වනුජ සහ නිමේෂ් දක්ෂතා දක්වයි

213
Wanuja Sahan and Nimesh Vimukthi

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන National Super League සිව් දින ක්‍රිකට් තරගාවලියේ මෙම සතියේ තරග අද (11) අවසන් වූ අතර එහි දී දක්ෂ පන්දු යැවීමක නිරත වීමට Team Kandy කණ්ඩායමේ වනුජ සහන් සහ Team Galle කණ්ඩායමේ නිමේෂ් විමුක්ති සමත් වුනා.

Team Dambulla සහ Team Kandy කණ්ඩායම් අතර පැවැති තරගයේ දී වනුජ සහන් ලකුණු 152කට කඩුලු 10ක් දවා ගනිමින් දක්ෂතා දැක් වූ අතර Team Galle සහ Team Jaffna කණ්ඩායම් අතර පැවැති තරගයේ දී නිමේෂ් විමුක්ති තරගයේ දී ලකුණු 98කට කඩුලු 8ක් දවා ගනිමින් දක්ෂතා දැක් වූවා.

මේ අතර අද දවසේ දී පිතිකරුවන් ලෙසින් දක්ෂතා දක්වන්නට Team Jaffna කණ්ඩායමේ ධනංජය ද සිල්වා, Team Kandy කණ්ඩායමේ කසුන් විදුර සහ Team Dambulla කණ්ඩායමේ චමිඳු විජේසිංහ සමත් වූවා.

Team Galle සහ Team Jaffna

o ක්‍රීඩාංගණය – මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය, හම්බන්තොට

o කාසියේ වාසිය – Team Galle

මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් Team Galle ක්‍රීඩකයෝ කඩුලු 9ක් දැවී ලකුණු 265ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් Team Jaffna ක්‍රීඩකයෝ ලබා ගත්තේ සියලුම දෙනා දැවී ලකුණු 185ක් පමණයි.

ලකුණු 80ක් ඉදිරියේ සිටිමින් තම දෙවැනි ඉනිමට පිටියට පිවිසි Team Galle ක්‍රීඩකයෝ  තම දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 4ක් දැවී ලකුණු 361ක් ලබා තිබිය දී ඉනිම අත්හිටවූවා. ඒ අනුව Team Jaffna කණ්ඩායමට ජයග්‍රහණය සඳහා ලකුණු 442ක ඉලක්කයක් ලැබුණ අතර ඔවුන් තරගය තෙවැනි දිනයට නතර කරන විට කඩුලු 3ක් දැවී ලකුණු 37ක් ලබා සිටියා.

අද තේ විවේකයට ප්‍රථම ඔවුන් සියලුම දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 206ක් පමණයි. එම ඉනිම වෙනුවෙන් නායක, ධනංජය ද සිල්වා පන්දු 115කට මුහුණ දෙමින් හතරේ පහර 12ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 86ක් ලබා ගත්තා.

ඊට අමතර ව පෙර දිනයේ නොදැවී පිටියේ රැදී සිටි නිපුන් කරුණානායක ලබා ගත් ලකුණු සංඛ්‍යාව 42ක්. ඊට පන්දු 75ක් වැය ව තිබූ අතර හතරේ පහර 6ක් සහ හයේ පහරක් ඒ අතර තිබුණා.

පන්දු යැවීමේ දී නිමේෂ් විමුක්ති ලකුණු 57කට කඩුලු 4ක් දවා ගත් අතර ඊට අමතර ව උදිත් මධුශාන් කඩුලු 3ක් ද, නිශාන් පීරිස් කඩුලු 2ක් ද සහ මිලාන් රත්නායක කඩුල්ලක් ද දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • Team Galle – පළමු ඉනිම කඩුලු 9ක් දැවී 265 (90.0) ඔෂඳ ප්‍රනාන්දු 58, මොහොමඩ් ශමාස් 31, විශාද් රන්දික 46, ධනංජය ලක්ෂාන් 33, නිමේෂ් විමුක්ති 25, මිලාන් රත්නායක 22, නිශාන් පීරිස් නොදැවී 26, සංතුශ් ගුණතිලක 3/21, රවිඳු ප්‍රනාන්දු 2/41, ධනංජය ලක්ෂාන් 2/26
  • Team Jaffna – පළමු ඉනිම සියලුම දෙනා දැවී 185 (76.4) නිශාන් මධුශ්ක 49, රොන් චන්ද්‍රගුප්ත 34, නිපුන් කරුණානායක 39, මිලාන් රත්නායක 3/43, නිශාන් පීරිස් 2/22, නිමේෂ් විමුක්ති 4/41
  • Team Galle – දෙවැනි ඉනිම කඩුලු 4ක් දැවී 361 (83.1) සංගීත් කුරේ 193, ඔෂඳ ප්‍රනාන්දු 81, පසිඳු සූරියබණ්ඩාර 50, සංතුශ් ගුණතිලක 2/53
  • Team Jaffna – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 106 (65.0) නිපුන් කරුණානායක 42, කමේෂ් නිමාර්ල් 19, ධනංජය ද සිල්වා 86, සංතුශ් ගුණතිලක 36, උදිත් මධුශාන් 2/54, නිශාන් පීරිස් 2/48, නිමේෂ් විමුක්ති 4/57

Team Galle ක්‍රීඩකයන්ට ලකුණු 235ක ජයක්.

Team Dambulla සහ Team Kandy

o ක්‍රීඩාංගණය – රංගිරි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය, දඹුල්ල.

o කාසියේ වාසිය – Team Dambulla

කාසියේ වාසිය දිනා ගනිමින් පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි Team Dambulla ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 311ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් Team Kandy ක්‍රීඩකයෝ කඩුලු 9ක් දැවී ලකුණු 369ක් ලබා ගනිමින් ඉනිම අත් හිටවූවා.

ඒ අනුව ප්‍රතිවාදීන්ට වඩා ලකුණු 58ක් ඉදිරියෙන් සිටි ඔවුන් තම දෙවැනි ඉනිමට පිටියට පිවිසෙමින් සියලුම දෙනා දැවී ලකුණු 388ක් ලබා ගත්තා. ඒ අනුව ජයග්‍රහණය සඳහා ලකුණු 330ක් පිටුපස සිටිමින් තම දෙවැනි ඉනිම ඇරඹූ Team Kandy ක්‍රීඩකයෝ තරගය අවසන් වන විට කඩුලු 9ක් දැවී ලකුණු 209ක් ලබා සිටියා.

පෙර දිනයේ නොදැවී ලකුණු 167ක් ලබා සිටි Team Dambulla කණ්ඩායමේ නායක කමිඳු මෙන්ඩිස් අද ලකුණු 172කට දැවී ගියා. ඒ වෙද්දී ඔහු පන්දු 276කට මුහුණ දී සිටි අතර එම ඉනිමට හතරේ පහර 23ක් එක් කර තිබුණා.

ඔහුට අමතර ව චමිඳු විජේසිංහ පන්දු 111කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 61ක් ලබා සිටියා.

පන්දු යැවීමේ දී වනුජ සහන් ලකුණු 82කට කඩුලු 4ක් දවා ගත්තා. ඊට අමතර ව අශේන් ඩැනියෙල් කඩුලු 3ක් ද සහ කමිල් මිෂාර, ලහිරු කුමාර සහ නිම්සර අතරගල්ල කඩුල්ල බැගින් ද දවා ගත්තා.

Team Kandy දෙවැනි ඉනිමේ දී ආරම්භක පිතිකරු කසුන් විදුර පන්දු 131කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් ලකුණු 63ක් ලබා ගනිමින් ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූවා. ඊට අමතර ව ලහිරු කුමාර පන්දු 80කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 44ක් ලබා සිටියා.

පන්දු යැවීමේ දී දුශාන් හේමන්ත සහ මර්වින් අභිනාෂ් කඩුලු 2 බැගින් දවා ගනිද්දී, සොනාල් දිනූෂ සහ චලන ද සිල්වා කඩුල්ල බැගින් බෙදා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • Team Dambulla – පළමු ඉනිම සියලුම දෙනා දැවී 311 (83.0) රනේෂ් සිල්වා 32, කමිඳු මෙන්ඩිස් 73, සොනාල් දිනූෂ 82, දුශාන් හේමන්ත 30, චමිඳු විජේසිංහ 39, ලසිත් ඇඹුල්දෙණිය 2/67, වනුජ සහන් 6/70
  • Team Kandy – පළමු ඉනිම කඩුලු 9ක් දැවී 369 (94.0) කසුන් විදුර 34, පවන්ත වීරසිංහ 60, සහන් කෝසල 29, සිතාර ගිම්හාන් 94, අහන් වික්‍රමසිංහ 75, වනුජ සහන් නොදැවී 29, මර්වින් අභිනාෂ් 2/77, දුශාන් හේමන්ත 2/53, කමිඳු මෙන්ඩිස් 2/35
  • Team Dambulla – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 388 (102.3) කමිඳු මෙන්ඩිස් නොදැවී 172, සොනාල් දිනූෂ 64, චමිඳු විජේසිංහ නොදැවී 61, වනුජ සහන් 4/82, අශේන් ඩැනියෙල් 3/88
  • Team Kandy – දෙවැනි ඉනිම කඩුලු 9ක් දැවී 209 (77.4) කසුන් විදුර 63, සහන් කෝසල 25, සිතාර ගිම්හාන් 23, අශේන් ඩැනියෙල් 22, ලහිරු කුමාර නොදැවී 44, මර්වින් අභිනාෂ් 2/74, දුශාන් හේමන්ත 2/35

තරගයේ විසඳුමක් නෑ.

තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<