තායිලන්ත ක්‍රිකට් ක්‍රීඩිකාවන්ගෙන් ලෝක වාර්තාවක්!

447
Thailand Women's Cricket
©ICC

ජාත්‍යන්තර 20-20 කාන්තා ක්‍රිකට් තරග වංශ කතාව තුළ නොකඩවා වැඩිම තරග ප්‍රමාණයක් ජය ගත් කාන්තා ක්‍රිකට් කණ්ඩායම බවට පත්වීමට තායිලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත් වුනේ 2019 අගෝස්තු 10 වැනිදායි.

නෙදර්ලන්තයේ දී පැවති සිව්කොන් තරගාවලියක් අතරතුර නෙදර්ලන්තය පරාජය කිරීමත් සමඟ පිට පිටම 17 වැනි 20-20 ජයග්‍රහණය තමයි ඔවුන් අතින් වාර්තා වුනේ. පෙර මෙම වාර්තාව සතු වුනේ ප්‍රබල ඕස්ට්‍රේලියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම සතුවයි. ඔවුන් 2014 මාර්තු මස සිට 2015 අගෝස්තු මාසය දක්වා ජාත්‍යන්තර 20-20 තරග 16ක් එක පෙළට ජයග්‍රහණය කොට තිබුණා.

පිහි ඇනුමින් දිවි බේරා ගත් ටෙනිස් ශූරිය – පෙට්‍රා ක්විටෝවා

තම කුඩා පා පැදියෙන් ටෙනිස් පුහුණුවීම් වලට යන ඒ කුඩා දැරිය, චෙක් ජනරජයේ ෆුල්නෙක් නගරයේ ජනයාට හුරුපුරුදු දසුනකි.

ක්‍රිකට් ක්‍රීඩා කරන රටක් දැයි නොදන්නා තරමටම වෙනත් ක්‍රීඩා සඳහා ප්‍රසිද්ධියක් උසුලන තායිලන්තය මේ වන විට ආසියාවේ ක්‍රීඩාශීලී රටවල් අතුරින් ප්‍රමුඛ ස්ථානයක් දිනා තිබෙනවා. බොක්සිං, වොලිබෝල් සහ පාපන්දු මේ වන විට එරට තුළ ශීඝ්‍රයෙන් ඉහළට එමින් තිබෙන අතරේ ක්‍රිකට් ක්‍රීඩාව සඳහා ද ඉල්ලුමක් ඇතිවීමට වත්මන් කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ දස්කම් හේතු වෙනවා ඇති.

පිරිමින්ට විතරද? අපිටත් පුළුවන්!

2017 කාන්තා ලෝක කුසලානය ඊයේ (23) අවසන් වුනේ ඉන්දියානු කණ්ඩායමට පරාජය අත්කර දෙමිනි. එහිදී එංගලන්ත ක්‍රීඩිකාවන්…

මේ අතර සිම්බාබ්වේ කාන්තා කණ්ඩායම ද 20-20 ජාත්‍යන්තර තරග 14ක් මේ වන විට අඛණ්ඩව ජයගෙන තිබෙනවා. ඇතැම් විට ඔවුන් අතින් තායිලන්ත වාර්තාව බිඳ වැටිය හැකියි.    

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<