ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ද සහයෝගය ඇති ව සංවිධානය කරන අන්තර් පාසල් පළමු පෙළ Tier B කාණ්ඩයේ එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමට වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් විද්‍යාලය සමත් වෙනවා.
ඔවුන් මෙම අවස්ථාව උදා කර ගත්තේ කඳාන ද මැසිනෝද් විද්‍යාලයට එරෙහි ව කඩුලු 2ක ජයග්‍රහණයක් ලබා ගනිමිනුයි.
කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලයිය ක්‍රීඩාංගණයේ දී (20) පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනූ ද මැසිනෝද් විද්‍යාලය පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසෙමින් සියලුම දෙනා දැවී ලකුණු 162ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ඉනිමට පිටියට පිවිසි සාන්ත ජෝසප් වාස් විද්‍යාලය තවත් පන්දු 103ක් ද සහ කඩුලු 8ක් ද ඉතිරි කර ගනිමින් ප්‍රතිවාදී ඉලක්කය හඹා යනවා.
සාන්ත ජෝසප් වාස් විද්‍යාලය ලත් මෙම තරග ජයග්‍රහණයත් සමඟින් මීට පෙර පැවැති 1 වැනි අවසන් පූර්ව තරගය ජයග්‍රහණය කළ කොටහේන සාන්ත බෙනඩික්ට් විද්‍යාලය සමඟින් තරගාවලියේ අවසන් මහා තරගයේ දී එකිනෙකා හමුවීමට නියමිතයි.
>>සාන්ත බෙනඩික්ට් විද්‍යාලය අවසන් මහා තරගයට<<
ජයග්‍රාහී එම ඉනිම ආරම්භ කළ දමේශ් මතිසාන් සහ ඉසුරු ඉඳුවර එක් ව 1 වැනි කඩුල්ලට ලකුණු 111ක සබඳතාවක් ගොඩ නගමින් සාර්ථක ආරම්භයක් ලබා ගන්නවා. එම කඩුල්ලේ සබඳතාව ගිලිහී යන්නේ ඉසුරු ඉඳුවර ගේ දැවී යෑමත් සමඟිනුයි. ඒ වෙද්දී ඔහු පන්දු 55කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 70ක් ලබා සිටියා.
නායක දමේශ් මතිසාන් සාන්ත ජෝසප් වාස් ඉනිම ජයග්‍රහණයෙන් අවසන් වෙද්දී පන්දු 95කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 68ක් ලබා සිටියා.
ඔවුන් දෙදෙනාට අමතර ව අමල් දෙනුවන් පන්දු 35කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 17ක් ලබා ගත්තා.
කඩුලු දවා ගැනීමේ දී සාන්ත ජෝසප් වාස් විද්‍යාලයීය ඉනිමේ දැවී ගිය කඩුලු ද්විත්වය ම හිමි කර ගැනීමට බිපුන් අල්විස් සමත් වුණා.
- පාසල් ක්‍රිකට් පිටියට ශතක 6ක් එක් වෙයි
- ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සුපිරි 6 වටයත් ජයග්‍රහණයකින් ආරම්භ කරයි
- සදිල් සහ මතීෂ දක්ෂතා දක්වයි
- පළමු පෙළ ශූරතාව වෙස්ලි විද්‍යාලය දිනා ගනී
- විශ්මි විස්සයි විස්ස ලකුණු 1000 සම්පූර්ණ කරයි
තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ද මැසිනෝද් විද්‍යාලයේ වැඩිම ලකුණුලාභියා වූයේ ප්‍රවීන් ගමගේ. පළමු කඩුල්ල දැවී ගිය පසු පිටියට පිවිසි ඔහු 9 වැනි කඩුල්ලට දැවී යද්දී පන්දු 120කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 76ක් ලබා ගත්තා.
ඔහුට අමතර ව ආරම්භක පිතිකරු ශාන් නෝනිස් පන්දු 17කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 21ක් ද, දනිඳු අශේල් පන්දු 49ක දී හතරේ පහර 2ක් සමඟන් ලකුණු 15ක් ද සහ චාමික ප්‍රනාන්දු පන්දු 22ක දී හතරේ පහරක් සමඟින් ලකුණු 15ක් ද ලබා ගත්තා.
කඩුලු දවා ගැනීමේ දී ලොව්තුරු දිල්පහන් සහ අමල් දෙනුවන් ලකුණු 26 බැගින් ලබා දෙමින් කඩුලු 3 බැගින් දවා ගත්තා. ඊට අමර ව ඔශේන් බිනර කඩුලු 2ක් ද, තීශාන් මයොන් සහ දමේශ් මතිසාන් කඩුල්ල බැගින් ද දවා ගත්තා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
ද මැසිනෝද් විද්‍යාලය – සියලුම දෙනා දැවී 162 (49.2) ශාන් නෝනිස් 21, ප්‍රවීන් ගමගේ 76, ලොව්තුරු දිල්පහන් 3/26, ඔශේන් බිනර 2/26, අමල් දෙනුවන් 3/26
සාන්ත ජෝසප් වාස් විද්‍යාලය – කඩුලු 2ක් දැවී 166 (32.5) දමේශ් මතිසාන් නොදැවී 68, ඉසුරු ඉඳුවර 70, බිපුන් අල්විස් 2/40
වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් විද්‍යාලයට කඩුලු 8ක ජයක්.
අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ උණුසුම් තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.






















