ඉමේෂා දුලානි මංගල T20 ශතකය රැස් කරයි

Pakistan Women tour of Sri Lanka 2026

2
Pakistan Women tour of Sri Lanka 2026

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ පාකිස්තාන කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන තරග 3කින් යුත් විස්සයි ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියේ 1 වැනි තරගය අද (31) රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී නිමා වූ අතර එහි දී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ ඉමේෂා දුලානි ශතකයක් වාර්තා කිරීමට සමත් වෙනවා.  

>>ශ්‍රී ලංකා – පාකිස්තාන විස්සයි විස්ස තරගාවලිය හෙට සිට

 මෙම තරගයේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් චමුදි ප්‍රබෝධා ද සහ පාකිස්තානය වෙනුවෙන් Eman Naseer සහ Momina Riasat ද පළමු වරට එක්දින ජාත්‍යන්තර වරම් දිනා ගත්තා.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම

 

චමරි අතපත්තු (නායිකාව), ඉමේෂා දුලානි, විශ්මි ගුණරත්න, හර්ෂිතා සමරවික්‍රම, කවීෂා දිල්හාරි, නිලක්ෂිකා සිල්වා, හසිනි පෙරේරා (කඩුලු රකින්නිය), රශ්මිකා සෙව්වන්දි, කාව්‍යා කාවින්දි, සුගන්දිකා කුමාරි සහ චමුදි ප්‍රබෝධා.

පාකිස්තාන කාන්තා ක්‍රිකට් කණ්ඩායම

 

Muneeba Ali (නායිකාව සහ කඩුලු රකින්නිය), Shawaal Zulfiqar, Eman Naseer, Ayesha Zafar, Eyman Fatima, Saira Jabeen, Umm-e-Hani, Nashra Sundhu, Humna Bilal සහ Momina Riasat.

ජයග්‍රාහී ශ්‍රී ලංකා ඉනිමේ දී ආරම්භක දකුණත් පිතිකාරිනී ඉමේෂා දුලානි පන්දු 64කට මුහුණ දෙමින් හතරේ පහර 17ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 101ක් ලබා ගන්නවා. එය ඇයගේ 17ක් වන විස්සයි විස්ස ජාත්‍යන්තර තරග දිවියේ මංගල ශතකයයි.

මේ සමඟින් ඇය චමරි අතපත්තුගෙන් පසුව ශ්‍රී ලංකා විස්සයි විස්ස තරග පිටියට ශතකයක් එක් කළ එක ම ක්‍රීඩිකාව බවට ද පත් වුණා.

මෙම තරගයේ දී ඉමේෂා දුලානි සමඟින් ඉනිම ආරම්භ කරන්නේ චමරි අතපත්තු. ඔවුන් දෙදෙනා එක් ව 1 වැනි කඩුල්ලට පන්දු 43ක දී ලකුණු 78ක සබඳතාවක් එක් කරනවා. එහි දී චමරි අතපත්තු පන්දු 22කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුනු 39ක් ද ලබා ගන්නවා.

එම කඩුල්ලෙන් පසුව නැවත ශ්‍රී ලංකා ඉනිමේ දීර්ඝ කඩුලු සබඳතාවක් වාර්තා වෙන්නේ ඉමේෂා දුලානි හා කවීෂා දිල්හාරි එක් ව 4 වැනි කඩුල්ලට එක් කළ සබඳතාවයි. එහි දී ඔවුන් දෙදෙනා එක් ව පන්දු 36ක දී ලකුනු 52ක් එක් කරනවා. කවීෂා දිල්හාරි පන්දු 14ක දී ලකුණු 11කට දැවී යෑමත් සමඟින් එම සබඳතාව නිමා වෙනවා.

කඩුලු දවා ගැනීමේ දී Nashra Sandhu ලකුණු 25කට කඩුලු 2ක් දවා ගන්නා ලද අතර ඊට අමතර ව Umm E Hani සහ Humna Bilal කඩුල්ල බැගින් දවා ගන්නවා.

මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් පාකිස්තාන ඉනිමට සාර්ථක ආරම්භයක් වාර්තා වෙනවා. ඉනිම ආරම්භ කළ නායිකා Muneeba Ali සහ Shawaal Zulfiqar එක් ව 1 වැනි කඩුල්ලට පන්දු 39ක දී ලකුණු 66ක සබඳතාවක් ද සහ Shawaal Zulfiqar සහ Eman Naseer එක් ව 2 වැනි කඩුල්ලට පන්දු 51ක දී ලුණු 61ක් ද ඔවුන් ලබා ගන්නවා.

එහි දී Muneeba Ali පන්දු 42කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සමඟින් ලකුණු 42ක් ද,  Shawaal Zulfiqar පන්දු 41කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 63ක් ද සහ Eman Naseer පන්දු 27කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 21ක් ද ලබා ගන්නවා.

කඩුලු දවා ගැනීමේ දී කවීෂා දිල්හාරි ලකුණු 36කට කඩුලු 2ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කරනවා. ඊට අමතර ව චමෝදි ප්‍රබෝධා, සුගන්දිකා කුමාරි සහ කාව්‍යා කාවින්දි කඩුල්ල බැගින් දවා ගන්නවා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • පාකිස්තාන කාන්තා ක්‍රිකට් කණ්ඩායම – කඩුලු 7ක් දැවී 176 (20.0)Muneeba Ali42, Shawaal Zulfiqar 63, Eman Naseer 21, කවීෂා දිල්හාරි 2/36
  • ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම – කඩුලු 4ක් දැවී 177 (19.0)ඉමේෂා දුලානි නොදැවී 101, චමරි අතපත්තු 39, Nashra Sandhu2/25

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට කඩුලු 6ක ජයක්.

තරගයේ වීරයා – ඉමේෂා දුලානි (ශ්‍රී ලංකාව)

මෙම තරගාවලියේ 2 වැනි තරගය අගෝස්තු මස 2 වැනිදා එම ක්‍රීඩාංගණයේ දී ම පැවැත්විමට නියමිතයි.

පාකිස්තාන කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ උණුසුම් තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<