ඉන්දියාව දුන්න තරග තුන තවත් වැඩි වුනේ ඇයි? – SLC නව සභාපති කියයි

242

එළඹෙන ජූලි මාසයේ දී පැවැත්වීමට සැලසුම් කර තිබෙන ඉන්දීය කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය සඳහා ලබාදුන් තරග තුනට වඩා තවත් තරග තුනක් වැඩි කර ගැනීමට අවස්ථාව ලැබුණු බව ශ්‍රී ලංකා ක්‍රිකට් නව සභාපති ශම්මි සිල්වා මහතා ඊයේ (20) පැවති මාධ්‍ය හමුවකදී පවසා සිටියා.

ඉන්දීය කණ්ඩායම මෙරටට පැමිණීමට නියමිතව සිටියේ විස්සයි විස්ස තරග තුනක් සඳහා පමණක් වුවත් එම තරගාවලිය සඳහා එක්දින තරග තුනක් ද ඇතුලත් කර ගනිමින් තරගාවලිය පැවැත්වීමට දෙරටේ ක්‍රිකට් ආයතන එකඟවී තිබෙනවා.

“මේ පාර අපිට ඉන්දියාව දීලා තිබුණේ විස්සයි විස්ස තරග 3 යි. නමුත් අපි තවත් එක්දින තරග 3 ක් ගහන්න කතා කරගත්තා. එතකොට අපිට වැඩිපුර ආදායමක් එනවා. ඒ වගේ සහෝදර රටවලට කතා කරලා අපේ රටට ගෙන්න ගන්න අපි බලාපොරොත්තු වෙනවා. එහෙම තමයි අපි ශ්‍රී ලංකා ක්‍රිකට් ආදායම් තත්ත්වය පවත්වාගෙන යන්න සැලසුම් කරලා තියෙන්නේ” යැයි සඳහන් කර සිටින ශම්මි සිල්වා මහතා පැවසුවා.

තවත් ක්‍රිකට් පුවත්:

ලොව ප්‍රබල පෙළේ ක්‍රිකට් ක්‍රීඩා කරන රටවල් පවා මූල්‍යමය අතින් දැඩි අර්බුදකාරී තත්ත්වයකට මුහුණ දෙමින් සිටි සමයක එල්.පී.එල්. වැනි විස්සයි-විස්ස තරගාවලියක් ඉතාමත් සාර්ථකව රට තුළ පවත්වමින් රුපියල් මිලියන 100 කට අධික ලාභයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත ලබා දීමට කටයුතු කළ ආකාරයෙන්ම ඉදිරි වසර 2 ක කාලය ඇතුළතද මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ ආදායම් තත්ත්වය පවත්වා ගැනීම සඳහා වන සැලසුම් තමන් ඇතුළු කණ්ඩායම සතු වන බව නව ක්‍රිකට් සභාපතිවරයා එහිදී වැඩිදුරටත් අවධාරණය කර සිටියා.

එසේම ඉදිරියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම බංග්ලාදේශය, ඉන්දියාව, එංගලන්තය සමඟ තරග වැදීමට නිමිතව තිබෙනවා. ඊට අමතරව දකුණු අප්‍රිකාව, ස්කොට්ලන්තය සහ ඇෆ්ගනිස්තානය සමඟින් ද ක්‍රිකට් තරගාවලි කිහිපයක් ශ්‍රී ලංකා කණ්ඩායමට ලබාදීම වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අදාළ බලධාරීන් සමඟ සාකච්ඡා කරමින් සිටින බවද වාර්තා වනවා.

දැනට තහවුරු වී තිබෙන පරිදි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට තිබෙන ඉදිරි තරගාවලි මෙසේයි,

ශ්‍රී ලංකා කණ්ඩායමේ බංග්ලාදේශ තරග සංචාරය 2021

මැයි 23 – පළමු එක්දින තරගය – ඩකා හිදී 

මැයි 25 – දෙවන එක්දින තරගය – ඩකා හිදී 

මැයි  28 – තෙවන එක්දින තරගය – ඩකා හිදී 

ශ්‍රී ලංකා කණ්ඩායමේ එංගලන්ත තරග සංචාරය 2021

ජුනි 23 – පළමු විස්සයි විස්ස තරගය – Cardiff

ජුනි 24 – දෙවන විස්සයි විස්ස තරගය – Cardiff

ජුනි 26 – තුන්වන විස්සයි විස්ස තරගය – Southampton හිදී

ජුනි 29 – පළමු එක්දින තරගය – Durham

ජූලි 1 – දෙවන එක්දින තරගය – London

ජූලි 4 – තෙවන එක්දින තරගය – Bristol

ඉන්දීය කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය  2021

ජූලි 13 – පළමු එක්දින තරගය – කොළඹදී

ජූලි 16 – දෙවන එක්දින තරගය – කොළඹදී

ජූලි 19 – තෙවන එක්දින තරගය – කොළඹදී

ජූලි 22 – පළමු විස්සයි විස්ස තරගය – කොළඹදී

ජූලි 24 – දෙවන විස්සයි විස්ස තරගය – කොළඹදී

ජූලි 27 – තෙවන විස්සයි විස්ස තරගය – කොළඹදී

2021 ICC ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය – ඔක්තෝම්බර් – නොවැම්බර්

ශ්‍රී ලංකා කණ්ඩායමේ ඕස්ට්‍රේලියානු තරග සංචාරය 2022

පළමු විස්සයි විස්ස තරගය – පෙබරවාරි 11 – Sydney

දෙවැනි විස්සයි විස්ස තරගය – පෙබරවාරි 13 – Brisbane 

තෙවැනි විස්සයි විස්ස තරගය – පෙබරවාරි 15 – Queensland

සිව්වැනි විස්සයි විස්ස තරගය – පෙබරවාරි 18 – Adelaide Oval

පස්වැනි විස්සයි විස්ස තරගය – පෙබරවාරි 20 – MCG 

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මේ වන විට බංග්ලාදේශය සමඟ පැවැත්වෙන එක්දින තරග තුන ක්‍රීඩා කිරීම වෙනුවෙන් බංග්ලාදේශය බලා පිටත්ව ගොස් තිබෙන අතර එම තරගාවලිය මේ මස 23 වැනිදා ඩකා හිදී ආරම්භ වනවා. එහි සියලු තොරතුරු ඔබ වෙතට රැගෙන ඒමට ThePapare.com සූදානමින්. රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<