ඉන්දීය නායිකාවගෙන් ලෝක වාර්තාවක්

Women's T20 World Cup 2022

209
Harmanpreet Kaur made a milestones in T20 cricket

මෙවර කාන්තා විස්සයි විස්ස ලෝක කුසලානයේ 18 වැනි තරගය ලෙස ඊයේ (20) පැවැත්වුණු ඉන්දියාව සහ අයර්ලන්තය අතර තරගයෙ දී ඉන්දීය නායිකා Harmanpreet Kaur විසින් ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත් වුනා.

ඊයේ පැවැත්වුණු තරගයේ දී ඉන්දීය කණ්ඩායම මෙහෙයවමින් Kaur විසින් සිය 150 වැනි ජාත්‍යන්තර විස්සයි විස්ස ක්‍රිකට් තරගය ක්‍රීඩා කළ අතර, මෙහි විශේෂත්වය වන්නේ තවමත් කාන්තා සහ පිරිමි දෙඅංශයෙන්ම Kaur හැර වෙනත් කිසිම ක්‍රීඩකයකු විසින් ජාත්‍යන්තර විස්සයි විස්ස තරගවල මෙවැනි කඩ ඉමක් පසු කර නොතිබීමයි.

කාන්තා අංශයෙන් ගත් කල Kaurට පසුපසින් නවසීලන්තය ක්‍රීඩිකා Suzie Bates තරග 143ක් ක්‍රීඩා කරමින් සහ එංගලන්තයේ Danni Wyatt තරග 141ක් ක්‍රීඩා කරමින් සිටින අතර, පිරිමි අංශයෙන් ගත් කල හිටපු ඉන්දීය විස්සයි විස්ස නායක Rohit Sharma තරග 148ක් ක්‍රීඩා කරමින් පෙරමුණේ පසුවනවා.

2007 වසරේ පටන් විස්සයි විස්ස ජාත්‍යන්තර තරග නියෝජනය කරන Rohit Sharmaගේ තරග 148ක වාර්තාව මෙවර ලෝක කුසලානයේ බටහිර ඉන්දීය කොදෙව් සහ ඉන්දීය කණ්ඩායම් අතර පැවැත්වුණු තරගයේ දී Kaur විසින් සම කළ අතර, එංගලන්තය සමඟ තරගයේ දී ඇය විසින් Rohitව පසු කර යෑමට සමත් වුනා.

“මේක මට ලොකු දෙයක්. මට මගේ කණ්ඩායම් සාමාජිකාවන්ගෙන් සංවේදී සුබ පැතුමක් ලැබුණා. BCCIට සහ ICCයට ස්තුතියි, අපිට මේ තරම් තරගය ක්‍රීඩා කිරීමට අවස්ථාව හිමි වීම වෙනුවෙන්.”

ඊයේ තරගයේ කාසියේ වාසිය උරගා බලන අවස්ථාවේ Kaur පවසා සිටියා.

මේ අතර ශ්‍රී ලංකාව වෙනුවෙන් විස්සයි විස්ස තරග 110ක් ක්‍රීඩා කර ඇති චමරි අතපත්තු මෙම ලැයිස්තුවේ (කාන්තා අංශයෙන් පමණක්) 18 වැනි ස්ථානය හිමිකර ගෙන සිටින අතරම, කාන්තා පිරිමි දෙඅංශයෙන්ම ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම විස්සයි විස්ස ජාත්‍යන්තර තරගය ප්‍රමාණයක් ක්‍රීඩා කර ඇත්තේ ද ඇයයි. (දෙවැනි ස්ථානය තරග 86 බැගින් ක්‍රීඩා කර ඇති දසුන් ශානක සහ ලසිත් මාලිංග ට හිමි වී ඇත.)

එමෙන්ම ඊයේ ඉන්දියාව සහ අයර්ලන්තය අතර පැවැත්වුණු තරගයෙන් DLS න්‍යාය අනුව ලකුණු 5ක ජයග්‍රහණයක් වාර්තා කිරීමට ඉන්දීය කාන්තා කණ්ඩායම සමත් වූ අතර දැනට පවතින තත්වය අනුව ඔවුන්ට මෙවර ලෝක කුසලානයේ අවසන් පූර්ව වටය වෙත පිවිසීමේ අවස්ථාව හිමි වී තිබෙනවා.

කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

Hindustan Times ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<