ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව කාන්තා එක්දින ක්‍රිකට් කණ්ඩායම් අතර පළමු ස්ථානයේ පසුවෙන ඕස්ට්‍රේලියා කාන්තා ක්‍රිකට් කණ්ඩායම එළැඹෙන දෙසැම්බර් මාසයේ දී මෙරට සංචාරයක නිරත වීමට නියමිතයි.
මෙම තරගාවලිය සඳහා එක්දින ජාත්‍යන්තර තරග ත්‍රිත්වයක් පමණක් ඇතුලත් අතර සියලු තරග රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී යි පැවැත්වීමට නියමිත ව ඇත්තේ.
මෙම තරග ත්‍රිත්වය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මඟින් සංවිධානය කරන ICC Women’s Championship 2025–2029 ක්‍රිකට් තරගාවලියට අයත් තරගයි.
ඔවුන් මෙම තරග සංචාරයට එක් වෙන්නේ එළැඹෙන ඔක්තෝබර් මාසයේ දී එරට දී බංග්ලාදේශය සමඟින් එක්දින ජාත්‍යන්තර තරග ත්‍රිත්වයකට ද සහ එම මාසයේ දී ම නවසිලන්තය සමඟින් විස්සයි විස්ස ජාත්‍යන්තර තරග ත්‍රිත්වයකට ද සහභාගී වීමෙන් අනතුරුවයි.
- ශ්‍රී ලංකා කාන්තාවන්ට මෙවරත් රිදී පදක්කම
- චමරිලා ආසියානු ක්‍රීඩා උළෙලේ රන් පදක්කම් සටනට
- චමුදිලාට පාකිස්තානයේ තුන්කොන් තරගාවලියක්
- ඉන්දියාව නැවතත් ආසියානු ශූරියන් වෙයි
- Moors SC සහ SSC වසර 19කට පසුව නැවතත් අවසන් මහා තරගයකට
ඕස්ට්‍රේලියා කාන්තා ක්‍රිකට් කණ්ඩායමක් මෙරට සංචාරය කරන්නේ 2016 වසරට පසුව වන අතර මේ වෙද්දී දෙරට කණ්ඩායම් එක්දින ජාත්‍යන්තර තරග 11කට සහභාගී වී ඇති අතර එම තරග සියල්ලෙන් ම ජයග්‍රහණය ලබා ඇත්තේ ඕස්ට්‍රේලියා කණ්ඩායමයි.
තරග කාලසටහන
- වැනි එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගය : දෙසැම්බර් මස 15 වැනිදා
- වැනි එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගය : දෙසැම්බර් මස 18 වැනිදා
- වැනි එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගය : දෙසැම්බර් මස 20 වැනිදා
ඕස්ට්‍රේලියා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<




















