සංචාරක ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ මෙරට සංචාරය ආරම්භ කරමින් පැවැත්වෙන 1 වැනි ටෙස්ට් තරගය මේ මස 15 වැනිදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.
ඉන්දීය ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමක් මෙරට සංචාරයක යෙදෙන්නේ 2022 වසරට පසුවයි.
1982 දී පළමු වරට හමුවෙන දෙරට ක්‍රීඩකයෝ එම තරගය නිමා කරන්නේ විසඳුමකින් තොරවයි. අනතුරු ව තවත් අවස්ථා 16ක දී දෙරට ක්‍රීඩකයෝ එකිනෙකා හමුවෙන අතර එහි දී අවස්ථා 10ක දී ඉන්දීය ක්‍රීඩකයෝ ජයග්‍රහණය කරන ලද අතර ශ්‍රී ලංකාවට හිමි වෙන්නේ තරගාවලි ත්‍රිත්වයක ජයග්‍රහණයයි. ඒ 1985, 2001 සහ 2008 වසරවල පැවැති තරගාවලියන් හි දී යි. අනෙකුත් තරගාවලි විසඳුමකින් තොරව අවසන් වෙනවා.
ශ්‍රී ලංකාව ජයග්‍රහණය කර ඇති තරගාවලි ත්‍රිත්වය ම මෙරට සත්කාරකත්වයෙන් පැවැති තරගාවලි වීම විශේෂත්වයක්. ඒ මෙම තරගාවලියේ ද සත්කාරකත්වය මෙරට ට හිමි ව ඇති බැවිනුයි.
කෙසේ වෙතත් ශ්‍රී ලංකාවට ඉන්දියාව හමුවේ වසර 18කින් ටෙස්ට් තරගාවලියක් ජය ගැනීමට හැකි වී නැහැ.
| ඉන්දු – ශ්‍රී ලංකා ටෙස්ට් තරගාවලි පුරාණය | ||||
| සත්කාරකත්වය | තරග | ප්‍රතිඵලය | තරග කාලය | |
| 1 | ඉන්දියාව | 1 | විසඳුමකින් තොරයි. (0-0) | 1982/93 |
| 2 | ශ්‍රී ලංකාව | 3 | ශ්‍රී ලංකාවට තරග 1-0ක ජයක්. | 1985 |
| 3 | ඉන්දියාව | 3 | ඉන්දියාවට තරග 2-0ක ජයක්. | 1986/87 |
| 4 | ඉන්දියාව | 1 | ඉන්දියාවට තරග 1-0ක ජයක්. | 1990/91 |
| 5 | ශ්‍රී ලංකාව | 3 | ඉන්දියාවට තරග 1-0ක ජයක්. | 1993 |
| 6 | ඉන්දියාව | 3 | ඉන්දියාවට තරග 3-0ක ජයක්. | 1993/94 |
| 7 | ශ්‍රී ලංකාව | 2 | විසඳුමකින් තොරයි. | 1997 |
| 8 | ඉන්දියාව | 3 | විසඳුමකින් තොරයි. | 1997/98 |
| 9 | ශ්‍රී ලංකාව | 3 | ශ්‍රී ලංකාවට තරග 2-1ක ජයක්. | 2001 |
| 10 | ඉන්දියාව | 3 | ඉන්දියාවට තරග 2-0ක ජයක්. | 2005/06 |
| 11 | ශ්‍රී ලංකාව | 3 | ශ්‍රී ලංකාවට තරග 2-1ක ජයක්. | 2008 |
| 12 | ඉන්දියාව | 3 | ඉන්දියාවට තරග 2-0ක ජයක්. | 2009/10 |
| 13 | ශ්‍රී ලංකාව | 3 | විසඳුමකින් තොරයි. (1-1) | 2010 |
| 14 | ශ්‍රී ලංකාව | 3 | ඉන්දියාවට තරග 2-1ක ජයක්. | 2015 |
| 15 | ශ්‍රී ලංකාව | 3 | ඉන්දියාවට තරග 3-0ක ජයක්. | 2017 |
| 16 | ඉන්දියාව | 3 | ඉන්දියාවට තරග 1-0ක ජයක්. | 2017/18 |
| 17 | ඉන්දියාව | 2 | ඉන්දියාවට තරග 2-0ක ජයක්. | 2021/22 |
මෙම තරගාවලි 17 තුළ දෙරට ක්‍රීඩකයෝ මෙතෙක් ටෙස්ට් තරග 46කට සහභාගී වී ඇති අතර ඉන් තරග 22ක ජයග්‍රහණ හිමිකර ගෙන තිබෙන්නේ ඉන්දියාවයි. ශ්‍රී ලංකාවට ටෙස්ට් තරග 7ක ජයග්‍රහණ හිමි ව ඇති අතර අනෙක් තරග 17 අවසන් ව ඇත්තේ විසඳුමකින් තොරවයි.
මේ අතුරින් සත්කාරක ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට 2015 වසරෙන් පසුව තරග ජයග්‍රහණයක් ලබා ගැනීමට හැකි වී නැහැ. එම දශකයක පමණ ඉතිහාසය තුළ තවත් තරග 10ක් පවත්වා ඇති අතර ඉන් තරග 8ක ජයග්‍රහණ ඉන්දියාව සතු කර ගන්නා ලද අතර ඉතිරි තරග නිමා වී ඇත්තේ ජය පරාජයකින් තොරවයි.
- යොවුන් පිටිය බැබළවූ සඳරු, හිරාන්, මල්ෂ සහ තරුශ්ක
- පැතුම් සහ චමරි සම්මාන වැස්සකට හසුවෙයි
- Galle Gallants, LPL අදියර 3ක වාඩුව ගනී
- ඉමේෂා දුලානි මංගල T20 ශතකය රැස් කරයි
- ඉන්දීය යෞවනයෝ තරගාවලිය 1-0කින් ජය ගනී
ඉන්දු – ශ්‍රී ලංකා ටෙස්ට් තරග ඉතිහාසයේ සුවිශේෂී කඩඉම්
952/6 : 1997 වසරේ දී කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම විසින් රැස් කරන ලද මෙම ලකුණු සංඛ්‍යාව කණ්ඩායමක් විසින් රැස් කරන ලද වැඩිම ලකුණු සංඛ්‍යාවයි.
726/9 : 2009 වසරේ දී ඉන්දීය කණ්ඩායම Brabourne හි දී රැස් කරන ලද මෙම ලකුණු සංඛ්‍යාව ඉන්දීය කණ්ඩායමක් විසින් වාර්තා කරන ලද ඉහළ ම ලකුණු සංඛ්‍යාවයි.
82/10 : 1990 වසරේ දී Chandigarh හි දී ශ්‍රී ලංකා කණ්ඩායම දැවී ගිය මෙම ලකුණු සංඛ්‍යාව දෙරට ටෙස්ට් තරග ඉතිහාසයේ කණ්ඩායමක් දැවී ගිය අඩු ම ලකුණු සංඛ්‍යාවයි.
112/10 : 2015 වසරේ දී ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ඉන්දීය කණ්ඩායම දැවී ගිය මෙම ඉනිම ඉන්දීය කණ්ඩායමක් ලබා ගත් අඩු ම ලකුණු සංඛ්‍යාවයි.
1598 : කණ්ඩායම් ද්විත්වය එක් ව ලබා ගත් වැඩිම ලකුණු සංඛ්‍යාව වාර්තා වෙන්නේ 2009 වසරේ දී Ahmedabad හි දී ලබා ගත් මෙම ලකුණු සංඛ්‍යාවයි.
568 : කණ්ඩායම් ද්විත්ව එක් ව ලබා ඇති අඩු ම ලකුණු සංඛ්‍යාව වාර්තා වේනනේ 1990 වසරේ Chandigarh හි දී ලබා ගත් මෙම ලකුණු සංඛ්‍යාවයි.
inns & 239 runs : 2008 වසරේ දී ශ්‍රී ලංකා කණ්ඩායම ලබා ගත් මෙම ජයග්‍රහණය දෙරට ඉතිහාසයේ කණ්ඩායමක් ලබා ගත් ඉහළ ම ජයග්‍රහණයයි.
63 runs : ශ්‍රී ලංකා කණ්ඩායම 2015 වසරේ දී ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ලබා ගත් මෙම ජයග්‍රහණය දෙරට ඉතිහාසයේ කණ්ඩායමක් ලබා ගත් අඩු ම ලකුණු සංඛ්‍යාවක් සහිත වූ ජයග්‍රහණයයි.
58 : ඉන්දීය කණ්ඩායම 1997 වසරේ දී කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාගණයේ දී ලබා දුන් මෙම ලකුණු සංඛ්‍යාව දෙරට තරග ඉතිහාසයේ කණ්ඩායමක් ලබා දුන් වැඩි ම අතිරේක ලකුණු සංඛ්‍යාවයි.
1995 : දෙරට ඉතිහාසයේ වැඩිම ලකුණු සංඛ්‍යාවක් වාර්තා කළ පිතිකරු බවට පත් ව සිටින්නේ ඉන්දියාවේ Sachin Tendulkar.
| ඉන්දු – ශ්‍රී ලංකා ටෙස්ට් තරග ඉතිහාසයේ වැඩිම ලකුණුලාභීන් 5 දෙනා | ||||||||||
| Player | Span | Mat | Inn | NO | Runs | HS | Ave | 100 | 50 | |
| 1 | Sachin Tendulkar | 1990-2010 | 25 | 36 | 3 | 1995 | 203 | 60.45 | 9 | 6 |
| 2 | මහේල ජයවර්ධන | 1997-2010 | 18 | 28 | 1 | 1822 | 275 | 67.48 | 6 | 8 |
| 3 | Rahul Dravid | 1997-2010 | 20 | 32 | 1 | 1508 | 177 | 48.64 | 3 | 9 |
| 4 | කුමාර් සංගක්කාර | 2001-2015 | 17 | 28 | 2 | 1352 | 219 | 52.00 | 5 | 2 |
| 5 | අරවින්ද ද සිල්වා | 1985-1999 | 19 | 32 | 2 | 1252 | 148 | 41.73 | 5 | 3 |
340 : දෙරට තරග ඉතිහාසයේ ඉනිමක වැඩිම ලකුණු ලබා ගත් පිතිකරු වෙන්නේ සනත් ජයසූරිය. ඔහුගේ මෙම ඉනිම 1997 වසරේ දී කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී වාර්තා වූ අතර ඊට පන්දු 578ක් වැය වී තිබූ අතර ඊට හතරේ පහර 36ක් සහ හයේ පහර 2ක් ඇතුලත් ව තිබුණා.
ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් ඉනිමක වැඩිම ලකුණු ලබා ගත් පිතිකරු වෙන්නේ Virender Sehwag. ඔහු 1997 වසරේ දී Brabourne හි දී පන්දු 254කට මුහුණ දෙමින් හතරේ පහර 40ක් සහ හයේ පහර 7ක් සමඟින් ලකුණු 293ක් ලබා ගනිමින් එහි පළමු වැනියා බවට පත් ව සිටිනවා.
9x100s : තරග ඉතිහාසයේ වැඩිම ශතකලාභියා වෙන්නේ ඉන්දියාවේ Sachin Tendulkar. මෙහි ශ්‍රී ලංකා වාර්තාව සතු වෙන්නේ මහේල ජයවර්ධන සතුවයි. ඔහු ශතක 6ක් ලබා සිටිනවා.
50+ : දෙරට තරග ඉතිහාසයේ ලකුණු 50ට වැඩි ඉනිම් වැඩිම සංඛ්‍යාවක් වාර්තා කිරීමේ ගෞරවය ද හිමි වෙන්නේ ඉන්දියාවේ Sachin Tendulkarට. එහි ශ්‍රී ලංකා වාර්තාවේ හිමිකාරීත්වය මහේල ජයවර්ධන ම සතු වෙනවා. ඔහු එවැනි ඉනිම් 14ක් රැස් කරගෙන තිබෙනවා.
18x6s : තරග ඉතිහාසයේ වැඩිම හයේ පහර එල්ල කළ ක්‍රීඩකයා බවට පත් ව සිටින්නේ Navjot Sidhu. එම වාර්තාවේ ශ්‍රී ලංකා වාර්තාව සතු වෙන්නේ ඇන්ජලෝ මැතිව්ස්. ඔහු ලබා ඇති හයේ පහර සංඛ්‍යාව 16ක්.
610 : එක් තරගාවලියක දී වැඩිම ලකුණු ලබා ගත් පිතිකරු බවට පත් ව සිටින්නේ ඉන්දියාවේ Virat Kohli. ඔහු 2017/18 ඉන්දියාවේ දී පැවැති තරගාවලියේ දී තරග 3ක ඉනිම් 5ක දී ශතක 3ක් සහ අර්ධ ශතකයක් සමඟින් මෙම ලකුණු සංඛ්‍යාව වාර්තා කරනවා.
මෙම වාර්තාවේ ශ්‍රී ලංකා පිතිකරුවන් අතුරින් ඉහළින් ම ලියැවෙන්නේ සනත් ජයසූරිය ගේ නම. ඔහු 1997 වසරේ මෙරට දී පැවැති තරගාවලියේ දී තරග 2ක ඉනිම් 3ක දී ශතක ද්විත්වයක් සමඟින් ලකුණු 571ක් ලබා ගනිමින් මෙම වාර්තාවට හිමිකම් කියනවා.
105 : දෙරට ඉතිහාසයේ වැඩිම කඩුලුලාභී පන්දු යවන්නා බවට පත් ව සිටින්නේ ශ්‍රී ලංකාවේ මුත්තයියා මුරලිදරන්.
| ඉන්දු – ශ්‍රී ලංකා ටෙස්ට් තරග ඉතිහාසයේ වැඩිම කඩුලුලාභීන් 5 දෙනා | |||||||||||
| Player | Span | Mat | Inns | Overs | Md | Runs | Wkts | BBI | 4 | 5 | |
| 1 | මුත්තයියා මුරලිදරන් | 1993-2010 | 22 | 32 | 1170.0 | 222 | 3425 | 105 | 8/87 | 4 | 7 |
| 2 | Anil Kumble | 1993-2008 | 18 | 28 | 862.1 | 193 | 2309 | 74 | 7/59 | 3 | 4 |
| 3 | Ravichandran Ashwin | 2015-2022 | 11 | 21 | 453.4 | 87 | 1360 | 62 | 6/46 | 7 | 3 |
| 4 | Harbhajan Singh | 1999-2015 | 16 | 26 | 664.2 | 96 | 2108 | 53 | 7/62 | 2 | 2 |
| 5 | Kapil Dev | 1982-1994 | 14 | 26 | 452.3 | 128 | 1195 | 45 | 5/110 | 2 | 1 |
8/87 : දෙරට තරග ඉතිහාසයේ ඉනිමක හොඳම පන්දු යැවීම වාර්තා කරන්නේ 2001 වසරේ දී කොළඹ SSC ක්‍රීඩාංගණයේ දී මුත්තයියා මුරලිදරන් පෑ දක්ෂතාවයි.
එහි ඉන්දීය වාර්තාවේ හිමිකරු වෙන්නේ 2015 වසරේ දී ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී Maninder Singh ලකුණු 48කට දවා ගත් කඩුලු 7යි.
11/110 : තරගයක හොඳම පන්දු යැවීම වාර්තාවේ හිමිකාරීත්වයත් මුත්තයියා මුරලිදරන් සතු වෙනවා. ඔහු 2008 වසරේ දී කොළඹ SSC ක්‍රීඩාංගණයේ දී පළමු ඉනිමේ ලකුණු 84කට කඩුලු 5ක් දවා ගනිමින් ද සහ 2 වැනි ඉනිමේ දි ලකුණු 26කට කඩුලු 6ක් දවා ගනිමින් මෙම දක්ෂතාව දක්වනවා.
576 : දෙරට ඉතිහාසයේ ඕනෑ ම කඩුල්ලක් සඳහා වන වාර්තාව හිමි වෙන්නේ ශ්‍රී ලංකාවේ රොෂාන් මහානාමට සහ සනත් ජයසූරියට. ඔවුන් දෙදෙනා 1997 වසරේ දී 2 වැනි කඩුල්ලට එක් වෙමින් එම වාර්තාව පිහිටුවනවා.
25 : දෙරට ඉතිහාසයේ වැඩිම තරග ප්‍රමාණයකට සහභාගී වූ ක්‍රීඩකයා වෙන්නේ ඉන්දියාවේ Sachin Tendulkar.
13 : දෙරට ඉතිහාසයේ වැඩිම අවස්ථා ගණනක දී කණ්ඩායම් මෙහෙයවීමේ නායකත්වයේ කටයුතු කර ඇත්තේ අර්ජුන රණතුංග.
ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ මෙරට සංචාරයේ උණුසුම් තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<






















