පැතුම් සහ චමරි සම්මාන වැස්සකට හසුවෙයි

1
Dialog Sri Lanka Cricket Awards Dialog Axiata PLC

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා මෙන්ම මෙරට ක්‍රීඩාවේ ප්‍රබලතම ප්‍රවර්ධකයා වන Dialog Axiata PLC සමාගමේ පූර්ණ අනුග්‍රහයෙන් පැවැති 2025 Dialog ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන උළෙලේ දී වසරේ දක්ෂතම ක්‍රිකට් ක්‍රීඩකයා ලෙසින් පැතුම් නිස්සංක ද වසරේ දක්ෂතම ක්‍රිකට් ක්‍රීඩිකාව ලෙසින් චමරි අතපත්තු ද පිදුම් ලැබුවා.

>>Major Club එක්දින තරගාවලියට දින වෙන් කරයි<<

කොළඹ Cinnamon Life හිදී (6) පැවැති මෙම සම්මාන උළෙලේ දි වසරේ නැගී එන දක්ෂතම ක්‍රිකට් ක්‍රීඩකයා ලෙසින් කමිල් මිෂාර ද සහ වසරේ නැගි එන දක්ෂතම ක්‍රිකට් ක්‍රීඩිකාව ලෙසින් ඉමේෂා දුලානි ද සම්මානයට පත් වූවා.

මෙම සම්මාන උළෙලේ දී පැතුම් නිස්සංක වසරේ ක්‍රිකට් ක්‍රීඩකයාට අමතර ව වසරේ දක්ෂතම ටෙස්ට්, ජාත්‍යන්තර එක්දින සහ ජාත්‍යන්තර විස්සයි විස්ස යන අංශ ත්‍රිත්වයේ ම දක්ෂතම පිතිකරු ලෙසින් ද සම්මානයට පාත්‍ර වීම විශේෂත්වයක් වූවා.

එමෙන් ම වසරේ දක්ෂතම ක්‍රිකට් ක්‍රීඩිකාව ලෙසින් සම්මානයට පත් චමරි අතපත්තු, එම සම්මානයට අමතර ව වසරේ දක්ෂතම ජාත්‍යන්තර එක්දින පිතිකාරිනිය, වසරේ දක්ෂතම ජාත්‍යන්තර එක්දින තුන් ඉරියව් ක්‍රීඩිකාව, වසරේ දක්ෂතම ජාත්‍යන්තර විස්සයි විස්ස පිතිකාරිනිය, වසරේ දක්ෂතම ජාත්‍යන්තර විස්සයි විස්ස තුන් ඉරියව් ක්‍රීඩිකාව සහ Major Club කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ වසරේ වටිනාම ක්‍රීඩිකාව ලෙසින් ද සම්මාන දිනා ගත්තා.

ඊට අමතර ව දේශීය තරග පිටියේ පෑ දක්ෂතාවන් මත සම්මාන ලැබූවන් අතර පානදුර ක්‍රීඩා සමාජයේ විශේන් හැළඹගේ  Major Club විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ හොඳම පිතිකරු සහ වටිනාම ක්‍රීඩකයා ලෙසින් සම්මාන ද්විත්වයකට හිමිකම් කීවා.

මෙම සම්මාන රාත්‍රියේ දී වසරේ දක්ෂතම ක්‍රිකට් විනිසුරු ලෙසින් රවින්ද්‍ර කොට්ටහච්චි මහතා සම්මාන ලැබූ අතර මයිකල් තිසේරා සහ අනුර තෙන්නකෝන් යන මහත්වරුන් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් කළ සේවය වෙනුවෙන් ජීවිතයේ එක්වරක් පමණක් සම්මානයට හිමිකම් කී අය අතුරින් සම්මානයට පත් වූවා. ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් සිය කාලය සහ ශ්‍රමය වැක කළ ක්‍රීඩා ජනමාධ්‍යෙව්දීන් වෙනුවෙන් පිරිනැමුණ සම්මාන රීමස් ප්‍රනාන්දු සහ කැලුම් ශ්‍රීමාල් යන මහත්වරුන්ට හිමි වූවා.

ජාත්‍යන්තර තරග ඇගයිම් (පිරිමි)

  • වසරේ ක්‍රිකට් ක්‍රීඩකයා – පැතුම් නිස්සංක
  • වසරේ නැගී එන ක්‍රිකට් ක්‍රීඩකයා – කමිල් මිෂාර
  • වසරේ දක්ෂතම ටෙස්ට් පිතිකරු – පැතුම් නිස්සංක
  • වසරේ දක්ෂතම ටෙස්ට් පන්දු යවන්නා – ප්‍රභාත් ජයසූරිය
  • වසරේ දක්ෂතම ටෙස්ට් තුන් ඉරියව් ක්‍රීඩකයා – ධනංජය ද සිල්වා
  • වසරේ දක්ෂතම ජාත්‍යන්තර එක්දින පිතිකරු – චරිත් අසලංක
  • වසරේ දක්ෂතම ජාත්‍යන්තර එක්දින පන්දු යවන්නා – අසිත ප්‍රනාන්දු
  • වසරේ දක්ෂතම ජාත්‍යන්තර එක්දින තුන් ඉරියව් ක්‍රීඩකයා – වනිඳු හසරංග
  • වසරේ දක්ෂතම ජාත්‍යන්තර විස්සයි විස්ස පිතිකරු – පැතුම් නිස්සංක
  • වසරේ දක්ෂතම ජාත්‍යන්තර විස්සයි විස්ස පන්දු යවන්නා – දුශ්මන්ත චමීර
  • වසරේ දක්ෂතම ජාත්‍යන්තර විස්සයි විස්ස තුන් ඉරියව් ක්‍රීඩකයා – දසුන් ශානක
  • ඉමේෂා දුලානි මංගල T20 ශතකය රැස් කරයි
  • විශ්මි සහ හර්ෂිතා වාර්තා පොත් අලුත් කරමින් ශ්‍රී ලංකාව දිනවයි

ජාත්‍යන්තර ඇගයීම් (කාන්තා)

  • වසරේ දක්ෂතම ක්‍රිකට් ක්‍රීඩිකාව – චමරි අතපත්තු
  • වසරේ නැගී එන දක්ෂතම ක්‍රීඩිකාව – ඉමේෂා දුලානි
  • වසරේ දක්ෂතම ජාත්‍යන්තර එක්දින පිතිකාරිනිය – හර්ෂිතා සමරවික්‍රම
  • වසරේ දක්ෂතම ජාත්‍යන්තර එක්දින පන්දු යවන්නිය – චමරි අතපත්තු
  • වසරේ දක්ෂතම ජාත්‍යන්තර එක්දින තුන් ඉරියව් ක්‍රීඩිකාව – චමරි අතපත්තු
  • වසරේ දක්ෂතම ජාත්‍යන්තර විස්සයි විස්ස පිතිකාරිනිය – චමරි අතපත්තු
  • වසරේ දක්ෂතම ජාත්‍යන්තර විස්සයි විස්ස පන්දු යවන්නිය – කවීෂා දිල්හාරි
  • වසරේ දක්ෂතම ජාත්‍යන්තර විස්සයි විස්ස තුන් ඉරියව් ක්‍රීඩිකාව – චමරි අතපත්තු
  • ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ වසර 24කට පසුව පාකිස්තානය පරාජය කරයි
  • ඉන්දීය යෞවනයෝ තරගාවලිය 1-0කින් ජය ගනී

Major Club කාන්තා එක්දින තරගාවලිය – 2025

  • හොඳම පිතිකාරිනිය – හර්ෂිතා සමරවික්‍රම (නාවික හමුදාව)
  • හොඳම පන්දු යවන්නිය – ඉනෝකා රණවීර (නාවික හමුදාව)
  • වසරේ වටිනාම ක්‍රීඩිකාව – චමරි අතපත්තු (Chilaw Marians CC)
  • ශූරතාව – නාවික හමුදා ක්‍රීඩා සමාජය
  • අනුශූරතාව – Chilaw Marians CC

Major Club විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය – 2025

Major Club එක්දින ක්‍රිකට් තරගාවලිය – 2025

Major Club තුන් දින ක්‍රිකට් තරගාවලිය – 2025

  • හොඳම පන්දු යවන්නා – දිලුම් සුදීර (පොලිස් ක්‍රීඩා සමාජය)
  • හොඳම පිතිකරු – ලහිරු උදාර (NCC)
  • වසරේ වටිනාම ක්‍රීඩකයා – වනුජ සහන් (Ace Capital)
  • තරගාවලියේ අනුශූරතාව – Ace Capital
  • තරගාවලියේ ශූරතාව – Colts CC

Dialog Sri Lanka Cricket Awards

Dialog Axiata PLC සමාගම ජාතික කාන්තා සහ පිරිමි ක්‍රිකට් කණ්ඩායම්වල සාඩම්බර අනුග්‍රාහකයා ද වන අතර ඊට අමතර වොලිබෝල් සහ Esports ජාතික කණ්ඩායම්වල ද සාඩම්බර අනුග්‍රාහකයා ලෙසින් කටයුතු කරයි.

එමෙන් ම ශ්‍රී ලංකා විවෘත ගොල්ෆ් ශූරතාවලියේ ද ප්‍රමුඛ අනුග්‍රාහකයා වන ඔවුන් පැරාලිම්පික් කමිටුව සඳහා සක්‍රීය අනුග්‍රාහකත්වය පිරිනැමිම මෙන් ම  ජාතික කනිෂ්ඨ සහ ජ්‍යෙෂ්ඨ නෙට්බෝල් තරගාවලි මෙන්ම පාසල් රග්බි ක්‍රීඩාව ද බල ගැන්වීමට Dialog Axiata PLC සමාගම කටයුතු කරනු ලබයි.

දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<