රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major Club සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ දී කොළඹ 7, SSC කණ්ඩායමට එරෙහි ව ලකුණු 25ක ජයග්‍රහණයක් ලබා ගත් Moors SC ක්‍රීඩකයෝ එම කුසලානය ප්‍රථම වතාවට බ්‍රේබෲක් පෙදෙසට රැගෙන ගියා.
Moors SC සහ SSC වසර 19කට පසුව නැවතත් අවසන් මහා තරගයකට
මෙම තරගයට පිවිසෙද්දී Moors SC කණ්ඩායම මෙම තරගමාලාවේ මෙතෙක් මෙම ශූරතාව දිනා සිටියේ නැහැ. ඔවුන් 2006/07 සහ 2007 යන තරගවාරයන් හි දී අවසන් මහා තරග සඳහා සුදුසුකම් ලබා ගත්ත ද ඒ අවස්ථා ද්විත්වයේ දී ම ඔවුන්ට සිදු වූයේ අනුශූරතාවෙන් සෑහීමකට පත් වීමටයි. ඒ අතර මෙවර අවසන් මහා තරගයේ දී හමු වූ SSC කණ්ඩායම වෙතින් 2007 වසරේ දී ලත් පරාජය ද තිබෙනවා.
කොළඹ, ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී දිවා/රාත්‍රී තරගයක් ලෙසින් (11දා) පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් SSC කණඩායම් නායකයාගේ ආරාධනාව මත පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි Moors SC කණ්ඩායම සියලුම දෙනා දැවී ලකුණු 260ක් ලබා ගත්තා.
ඊට පිළිතුරු ඉනිමට පිටියට පිවිසි SSC කණඩායමට තවත් පන්දුවක් පමණක් ඉතිරි ව තිබිය දී සියලුම දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 235ක් පමණයි.
SSC කණ්ඩායම
අවිශ්ක ප්‍රනාන්දු (නායක), රොන් චන්ද්‍රගුප්ත, දිනුර කළුපහන, නුවනිඳු ප්‍රනාන්දු, නිපුන් ධනංජය, රනුද සෝමරත්න, විශාද් රන්දික (කඩුලු රකින්නා), කවිඳු නදීශාන්, ප්‍රභාත් ජයසූරිය, මිහිරංග සිල්වා, සහ මල්ශ ප්‍රනාන්දු.
Moors SC කණ්ඩායම
පසිඳු සූරියබණ්ඩාර (නායක), සිතාර ගිම්හාන්, සොහාන් ද ලිවේරා (කඩුලු රකින්නා), සදීර සමරවික්‍රම, ජනිශ්ක පෙරේරා, රමේෂ් මෙන්ඩිස්, මිලාන් රත්නායක, මල්ෂ තරුපති, සන්තුශ් ගුණතිලක, ශිරාන් ප්‍රනාන්දු සහ ඉඳුවර උදේන.
පරාජිත එම ඉනිමේ දී නිපුන් ධනංජය, Moors SC කණඩායම් ක්‍රීඩකයන්ගේ නලලත රැළි නංවමින් පන්දු 112කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 98ක් ලබා ගත්තා.
ශතකයකට ලකුණු 2ක් මෙපිටින් නතර වූ ඔහුගේ ඉනිමේ දී, කවිඳු නදීශාන් ද එක් කර ගනිමින් 7 වැනි කඩුල්ලට පන්දු 100ක දී ලකුණු 94ක සබඳතාවක් ද ගොඩ නගනවා. එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටෙන්නේ කවිඳු නදීශාන් ගේ දැවී යෑමත් සමඟිනුයි. ඔහු ඉනිම හැර යද්දී පන්දු 53කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 44ක් ලබා සිටි අතර SSC ඉනිම ලකුණු 204ක් ව තිබුණා.
ඔහුගේ දැවී යෑමෙන් අනතුරු ව SSC කණ්ඩායම ලකුණු 213ක් තිබිය දී නිපුන් ධනංජය ද දැවී යන අතර ඊට පසුව පිටියට පිවිසි ප්‍රභාත් ජයසූරිය ලකුණු 10කට ද සහ මිහිරංග සිල්වා ලකුණු 12කට ද දැවී ගිය අතර තරගය අවසන් වෙද්දී පිටියේ රැඳී සිටි මල්ශ ප්‍රනාන්දු ලකුණක් ලබා නොදැවී පිටියේ රැඳී සිටියා.
ඊට අමතර ව දිනුර කළුපහන පන්දු 48කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 30ක් ද SSC කණ්ඩායමට එක් කළා.
SSC ඉනිමේ පළමු Power Play අවස්ථාවේ දී ආරම්භක කඩුලු ත්‍රිත්වය දවා ගත් මිලාන් රත්නායක, ප්‍රතිවාදීන්ගේ ගමන බාල කළ අතර එය Moors SC කණ්ඩායමට වාසිදායක ආරම්භයක් බවට පත් වුණා.
කෙසේ වෙතත් කඩුලු දවා ගැනීමේ දී තම 2 වැනි පළමු පෙළ එක්දින තරගයට සහභාගී වූ වමතින් දඟ පන්දු යවන ඉඳුවර උදේන ලකුණු 49කට කඩුලු 4ක් දවා ගනිමින් ඉනිමේ ප්‍රධාන ප්‍රතිවාදී පන්දු යවන්නා බවට පත් වුණා. එම දක්ෂතාව ඔහුගේ එම තරගවල ඉහළ ම දක්ෂතාව බවට ද පත් වුණා.
මිලාන් රත්නායක ද තම පන්දු යැවීම අවසන් කරද්දී ලකුණු 33කට කඩුලු 3ක් දවා ගත් අතර ඊට අමතර ව සංතුශ් ගුණතිලක සහ රමේෂ් මෙන්ඩිස් කඩුල්ල බැගින් දවා ගත්තා.
- Tier B එක්දින ශූරතාව Army SC කණ්ඩායමට
- Lemonade Sixes කුසලානය වේල්ස් කුමරුවන්ට
- Major Club කාන්තා ශූරතාව Baduraliya ට
- ශ්‍රී ලංකාව, තුන්කොන් තරගාවලියකට පාකිස්තානයට
- Bloomfield සහ BRC සම ශූරයන් වෙයි
තරගයේ පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි Moors SC ඉනිමට සාර්ථක ආරම්භයක් ලබා දීමට සිතාර ගිම්හාන් සහ පසිඳු සුරියබණ්ඩාර සමත් වෙනවා. ඔවුන් දෙදෙනා පළමු කඩුල්ලට පන්දු 45ක දී ලකුණු 49ක සබඳතාවක් එක් කරනවා.
එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටෙන්නේ නායක පසිඳු සූරියබණ්ඩාර ගේ දැවී යෑමත් සමඟිනුයි. ඒ වෙද්දී ඔහු පන්දු 14කට මුහුණ දෙමින් ලබා සිටියේ ලකුණු 13ක් පමණයි.
සිතාර ගිම්හාන් 2 වැනි කඩුල්ලට දැවී යද්දී පන්දු 37කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සමඟින් ලකුණු 39ක් ලබා සිටියා.
සොහාන් ද ලිවේරා සහ සදීර සමරවික්‍රම 3 වැනි කඩුල්ලට පන්දු 45ක දී ලකුණු 37ක් එක් කර සිටිය දී සදීර සමරවික්‍රම ද ලකුණු 10කට දැවී යනවා. ඒ වෙද්දී Moors SC ඉනිම කඩුලු 3කට ලකුණු 93ක් තිබූ අතර ඉන් අනතුරු ව එම ඉනිමට තවත් ලකුණු 11ක් වෙද්දී සොහාන් ද ලිවේරා පන්දු 39කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් එක් කළ ලකුණු 29කට ද සහ ජනිශ්ක පෙරේරා පන්දු 20ක දී හතරේ පහර 2ක් සමඟින් එක් කළ ලකුණු 17කට දැවී යනවා.
ඒ වෙද්දී Moors SC ඉනිමේ හරි අඩක් ම දැවී ගොස් ලබා සිටියේ ලකුණු 126ක් පමණයි. මේ වැටී සිටි අසීරු තත්ත්වයෙන් තම කණ්ඩායම ගොඩ නැගීමට රමේෂ් මෙන්ඩිස් සහ මිලාන් රත්නායක දැවැන්ත මෙහෙයුමක් දියත් කරනවා.
ඔවුන්ගේ එම මෙහෙයුම නිමා වෙන්නේ මිලාන් රත්නායක අර්ධ ශතකයට ලකුණු 7ක් මෙපිටින් සිටිය දී දැවී යෑමත් සමඟිනුයි. ඔහු ඒ වෙද්දී පන්දු 61කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 43ක් ලබා සිටි අතර ඔවුන් දෙදෙනා එක් ව 6 වැනි කඩුල්ලට පන්දු 106ක දී එක් කළ ලකුණු සංඛ්‍යාව 79ක්.
ඔහුගේ දැවී යෑමෙන් අනතුරු ව කණ්ඩායමේ බර තම උර මත පටවා ගත් රමේෂ් මෙන්ඩිස්, සන්තුශ් ගුණතිලක (11) හා එක් ව 8 වැනි කඩුල්ලට පන්දු 33ක දී ලකුණු 36ක සබඳතාවක් ද සහ ශිරාන් ප්‍රනාන්දු (4) හා එක් ව ඉනිමේ 9 වැනි කඩුල්ලට පන්දු 15ක දී ලකුණු 15ක සබඳතාවක් ද එක් කරනවා.
රමේෂ් මෙන්ඩිස් 9 වැනි කඩුල්ලට දැවී යද්දී පන්දු 91කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 85ක් ලබා ගනිමින් Moors SC කණ්ඩායමේ වැඩිම ලකුණුලාභියා මෙන් ම එය ඔහුගේ පළමු පෙළ එක්දින තරග පිටියේ ඉහළ ම ලකුණු සංඛ්‍යාව බවට ද පත් කර ගත්තා.
කඩුලු දවා ගැනීමේ දී ප්‍රභාත් ජයසූරිය ලකුණු 44කට කඩුලු 4ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර ඊට අමතර ව මිහිරංග සිල්වා කඩුලු 3ක් ද සහ නිපුන් ධනංජය කඩුල්ලක් ද දවා ගන්නවා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- Moors SC – සියලුම දෙනා දැවී 260 (49.5) සිතාර ගිම්හාන් 39, සොහාන් ද ලිවේරා 29, රමේෂ් මෙන්ඩිස් 85, මිලාන් රත්නායක 43, මිහිරංග සිල්වා 3/36, ප්‍රභාත් ජයසූරිය 4/44
- SSC – සියලුම දෙනා දැවී 235 (49.5) දිනුර කළුපහන 30, නිපුන් ධනංජය 98, කවිඳු නදීශාන් 44, මිලාන් රත්නායක 3/33, ඉඳුවර උදේන 4/49
Moors SC කණ්ඩායමට ලකුණු 25ක ජයක්.
- අවසන් මහා තරගයේ වීරයා – රමේෂ් මෙන්ඩිස් (Moors SC)
- තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නා – ශිරාන් ප්‍රනාන්දු (Moors SC)
- තරගාවලියේ දක්ෂතම පිතිකරු – මොවින් සුබසිංහ (BRC)
- තරගාලියේ වටිනාම ක්‍රීඩකයා – මුදිත ලක්ශාන් (CCC)
දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<






















