IPL ප්‍රධාන අනුග්‍රාහකයා WPL වලටත්

කාන්තා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය 2023

245
IPL Tata group bags title rights of WPL

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකත්වය දරණ TATA සමූහය විසින්, ප්‍රථම වරට පැවැත්වීමට නියමිත කාන්තා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ද ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස කටයුතු කිරීමට නියමිතයි.

“මංගල WPL තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස TATA සමූහය කටයුතු කරන බව මම ඉතාමත් සතුටින් නිවේදනය කරනවා. අපිට විශ්වාසයි ඔවුන්ගේ සහයෝගයත් සමඟ අපිට කාන්තා ක්‍රිකට් තවත් ඉදිරියට රැගෙන යා හැකි බව,” යැයි ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම් Jay Shah twitter ඔස්සේ පවසා තිබුණා.

ඉන්දීය ව්‍යාපාර ක්ෂේත්‍රයේ දැවැන්ත සමාගමක් වන TATA සමූහය විසින් ඉකුත් වසරේ දී IPL හි ප්‍රධාන අනුග්‍රාහකත්වය හිමි කර ගත්තේ එතෙක් අනුග්‍රාහකත්වය දැරූ Vivo සමාගම ඉවත් වීමෙන් අනතුරුවයි. ඉන්දීය මාධ්‍ය වාර්තා කරන ආකාරයට TATA සමූහය වසරක් 5ක් පුරාවට WPL හි ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස කටයුතු කිරීමට නියමිතයි. කෙසේ නමුත් මෙම ගිවිසුමේ වටිනාකම මෙතෙක් නිවේදනය කර නැහැ.

Viacom-18 විසින් WPL හි නිල විකාශන අයිතිය හිමි ආයතනය වනවා. සමාරම්භක WPL තරගාවලිය මාර්තු 4 වැනිදා සිට 26 වැනිදා දක්වා මුම්බායි නුවර DY Patali සහ Brabourne ක්‍රීඩාංගණවල දී පැවැත්වීමට නියමිතයි.

Times of India ඇසුරෙනි

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<