එක්දින ශතක 3ක් වාර්තා වෙද්දී පවන්ගෙන් සුපිරි දෙදින ශතකයක්

වයස අවුරුදු 19න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලිය 2021

619
U19 Schools Cricket 2021

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් එක්දින තරග 5ක් ඊයේ (4) ක්‍රියාත්මක වුන අතර එහි දී රාජකීය, ගුරුකුල, වේල්ස් කුමර, රිච්මන්ඩ්, සහිරා සහ දේවපතිරාජ යන විද්‍යාල පූර්ණ තරග ජයග්‍රහණ ලබා ගැනීමට සමත් වුනා.

Photos : Mahanama College vs Thurstan College | Under 19 Traditional Encounter

ඊට අමතරව පැවති දෙදින පාසල් තරගයේ දී මහානාම විද්‍යාල නායක පවන් රත්නායක තර්ස්ටන් විද්‍යාලයට එරෙහිව පළමු ඉනිමේ දී ශතකයක් සහ දෙවැනි ඉනිමේ දී ලකුණු 75ක් ලබා ගනිමින් සුපිරි පිතිකරණයක නිරත වුනා.

එක්දින තරගවල දී කොළඹ රාජකීය විද්‍යාලයේ ඉසිවර දිසානායක, දේවපතිරාජ විද්‍යාලයේ පවන් සංදේශ් සහ නාලන්දා විද්‍යාලයේ විනුජ රන්පුල් ශතක ලබා ගනිමින් දිනය වර්ණවත් කරද්දී විහඟ ඉරංජන (එක්දින තරග), දෙවිඳු කැකිරිදෙනිය (දෙදින තරග), පුන්තිලා කුමාර (දෙදින තරග) කඩුලු 5 අවස්ථා ලබා ගනිමින් දස්කම් පෙන්නුම් කළා.

Photos : Prince of Wales College vs Nalanda College – U19 Division I Tournament 2020/21 TIER – A

එක්දින තරගාවලියේ මේ තරග අවසානයේ දී TIER A කොටසෙන් කොළඹ රාජකීය විද්‍යාලය, කොළඹ මහානාම විද්‍යාලය, ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය අපරාජිතව සිටින අතර TIER B කොටසෙන් බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය, ගාල්ල මහින්ද විද්‍යාලය, කොළඹ ඉසිපතන විද්‍යාලය, වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලය සහ කොළඹ ආනන්ද විද්‍යාලය අපරාජිතව සිටියි.

තවත් ක්‍රිකට් පුවත්:

එක්දින තරගාවලියේ තරග

TIER A

රාජකීය විද්‍යාලය සහ වෙස්ලි විද්‍යාලය

  • රාජකීය විද්‍යාලය – 258/4 (50): ඉසිවර දිසානායක 107*, සදීෂ රාජපක්ෂ 44, අහන් වික්‍රමසිංහ 40, කවිඳු පතිරත්න 25, අනුදිත් වික්‍රමසිංහ 2/16.
  • වෙස්ලි විද්‍යාලය – 193 (45): සාහිල් ඩයස් 46, සිදත් ධර්මසිරිවර්ධන 28, තේනුක පෙරේරා 31. සදීෂ රාජපක්ෂ 2/18, ප්‍රශාන් කල්හාර 2/38, සොනාල් අමරසේකර 2/37.

රාජකීය විද්‍යාලයට ලකුණු 65ක ජයක්

රිච්මන්ඩ් විද්‍යාලය සහ මලියදේව විද්‍යාලය

  • මලියදේව විද්‍යාලය – 116 (36.3): මතීෂ වීරසිංහ 34, කවිඳු නිර්මාන 2/14, නාලක ජයවර්ධන 4/27.
  • රිච්මන්ඩ් විද්‍යාලය – 117/3 (32.3): විශ්ව ප්‍රනාන්දු 42, බානුක මනෝහර 33*, සකිඳු විජේරත්න 2/26.

රිච්මන්ඩ් විද්‍යාලයට කඩුලු 7ක ජයක්

නාලන්දා විද්‍යාලය සහ වේල්ස් කුමර විද්‍යාලය

  • නාලන්දා විද්‍යාලය – 211/9 (50): විනුජ රන්පුල් 119*, අචල පෙරේරා 3/49, පසිඳු පැතුම් 2/44, අශාන් ප්‍රනාන්දු 2/20.
  • වේල්ස් කුමර විද්‍යාලය – 212/7 (49.3): අනූප බණ්ඩාර 59*, ඩිනුර ප්‍රනාන්දු 46, ඔමේෂ් මෙන්ඩිස් 39, ලිසුර සිගේරා 2/36, සජිත විතානගේ 2/33, රවීන් ද සිල්වා 2/36.

ද මැසනොඩ් විද්‍යාලය සහ ගුරුකුල විද්‍යාලය

  • ද මැසනොඩ් විද්‍යාලය – 149 (49.1): සලිඳු පතිරණ 76, විහඟ ඉරංජන 5/25, ජනිත ශෙහාන් 2/15.
  • ගුරුකුල විද්‍යාලය – 150/7 (31.3): කෙමිර නයනතරු 54, යශ්මිත උදේශ් 24, තරීන් සංකේත් 4/38

ගුරුකුල විද්‍යාලයට කඩුලු 3ක ජයක්

TIER B

ධර්මපාල විද්‍යාලය සහ සහිරා විද්‍යාලය

  • ධර්මපාල විද්‍යාලය – 143 (47.1): බවිඳු චමෝද් 32, කවිඳු නිශාන් 32, රිල්වාන් යූසුෆ් 3/38, නලීම් සෙයිත් 3/17, ඉශාන් රූහයිම් 2/17
  • සහිරා විද්‍යාලය – 145/4 (24.4): රහීඩ් රිස්වාන් 52, නලීම් සෙයිත් 42*, පසිඳු තීක්ෂණ 1/13

සහිරා විද්‍යාලයට කඩුලු 6ක ජයක්

දේවපතිරාජ විද්‍යාලය සහ ධර්මාශෝක විද්‍යාලය

  • දේවපතිරාජ විද්‍යාලය – 248 (49.4): පවන් සංදේශ් 138, දර්ශක සංදීප 27, ලොහාන් ද සොයිසා 3/42, ඉමන්තක රාජපක්ෂ 2/35, සහන් සංකල්ප 2/31.
  • ධර්මාශෝක විද්‍යාලය – 230 (44.2): ඉමන්තක රාජපක්ෂ 86, කවීන් සමරහේවා 41, නවීන් රසාංග 41, සුධීර වීරරත්න 4/36

දේවපතිරාජ විද්‍යාලයට ලකුණු 18ක ජයක්

දෙදින තරගය

මහානාම විද්‍යාලය සහ තර්ස්ටන් විද්‍යාලය

  • මහානාම විද්‍යාලය – 228 (67.1): පවන් රත්නායක 104, චමත් චමුපති 34, විනුක රූබසිංහ 33, පුන්තිල කුමාර 5/71, බවන්ත ජයසිංහ 4/42 සහ 227/9 (65) පවන් රත්නායක 75, Sසචිර වැලිවත්ත 44, විනුක රූබසිංහ 25, පුන්තිල කුමාර 3/76, විහස් තෙව්මික 3/63.
  • තර්ස්ටන් විද්‍යාල පළමු ඉනිම – 163 (52.2): දිනෙත් බණ්ඩාර 33, රනේෂ් සිල්වා 67, දුවිඳු රණතුංග 2/48, දෙවිඳු කැකිරිදෙනිය 5/59

තරගය ජය පරාජයෙන් තොරව අවසන්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<