Home Sinhala නිශාන්ගේ අර්ධ ශතකයෙන් ශ්‍රී ලංකාවට හොඳ ආරම්භයක්

නිශාන්ගේ අර්ධ ශතකයෙන් ශ්‍රී ලංකාවට හොඳ ආරම්භයක්

එංගලන්ත ලයන්ස් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2023

3411
SLC XI vs England Lions

සංචාරක එංගලන්ත ලයන්ස් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති කණ්ඩායම සමඟ පැවැත්වෙන තෙදින පුහුණු තරගය අද (25) ආරම්භ වුනේ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දීයි.

පළමු දිනය සඳහා තරගය නතර කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා සභාපති කණ්ඩායමේ ක්‍රීඩකයින් කඩුලු දෙකක් දැවී ලකුණු 93ක් ලබාගෙන එංගලන්ත ලයන්ස් පළමු ඉනිමට වඩා ලකුණු 320ක් පිටුපසින් පසුවනවා.

කාසියේ වාසිය දිනා ගත්තේ එංගලන්ත ලයන්ස් නායකයායි. ඔහු පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළා.

තරගයට ක්‍රීඩා කරන කණ්ඩායම්,

  • ලයන්ස් කණ්ඩායම: H Hameed, TB Abell, JJ Bohannon, JJ Carson, SJ Cook, MD Fisher, NN Gilchrist, TJ Haines, T Hartley, JA Haynes, LW James, AZ Lees, L Patterson-White, OG Robinson, JL Smith, JC Tongue.
  • සභාපති කණ්ඩායම: ලසිත් කෲස්පුල්ලේ, ළහිරු උදාර, පසිඳු සූරියබණ්ඩාර, අවිශ්ක තරිඳු, ජනිත් ලියනගේ, සහන් ආරච්චිගේ (නායක), නිමේෂ් විමුක්ති, ඉසිත විජයසුන්දර, කවිඳු පතිරත්න, දුෂාන් හේමන්ත, නිම්සර අතරගල්ල, දුනිත් වෙල්ලාලගේ, නිශාන් මධුශ්ක.

තරගය ආරම්භයේම ප්‍රතිවාදීන්ට හොඳ පීඩනයක් එල්ල කරමින් පළමු කඩුලු ද්විත්වය ලකුණු 18ක් තුළ දවා ගැනීමට කවිඳු පතිරත්නට හැකි වුනා.

නමුත් ඉන්පසුව පිටියේ එක් වූ AZ Lees සහ TB Abell ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට දැඩි ප්‍රහාරයක් එල්ල කරමින් තෙවැනි කඩුල්ල සඳහා ලකුණු 130ක සම්බන්ධතාවක් පිහිටවූ අතර ලකුණු 57ක් ලබා සිටි Abell තරිඳු රත්නායකගේ පන්දුවක් හමුවේ දැවී ගියා.

අගනා ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 97ක් තුළ ලකුණු 103ක් ලබා ගත් Lees තරිඳු රත්නායක හමුවේ පිටියෙන් ඉවත් වන විට එංගලන්ත ලයන්ස් ලකුණු පුවරුව දිස්වුනේ කඩුලු 4ක් දැවී ලකුණු 199ක් ලෙසයි.

පස්වැනි කඩුල්ල සඳහා පිහිටවූ ලකුණු 63ක සම්බන්ධතාව අවසන් කරමින් JJ Bohannon ලකුණු 58කට සහ LW James ලකුණු 24කට දවා ගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායමට තරමක සහනයක් ගෙන ඒමට නිමේෂ් විමුක්තිට හැකි වුනා.

JA Haynes පන්දු 70ක් තුළ නොදැවී ලබා ගත් ලකුණු 64 සහ JL Smith පන්දු 36ක් තුළ ලබා ගත් වේගවත් අර්ධ ශතකය සමඟ පන්දුවාර 67ක් අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 413ක් ලබා ගෙන සිය ඉනිම අත්හිටුවීමට එංගලන්ත ලයන්ස් නායකයා තීරණය කළා.

පන්දු යැවීමේ දී ශ්‍රී ලංකා සභාපතිගේ කණ්ඩායම වෙනුවෙන් කවිඳු පතිරත්න, තරිඳු රත්නායක සහ නිමේෂ් විමුක්ති අතරේ කඩුලු දෙක බැගින් බෙදී ගියා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා සභාපතිගේ කණ්ඩායමේ පළමු කඩුල්ල ලකුණු 47 දී දවා ගැනීමට Patterson-Whiteට හැකි වුනේ ලසිත් කෲස්පුල්ලේ ලකුණු 19කට දවා ගෙනයි.

නිමේෂ් විමුක්ති හට ද එතරම් සාර්ථක වීමට ඉඩ ලබා නොදුන් J Carson විසින් ලකුණු 17කට නිමේෂ්ව දවා ගන්නා විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු දෙකක් දැවී ලකුණු 93ක් ලබා ගෙන සිටියා.

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති කණ්ඩායම වෙනුවෙන් සටන්කාමී ඉනිමක් ක්‍රීඩා කරන නිශාන් මධුශ්ක දිනය අවසානයේ නොදැවී ලකුණු 56යි.

Result


Sri Lanka Board President’s XI
355/9 (72) & 309/6 (50.4)

England Lions
413/8 (67) & 250/10 (47.4)

Batsmen R B 4s 6s SR
Alex Lees st Lahiru Udara b Tharindu Ratnayake 103 97 12 2 106.19
Haseeb Hameed c Dushan Hemantha b Kavindu Pathirathna 0 1 0 0 0.00
Tom Haines lbw b Kavindu Pathirathna 6 5 1 0 120.00
Tom Abell b Tharindu Ratnayake 57 58 11 0 98.28
Josh Bohannon b Nimesh Vimukthi 58 75 7 0 77.33
Lyndon James lbw b Nimesh Vimukthi 24 44 2 0 54.55
Jack Haynes not out 63 56 4 1 112.50
Jamie Smith c Lahiru Udara b Kavindu Nadeeshan 50 34 7 1 147.06
Ollie Robinson b Tharindu Ratnayake 25 24 1 0 104.17


Extras 27 (b 4 , lb 10 , nb 12, w 1, pen 0)
Total 413/8 (67 Overs, RR: 6.16)
Bowling O M R W Econ
Kavindu Pathirathna 7 0 40 2 5.71
Isitha Wijesundera 7 2 14 1 2.00
Nimsara Atharagalla 1.3 0 13 0 10.00
Nimesh Vimukthi 9 0 59 0 6.56
Kalana Perera 7.3 0 30 0 4.11
Sahan Arachchige 2 0 31 0 15.50
Tharindu Ratnayake 15 0 85 2 5.67
Janith Liyanage  8 0 47 2 5.88
Dushan Hemantha 7 0 62 0 8.86
Kavindu Nadeeshan 3 0 18 1 6.00
Batsmen R B 4s 6s SR
Nishan Madushka retired 150 158 24 1 94.94
Lasith Croospulle c Jack Carson b Liam Patterson-White 19 36 2 0 52.78
Nimesh Vimukthi b Jack Carson 17 28 2 1 60.71
Lahiru Udara c Nathan Gilchrist b Jack Carson 93 85 13 2 109.41
Sahan Arachchige c Tom Haines b Liam Patterson-White 25 51 4 0 49.02
Dunith wellalage b Josh Tongue 13 25 3 0 52.00
Janith Liyanage  lbw b Josh Tongue 0 2 0 0 0.00
Pasindu Sooriyabandara lbw b Liam Patterson-White 1 6 0 0 16.67
Avishka Tharindu b Josh Tongue 6 8 1 0 75.00
Nimsara Atharagalla not out 6 24 1 0 25.00
Kavindu Pathirathna not out 4 17 1 0 23.53


Extras 21 (b 8 , lb 0 , nb 8, w 5, pen 0)
Total 355/9 (72 Overs, RR: 4.93)
Bowling O M R W Econ
Sam Cook 11 0 52 0 4.73
Matt Fisher 9.4 2 28 0 2.98
Liam Patterson-White 16 4 80 3 5.00
Jack Carson 14 1 73 2 5.21
Tom Hartley 8 2 40 0 5.00
Josh Tongue 8 2 22 3 2.75
Nathan Gilchrist 5 2 48 0 9.60
Tom Abell 0.2 0 4 0 20.00
Batsmen R B 4s 6s SR
AZ Lees retired 27 22 3 0 122.73
Haseeb Hameed c Isitha Wijesundera b Kavindu Pathirathna 2 10 0 0 20.00
Tom Haines b Sahan Arachchige 13 30 1 0 43.33
Lyndon James b Sahan Arachchige 17 22 2 0 77.27
Liam Patterson-White c & b Nimesh Vimukthi 26 34 3 1 76.47
Ollie Robinson c Isitha Wijesundera b Janith Liyanage  39 25 6 0 156.00
Jamie Smith b Nimesh Vimukthi 13 8 2 0 162.50
Jack Haynes c Dushan Hemantha b Isitha Wijesundera 51 70 5 0 72.86
Tom Abell c Sahan Arachchige b Dushan Hemantha 0 2 0 0 0.00
Josh Bohannon c Lasith Croospulle b Isitha Wijesundera 50 64 4 0 78.12
Tom Hartley not out 1 1 0 0 100.00


Extras 11 (b 2 , lb 5 , nb 3, w 1, pen 0)
Total 250/10 (47.4 Overs, RR: 5.24)
Bowling O M R W Econ
Kavindu Pathirathna 8 0 45 1 5.62
Isitha Wijesundera 4.4 0 16 2 3.64
Sahan Arachchige 7 0 50 2 7.14
Kalana Perera 3 0 10 0 3.33
Janith Liyanage  8 0 45 1 5.62
Nimesh Vimukthi 11 0 46 2 4.18
Dushan Hemantha 5 0 16 1 3.20
Tharindu Ratnayake 1 0 15 0 15.00


Batsmen R B 4s 6s SR
Lasith Croospulle b Tom Hartley 116 84 15 5 138.10
Lahiru Udara b Sam Cook 25 22 4 1 113.64
Avishka Tharindu c Jack Carson b Liam Patterson-White 0 10 0 0 0.00
Sahan Arachchige c & b Jack Carson 22 46 3 0 47.83
Janith Liyanage  c Jack Haynes b Josh Tongue 42 59 7 0 71.19
Dunith wellalage c Sam Cook b Jack Carson 19 35 2 1 54.29
Pasindu Sooriyabandara not out 52 38 7 2 136.84
Dushan Hemantha not out 23 14 2 1 164.29


Extras 10 (b 0 , lb 4 , nb 4, w 2, pen 0)
Total 309/6 (50.4 Overs, RR: 6.1)
Bowling O M R W Econ
Sam Cook 12 2 61 1 5.08
Josh Tongue 9 2 46 1 5.11
Liam Patterson-White 9 1 55 1 6.11
Jack Carson 11 2 72 2 6.55
Tom Hartley 7.4 0 60 1 8.11
Nathan Gilchrist 2 0 11 0 5.50



තරගයේ දෙවැනි දිනය හෙට (26) ක්‍රියාත්මක වන අතර තරගාවලියේ උණුසුම සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<