දුෂ්මන්ත සහ ලහිරු T20 ලෝක කුසලානයට

විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානය 2022

1545
Chameera, Kumara return as Sri Lanka announce squad for T20 World Cup

එළඹෙන 16 වැනිදා සිට ඕස්ට්‍රේලියාවේ දී පැවැත්වීමට නියමිත “ICC පිරිමි විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය” සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය අද (16) මාධ්‍ය වෙත නිවේදනය කරනු ලැබුවා.

ආබාධ නිසාවෙන් ඉකුත් දා නිමා වූ ආසියානු කුසලානය සඳහා සහභාගී නොවූ දුෂ්මන්ත චමීර සහ ලහිරු කුමාර මෙම සංචිතය සඳහා කැඳවා තිබෙනවා.

ඔවුන් දෙදෙනාට අමතරව නම් කළ අනෙක් 13 දෙනා ආසියානු කුසලානයේ දී ශ්‍රී ලංකාවේ ජයග්‍රහණය වෙනුවෙන් දක්ෂතා දැක්වූ ක්‍රීඩකයින්ගෙන් සමන්විත වනවා.

දිනේෂ් චන්දිමාල්, මතීෂ පතිරණ, නුවනිඳු ප්‍රනාන්දු, අසිත ප්‍රනාන්දු, අශේන් බණ්ඩාර, ප්‍රවීන් ජයවික්‍රම සහ නුවන් තුෂාර යන ආසියානු කුසලානය සඳහා ක්‍රීඩා කළ ක්‍රීඩකයින් ලෝක කුසලාන සංචිතයෙන් ඉවත් කර තිබෙනවා.

කෙසේ නමුත් අතිරේක ක්‍රීඩකයින් ලෙස අශේන්, ප්‍රවීන්, චන්දිමාල්, බිනුර ප්‍රනාන්දු සහ නුවනිඳු නම් කර තිබෙනවා.

ශ්‍රී ලංකා සංචිතය: දසුන් ශානක (C), ධනුෂ්ක ගුණතිලක, පැතුම් නිශ්ශංක, කුසල් මෙන්ඩිස් (WK), චරිත් අසලංක, භානුක රාජපක්ෂ (WK), ධනංජය ද සිල්වා, වනිඳු හසරංග, මහේෂ් තීක්ෂණ, ජෙෆ්රි වැන්ඩර්සේ, චාමික කරුණාරත්න, දුෂ්මන්ත චමීර (ශාරීරික යෝග්‍යතාවයට යටත්ව), ලහිරු කුමාර (යෝග්‍යතාවයට යටත්ව), ඩිල්ෂාන් මධුශංක, ප්‍රමෝද් මධුෂාන්

ශ්‍රී ලංකාව මෙවර ලෝක කුසලානයේ දී A කාණ්ඩයෙන් තරග වදින අතර ශ්‍රී ලංකාවට අමතරව නැමීබියාව, නෙදර්ලන්තය සහ එක්සත් අරාබි එමීර් කණඩායම් එම කාණ්ඩයේ සෙසු රටවල් වනවා.

කාණ්ඩ තරගවල දී ප්‍රථම ස්ථානය දිනා ගන්නා කණ්ඩායම් දෙක පමණක් සුපිරි 12 වටය සඳහා සුදුසුකම් ලබා ගන්නවා.

ශ්‍රී ලංකාව සිය පළමු තරගයේ දී නැමීබියාව මුණ ගැසීමට නියමිතයි, ඒ ඔක්තෝබර් 16 වැනිදායි. ඉන්පසුව එක්සත් අරාබි එමීර් කණ්ඩායම් සමඟ 18 වැනිදාත්, නෙදර්ලන්තය සමඟින් 20 වැනිදාත් ශ්‍රී ලංකාව තරග වැදීමට නියමිතයි. මෙම තරග 3ම Geelong හි Simonds ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

ලෝක කුසලානයේ දී උණුසුම ඔබ වෙත සමීප කරන්නට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<