ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major Club සිව් දින ක්‍රිකට් තරගාවලිය අද (19) ආරම්භ වූ අතර නිමා වූ පළමු දිනයේ ම ශතක 5ක් එක් වූ අතර, ඒ අතුරින් CCC කණ්ඩායමේ ආරම්භක වමත් පිතිකරු සරිත් සුදීන තම පළමු පෙළ මංගල තරගයේ දී ම ශතයක් වාර්තා කරමින් දිනයේ කැපී පෙණෙන පිතිකරු බවට පත් වීමට සමත් වුණා.
ඔහු මෙම දක්ෂතා ව සිදු කරන්නේ Tamil Union C & AC කණ්ඩායමට එරෙහිවයි. එහි දී ඔහු පන්දු 91කට මුහුණ දෙමින් හතරේ පහර 17ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 110ක් ලබා ගත්තා.
ඔහුට අමතර ව Nugegoda S & WC කණ්ඩායමේ ලොහාන් ද සොයිසා සහ අක්රම් මුතාලිබ් NCC කණ්ඩායමට එරෙහි ව ශතක වාර්තා කළා. ඒ අතුරින් ඉනිම ආරම්භ කළ ලොහාන් ද සොයිසා පන්දු 188කට මුහුණ දෙමින් හතරේ පහර 16ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 144ක් ලබා ගත් අතර අක්රම් මුතාලිබ් පන්දු 184කට මුහුණ දෙමින් හතරේ පහර 12ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 136ක් ලබා ගත්තා.
ඔවුන් දෙදෙනා එක් ව ඉනිමේ 2 වැනි කඩුල්ලට ලකුණු 261ක සබඳතාවක් ද ගොඩ නගනවා.
Police SC කණ්ඩායමේ තිලකරත්න සම්පත් Baduraliya CC කණ්ඩායමට එරෙහි ව පන්දු 279කට මුහුණ දෙමින් හතරේ පහර 19ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 169ක් ලබා ගත් අතර ඔහු දුලාශ් උදයංග හා එක් ව 2 වැනි කඩුල්ලට ලකුණු 224ක සබඳතාවක් ද ගොඩ නගනවා. එහි දී දුලාශ් උදයංග පන්දු 225කට මුහුණ දෙමින් හතරේ පහර 13ක් සමඟින් ලකුණු 98ක් ලබා ගන්නවා.
Bloomfield C & AC කණ්ඩායමේ නායක ලහිරු මදුශංක ද ශතකලාභීන් ගේ ලැයිස්තුවට එක් වුණා. ඒ Panadura SC කණ්ඩායමට එරෙහි ව පන්දු 198කට මුහුණ දෙමින් හතරේ පහර 11ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 119ක් ලබා ගනිමින්.
ඔවුන්ට අමතර ව Nugegoda S & WC කණ්ඩායමේ කෙවින් පෙරේරා (63), BRC කණ්ඩායමේ හෂාන් දුමිඳු (52), ප්‍රමෝද් මදුවන්ත (58) සහ රමින්ද විජේසූරිය (නොදැවී 85), SSC කණ්ඩායමේ මල්ෂ ප්‍රනාන්දු (නොදැවී 71), CCC කණ්ඩායමේ දුල්නිත් සිගේරා (නොදැවී 77) සහ Bloomfield C & AC කණ්ඩායමේ කසුන් අබේරත්න (80) අර්ධ ශතක ඉනිම් වාර්තා කළා.
පන්දු යැවීමේ දී CCC කණ්ඩායමේ දිලුම් සුදීර Tamil Union C & AC කණ්ඩායමට එරෙහි ව ලකුණු 39කට කඩුලු 4ක් සහ Moors SC කණ්ඩායමේ රමේෂ් මෙන්ඩිස් SSC කණ්ඩායමට එරෙහි ව ලකුණු 65කට කඩුලු 4ක් දවා ගනිමින් දිනයේ පන්දු යවන්නන් අතුරින් කැපී පෙණු දක්ෂතා දැක් වීමට සමත් වූවා.
- ලහිරුට කඩුලු 5ක්; ශ්‍රී ලංකාව තවත් ලකුණු 153ක් පිටුපසින්
- Tier B තෙදින තරගාවලියට දින වෙන් කරයි
- Major Club විස්සයි විස්සෙන් සොයගත් මිණි කැට
- Moors SC ක්‍රීඩකයෝ Major Club එක්දින ශූරතාව බ්‍රේබෲක් පෙදෙසට රැගෙන යයි
- ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ අපරාජිත ව සුපිරි 6 දෙනාගේ වටයට
අද ආරම්භ වූ තරගවල කෙටි ලකුණු පුවරු
Nugegoda S & WC සහ NCC අතර තරගය සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.
කාසියේ වාසිය – NCC
- Nugegoda S & WC – පළමු ඉනිම කඩුලු 4ක් දැවී 383 (88.0) ලොහාන් ද සොයිසා 144, අක්රම් මුතාලිබ් 136, කෙවින් පෙරේරා 63, සම්මු අශාන් නොදැවී 25, කවිඳු පතිරත්න 2/64, ශක්ති උදාර 2/102
Police SC සහ Baduraliya CC අතර තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.
කාසියේ වාසිය – Police SC
- Police SC – පළමු ඉනිම කඩුලු 2ක් දැවී 332 (93.0) අවිශ්ක තරිඳු 20, තිලකරත්න සම්පත් නොදැවී 169, දුලාශ් උදයංග 98, භානුක රාජපක්ෂ නොදැවී 35
Kurunegala YCC සහ BRC අතර තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.
කාසියේ වාසිය – Kurunegala YCC
- BRC – පළමු ඉනිම කඩුලු 5ක් දැවී 256 (90.0) සමින්ද ප්‍රනාන්දු 30, හෂාන් දුමිඳු 52, ප්‍රමෝද් මදුවන්ත 58, රමින්ද විජේසූරිය නොදැවී 85, චාමිකර එදිරිසිංහ 3/77
Moors SC සහ SSC අතර තරගය කොළඹ NCC ක්‍රීඩාංගණයේ දී.
කාසියේ වාසිය – SSC
- SSC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 244 (69.5) ෂෙවෝන් ඩැනියෙල් 41, චරිත් අසලංක 30, දසුන් ශානක 41, මල්ෂ ප්‍රනාන්දු නොදැවී 71, සංතුශ් ගුණතිලක 2/45, රමේෂ් මෙන්ඩිස් 4/65, දුවිඳු තිලකරත්න 3/47
- Moors SC – පළමු ඉනිම කිසිවෙක් නොදැවී 28 (16.0) සිතාර ගිම්හාන් නොදැවී 14, ජනිශ්ක පෙරේරා නොදැවී 14
Moors SC කණ්ඩායම ලකුණු 216ක් පිටුපසින්.
CCC සහ Tamil Union C & AC අතර තරගය පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.
කාසියේ වාසිය – Tamil Union C & AC
- Tamil Union C & AC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 179 (51.5) නවෝද් පරණවිතාන 44, මිනෝද් භානුක 45, තෙවිඳු දික්වැල්ල 33, විශ්ව ප්‍රනාන්දු 3/50, දිලුම් සුදීර 4/39
- CCC – පළමු ඉනිම කඩුල්ලක් දැවී 199 (34.0) සරිත් සුදීන 110, දුල්නිත් සිගේරා නොදැවී 77
CCC කණ්ඩායම ලකුණු 20ක් ඉදිරියෙන්.
Bloomfield C & AC සහ Panadura SC අතර තරගය රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.
කාසියේ වාසිය – Panadura SC
- Bloomfield C & A – පළමු ඉනිම කඩුලු 6ක් දැවී 283 (86.0) කසුන් අබේරත්න 80, ලහිරු මදුශංක නොදැවී 119, ශානික්‍ය දේශප්‍රිය 40, අසංක මනෝජ් 2/64
මෙම තරග සියල්ල ම හෙට (20) 2 වැනි දිනයට ක්‍රියාත්මක වීමට නියමිතයි.
Major Club 04-Day League සිව් දින ක්‍රිකට් තරගාවලියේ සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.





















