ටයිසන් ෆියුරි අලුත් මාවතකින් එයි

160
The Newyork Times

WBC හෙවිවෙයිට් බොක්සිං ශූර Tyson Fury (ටයිසන් ෆියුරි) මේ වන විට ක්‍රීඩාවෙන් විශ්‍රාම ගෙන සිටියත්, ඔහුගේ යළි ආගමනය අනිවාර්යයෙන්ම සිදුවන්නක් බව ලොවම දන්නා කරුණක්. ඔහු මේ වනවිට ප්‍රතිවාදියෙකු සොයමින් සිටිනවා.

පසුගිය ජුලි මාසයේ දී වාර්තා වුනේ ඔහු ස්ට්‍රෝන්ග්මෑන් ශූර Hafthor Bjornsson (හෆ්තොර් බ්යෝර්න්සන්ට) එරෙහිව යළි බොක්සිං වළල්ලට පිවිසෙනු ඇති බවයි. එහෙත් නවතම පුවත වන්නේ ඔහු මෙතෙක් දෙවරක්ම සටන් වැද ජයග්‍රහණය කළ Derek Chisora (ඩෙරික් චිසෝරා) ඔහුගේ මීළඟ ප්‍රතිවාදියා වනු ඇති බවයි.

බ්‍රිතාන්‍ය ජාතිකයන් වන ෆියුරි සහ චිසෝරා යුරෝපියානු හෙවිවෙයිට් ශූරතාවය සහ බ්‍රිතාන්‍ය හෙවිවෙයිට් ශූරතාවය සඳහා මින් පෙර සටන් වැද තිබෙනවා.

මම ආයෙ එන්න තීරණය කළේ මට සටන් ත්‍රිත්වයන් දෙකක් තියෙන ලෝකේ පළවෙනි හෙවිවෙයිට් ශූරයා වෙන්න පුළුවන් නිසා. Deontay Wilder (ඩියොන්ටේ වයිල්ඩර්) එරෙහිවයි, චිසෝරාට එරෙහිවයි.” ඔහු පැවසුවා.

සටන් ත්‍රිත්වයන් දෙකක් සම්පූර්ණ කිරීමට ඔහුට චිසෝරාට එරෙහිව සටනක් අවශ්‍ය බව සැබෑවක්. ඩියෝන්ටේ වයිල්ඩර් හට එරෙහිව ක්‍රීඩා කළ තරග ත්‍රිත්වයේ දී ෆියුරි 2-0ක ජයක් ලැබුවා.

පසුගිය අප්‍රේල් මාසයේ දී Dillian Whyte (ඩිලියන් වයිට්) හට එරෙහිව ලද ජයග්‍රහණයෙන් පසුව තමන් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගන්නා බව ෆියුරි පැවසුවා. එහෙත් පසුව වාර්තා වුනේ හෆ්තොර් බ්යෝර්න්සන් ඔහුට එරෙහිව ප්‍රදර්ශනාත්මක තරගයකට බොක්සිං වළල්ලට පිවිසෙනු ඇති බවයි.

කෙසේ වෙතත් ඩෙරික් චිසෝරා පවසන්නේ තරගයක් අවශ්‍ය නම් තමන්ට ලිපි ලේඛන එවන ලෙසයි.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<