නීති කැඩුවට ආචර්ට දඬුවම්

2844
Sky Sports

නිරෝධායන නීති රීති කඩ කිරීම නිසා එංගලන්ත වේගපන්දු යවන ක්‍රීඩක ජෝෆ්රා ආචර්ට දඩ මුදලක් නියම කරන්නට හා නිල වශයෙන් අවවාදයක් නිකුත් කරන්නට එංගලන්ත බලධාරීන් පියවර ගෙන තිබෙනවා. 

ආචර් සෞඛ්‍ය ආරක්ෂණ නීති බිඳිමින් Hove හි පිහිටි සිය නිවසට ගොස් ඇති අතර එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලයේ කළමනාකරණ අධ්‍යක්ෂක Ashley Giles ආචර්ට විරුද්ධව නඩු විමසීම පැවැත්වූවා.

“මගේ ඇඟේ හැමතැනම ලේ තිබුණා” – ඩිවිලියර්ස්

එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය පවසන අන්දමට පසුගිය සඳුදා ආචර් කිසිවෙකුගෙන් අවසර නොගෙන සිය නිවස වෙත ගොස් තිබෙනවා. එංගලන්ත ක්‍රිකට්  පාලක මණ්ඩලය ක්‍රීඩකයින්ට දැනුම් දී ඇත්තේ සිය පෞද්ගලික වාහනවල කෙළින්ම සදම්ප්ටන් හි සිට මැන්චෙස්ටර් ගමන් කරන ලෙසයි. බ්‍රියිටන් හි සිය වාහනය නැවැත්වූ ආචර් මෙසේ සෞඛ්‍ය ආරක්ෂක නීති රීති කඩ කර තිබුණා.

මේ නීති කඩ කිරීම නිසා ආචර්ව බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයෙන් ද ඉවත් කෙරුණා. ආචර්ව දින පහක නිරෝධායනයකට යොමු කර ඇති අතර ඔහුට COVID-19 පරීක්ෂණ දෙකක් ද පැවැත්වීමට නියම කර තිබෙනවා. ඔහු එම පරීක්ෂණ දෙකෙන්ම සමත් වුනොත් ඔහුට එළඹෙන ජූලි 21 වැනිදා නැවත කණ්ඩායමට එක්වීමට අවස්ථාවක් පවතිනවා.

IPL තියන්න Emirates ලෑස්ති වෙයි

“මම කරපු දේට මම සමාව ඉල්ලනවා” ආචර් පවසා තිබුණා. “මම මගේ සගයින් හා කළමනාකාරිත්වය යන හැමෝවම අනතුරුදායක තත්වයකට ඇද දැම්මා. මම මගේ ක්‍රියාවන්ගේ වගකීම දන්නවා. මම හැමෝගෙන්ම සමාව ඉල්ලනවා සෞඛ්‍යය ආරක්ෂණ නීති බින්ඳාට. තරගය මගහැරීම මට හරිම වේදනාත්මකයි. විශේෂයෙන්ම ටෙස්ට් තරගාවලිය මේ වන විට තිබෙන තත්වයත් එක්ක. මට හිතෙනවා මම කණ්ඩායම් දෙකම අනතුරකට ඇද දැම්මා කියලා. මට සමාවෙන්න.”

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<