වූ අතර ඔහු ඉදිරි තරගවල දී ද තවත් ඉහළ දස්කම් ප්‍රදර්ශනය කිරීමට බලාපොරොත්තුවෙන් පසුවනු ඇත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<