Home Sinhala ඇෆ්ගනිස්තානයට එරෙහි එක්දින තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට

ඇෆ්ගනිස්තානයට එරෙහි එක්දින තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට

Afghanistan Tour of Sri Lanka 2024

120
Afghanistan Tour of Sri Lanka

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර පැවැත්වුණු දෙවැනි එක්දින තරගයෙන් ලකුණු 155ක දැවැන්ත ජයග්‍රහණයක් ලබා ගත් ශ්‍රී ලංකා කණ්ඩායම තවත් තරගයක් ඉතිරිව තිබිය දී ම තරග තුනකින් සමන්විත තරගාවලිය 2-0ක් ලෙස ජයග්‍රහණය කිරීමට සමත් වුනා. 

මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ දී අද (11) සවස ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා නායක කුසල් මෙන්ඩිස් විසින් සමත් වූ අතර, තරගයේ පළමුව පන්දුවට පහර දීමට ඔහු තීරණය කළා. 

මෙම තරගයේ දී කණ්ඩායම දෙක ම එක් වෙනස්කම බැඟින් සිදු කරමින් තරගයට අවතීර්ණ වුනා. 

පළමු එක්දින තරගය අතරතුර ආබාධයකට ලක් වූ දුශ්මන්ත චමීර වෙනුවට සංචිතයට එක් වූ අසිත ප්‍රනාන්දු අද (11) තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට එක් වූ අතර, පෙර තරගයේ දී ඇෆ්ගනිස්තානය වෙනුවෙන් ක්‍රීඩා කළ වේගපන්දු යවන ක්‍රීඩක Fareed Ahmad Malik වෙනුවට දඟපන්දු යවන Qais Ahmad ඇෆ්ගන් කණ්ඩායමට කැඳවා තිබුණා. 

ශ්‍රී ලංකාව: 

අවිශ්ක ප්‍රනාන්දු, පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස් (නායක), සදීර සමරවික්‍රම, චරිත් අසලංක, ජනිත් ලියනගේ, වනිඳු හසරංග, මහීෂ් තීක්ශණ, අසිත ප්‍රනාන්දු, ප්‍රමෝද් මදුශාන්, ඩිල්ශාන් මදුශංක  

ඇෆ්ගනිස්තානය: 

Rahmanullah Gurbaz, Ibrahim Zadran, Rahmat Shah, Hashmatullah Shahidi(c), Mohammad Nabi, Ikram Alikhil(w), Gulbadin Naib, Azmatullah Omarzai, Qais Ahmad, Fazalhaq Farooqi, Noor Ahmad  

ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කිරීම වෙනුවෙන් පිටියට පිවිසි පැතුම් නිස්සංකට සහ අවිශ්ක ප්‍රනාන්දුට පෙර තරගයේ මෙන් පහසුවෙන් ලකුණු කරා යාමට මෙවර ඇෆ්ගන් පන්දු යවන්නන් විසින් ඉඩ ලබා දුන්නේ නැහැ. 

ආරම්භක පිතිකරුවන් දෙදෙනා ම ඉනිමේ 9 වැනි පන්දු වාරය වන විට නැවතත් ක්‍රීඩාගාරයට හරවා යැවීමට Fazalhaq Farooqi සහ Azmatullah Omarzai විසින් සමත් වුනා. ඒ වන විටත් ශ්‍රී ලංකා ඉනිමේ සටහන් වී තිබුණේ ලකුණු 36ක් පමණයි. එතැනින් පසුව කඩුල්ලේ එක් වූ නායක කුසල් මෙන්ඩිස් සහ සදීර සමරවික්‍රම තරමක් සෙමෙන් සිය ඉනිම් වෙත ආරම්භය ලබා ගත් නමුත්, පසුව පිටියේ ස්ථාවර වීමත් සමඟින් සිය ඉනිම් වේගවත් කළා. 

මොවුන් දෙදෙනා විසින් ඉනිමේ තෙවන කඩුල්ල වෙනුවෙන් පන්දු 113කින් ලකුණු 103ක් ලබා ගැනීමට සමත් වූ අතර, දෙදෙනා ම අර්ධ ශතක වාර්තා කිරීමට ද සමත් වුනා. 

කෙසේ වෙතත් නැවත ක්‍රියාත්මක වූ ඇෆ්ගන් පන්දු යවන්නන් විසින් මොවුන් දෙදෙනා ම ඉනිමේ ලකුණු තත්වය 147ක් වන විට නැවත ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට සමත් වුනා. 

මේ මොහොතේ තවත් කඩුල්ලක් දැවී ගියේ නම් ශ්‍රී ලංකාව අසීරු අඩියකට වැටීමට ඉඩ තිබූ නමුත්, කඩුල්ලේ එක් වූ චරිත් අසලංක සහ ජනිත් ලියනගේ ඉක්මනින් කඩුල්ලේ ස්ථාවර වුනා. 

චරිත් සහ ජනිත් ඉනිමේ 5 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 111ක සබඳතාවක් පිහිටුවීමට සමත් වූ අතර, ඒ සඳහා ඔවුන් වැය කළේ පන්දු 98ක් පමණයි. 

පන්දු 48කින් ලකුණු 50ක් ලබා ගත් ජනිත් ඉනිමේ පස් වැනි කඩුල්ල ලෙස දැවී යාමෙන් පසුව වනිඳු හසරංග, චරිත් සමඟින් කඩුල්ලේ එක් වුනා. 

වනිඳු සහ චරිත් විසින් හය වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 34කින් ලකුණු 50ක් එක් කිරීමට සමත් වූ අතර, ඒ වෙනුවෙන් වනිඳුගෙන් ලකුණු 14ක දායකත්වයක් හිමි වුනා. 

ඉනිම අවසන් වන තෙක් කඩුල්ලේ නොදැවී රැඳී සිටි චරිත් අසලංක විසින් පන්දු 74කින් ලකුණු 97ක් ලබා ගැනීමට සමත් වූ අතර, ඒ වෙනුවෙන් ඔහුගේ පිත්තෙන් අලංකාර හයේ පහර 2ක් සහ හතරේ පහර 9ක් එල්ල වුනා. 

ශ්‍රී ලංකා පිතිකරුවන් විසින් අවසන් පන්දුවාර 10 තුළ සිය ලකුණු පුවරුවට ලකුණු 96ක් එක් කරමින් නොකඩවා දෙවැනි වරටත් ලකුණු 300 ඉක්මවූ අභියෝගයක් ඇෆ්ගනිස්තානයට ලබා දීමට සමත් වුනා. මේ අතර Azmatullah Omarzai ඇෆ්ගනිස්තාන පාර්ශවයෙන් සාර්ථක ම පන්දු යවන්නා වෙමින් කඩුලු 3ක් බිඳ හෙළීමට සමත් වුනා. 

ශ්‍රී ලංකාවෙන් හිමි වූ දැවැන්ත ඉලක්කය හඹා යාමට සුපුරුදු ඇෆ්ගන් ආරම්භක පිතිකරු යුගලය වන Rahmanullah Gurbaz සහ Ibrahim Zadran පිටියට පිවිසුණු නමුත් අද දිනයේ ද Gurbazට සාර්ථක වීමට ඉඩක් ලැබුණේ නැහැ. අසිත ප්‍රනාන්දු විසින් Gurbazගේ කඩුල්ල ඉනිමේ ලකුණු 31ක් සටහන් වන මොහොතේ දවා ගැනීමට සමත් වුනා. 

කෙසේ වෙතත් ඉන් පසුව Zadran සමඟ කඩුල්ලේ එක් වූ Rahmat Shah ඇෆ්ගන් දෙවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 97ක සබඳතාවක් පිහිටුවීමට සමත් වුනා. ඔවුන් මේ සඳහා පන්දු 121ක් වැය කළ අතර, වරෙක මෙම සබඳතාව ශ්‍රී ලංකාවට විශාල තර්ජනයක් ඇති කරන බවක් ද පෙනෙන්නට තිබුණා. තම කඩුලු දවා ගැනීමට ශ්‍රී ලංකාව පහසු අවස්ථා නිර්මාණය නොකරමින් දියත් කළ මෙම සබඳතාව උපක්‍රමශීලී ලෙස බිඳ හෙළීමට නැවත ක්‍රියාත්මක වූ අසිත ප්‍රනාන්දු සමත් වීමත් සමඟ තරගයේ ස්වභාවය සම්පූර්ණයෙන්ම වෙනස් වුනා. 

අසිත විසින් Ibrahim Zadran ලකුණු 54කට දවා ගැනීමට සමත් වූ අතර, ඉනිමේ ලකුණු තත්වය 143ක් වන විට ලකුණු 63ක් ලබා සිටි Rahmat Shah දවා ගැනීමට වනිඳු හසරංග විසින් සමත් වුනා. 

ඉන් පසුව පිටියට පිවිසුණු එකඳු ඇෆ්ගන් පිතිකරුවකු හෝ අඩුම තරමේ ලකුණු දහයේ සීමාව ඉක්මවා යෑමටවත් සමත් වුනේ නැහැ. ඇෆ්ගන් ඉනිමේ අවසන් කඩුලු 7 පන්දුවාර 4 පන්දු 5ක් තුළ ලකුණු 10ක් පමණක් ලබා දෙමින් බිඳ හෙළීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් විසින් සමත් වුනා. 

මෙහි දී ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දු යැවීමෙන් සාර්ථක වූ වනිඳු හසරංග ලකුණු 27කට කඩුලු 4ක් බිඳ හෙළද්දී, ඩිල්ශාන් මදුශංක සහ අසිත අතරේ කඩුලු 2 බැඟින් බෙදී ගියා. 

ඒ අනුව ශ්‍රී ලංකාවට ඇෆ්ගනිස්තාන සමඟ පැවැත්වුණු දෙවැනි එක්දින තරගයෙන් ලකුණු 155ක දැවැන්ත ජයග්‍රහණයක් හිමි වූ අතර, මේත් සමඟම තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය තවත් තරගයක් ඉතිරිව තිබිය දී ම ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබුණා. 

තරගයේ වීරයා සම්මානය විශිෂ්ට ඉනිමක් දියත් කරමින් නොදැවුණු ලකුණු 97ක් ලබා ගත් චරිත් අසලංක හට හිමි වුනා. 

ඇෆ්ගන් – ශ්‍රී ලංකා ක්‍රිකට් තරගාවලිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න << 

Result


Sri Lanka
308/6 (50)

Afghanistan
153/10 (33.5)

Batsmen R B 4s 6s SR
Pathum Nissanka lbw b Azmatullah Omarzai 18 17 3 0 105.88
Avishka Fernando c Gulbadin Naib b Fazal Haq Farooqi 5 23 0 0 21.74
Kusal Mendis c Rahmanullah Gurbaz b Azmatullah Omarzai 61 65 6 1 93.85
Sadeera Samarawickrama c Mohammad Nabi b Qais Ahmed 52 61 3 0 85.25
Charith Asalanka not out 97 74 9 2 131.08
Janith Liyanage  c Rahmat Shah b Noor Ahmad 50 48 2 2 104.17
Wanidu Hasaranga c Ibrahim Zadran b Azmatullah Omarzai 14 13 2 0 107.69


Extras 11 (b 0 , lb 2 , nb 1, w 8, pen 0)
Total 308/6 (50 Overs, RR: 6.16)
Bowling O M R W Econ
Fazal Haq Farooqi 10 1 55 1 5.50
Azmatullah Omarzai 10 0 56 3 5.60
Mohammad Nabi 10 0 38 0 3.80
Gulbadin Naib 5 0 48 0 9.60
Noor Ahmad 8 0 54 1 6.75
Qais Ahmed 7 0 55 1 7.86


Batsmen R B 4s 6s SR
Rahmanullah Gurbaz c Kusal Mendis b Asitha Fernando 8 20 1 0 40.00
Ibrahim Zadran c Kusal Mendis b Asitha Fernando 54 76 6 0 71.05
Rahmat Shah lbw b Wanidu Hasaranga 63 69 7 0 91.30
Hashmatullah Shahidi b Wanidu Hasaranga 9 12 1 0 75.00
Azmatullah Omarzai b Pramod Madushan 3 6 0 0 50.00
Mohammad Nabi lbw b Wanidu Hasaranga 1 4 0 0 25.00
Ikram Alikhil run out (Kusal Mendis) 4 1 1 0 400.00
Gulbadin Naib lbw b Wanidu Hasaranga 0 7 0 0 0.00
Qais Ahmed c Pathum Nissanka b Pramod Madushan 1 4 0 0 25.00
Noor Ahmad lbw b Pramod Madushan 0 1 0 0 0.00
Fazal Haq Farooqi not out 0 3 0 0 0.00


Extras 10 (b 0 , lb 0 , nb 0, w 10, pen 0)
Total 153/10 (33.5 Overs, RR: 4.52)
Bowling O M R W Econ
Dilshan Madushanka 7 1 28 2 4.00
Pramod Madushan 6 0 37 1 6.17
Asitha Fernando 6 0 23 2 3.83
Maheesh Theekshana 6 0 25 0 4.17
Janith Liyanage  2 0 13 0 6.50
Wanidu Hasaranga 6.5 0 27 4 4.15