කොළඹ තරුණයින් මීගමුව ක්‍රීඩකියන් අසරණ කරයි

297
DCL week 2 day 1 - featured image

ඩයලොග් ශූරයින්ගේ පාපන්දු කුසලානයේ දෙවැනි සිතියේ තරග 3ක් ඊයේ (02) පැවැත්විනි. එම තරග වලින් කොළඹ පාපන්දු ක්‍රීඩා සමාජය, ගුවන් හමුදා ක්‍රීඩා සමාජය සහ රිනවුන් ක්‍රීඩා සමාජය ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් විය.

කොළඹ පාපන්දු ක්‍රීඩා සමාජයට එරෙහිව මීගමුව යූත් ක්‍රීඩා සමාජය

ThePapare.com හා සජීවිව විකාශනය වු මෙම තරගය කොළඹ සිටි ලීග් පාපන්දු ක්‍රීඩා පිටියේ පැවති අතර ගෝල 04-00 ලෙස මීගමුව ක්‍රීඩකයින් පරදවා ජය වාර්තා කිරීමට කොළඹ තරුණයින් සමත් විය.

තරගයේ ප්‍රථම අර්ධය නිමාවන විට ඩෑන් ඊටො විසින් 44 වැනි මිනිත්තුවේදි කොළඹ සමාජය වෙනුවෙන් ගෝලයක් වාර්තා කල අතර තරගයේ අවසානය දක්වාම මීගමුව තරුණයින් හට කිසිදු ගෝලයක් වාර්තා කිරීමට කොළඹ සමාජය ඉඩ ප්‍රස්තාව ලබා නොදෙන ලදි.

දෙවන අර්ධයේදි මමාස් යාපෝ 50වැනි මිනිත්තුවේදි දඬුවම් පහරක් සාර්ථක කර ගනිමින්ද, අෆීස් ඔලායෙමි 53වැනි මිනිත්තුවේදි සහ නගුර් මීරා 55 වැනි මිනිත්තුවේදි කොළඹ පාපන්දු සමාජය වෙනුවෙන් ලකුණු රැස් කරන ලදි.

තරගයේදි මීගමුව යූත් ක්‍රීඩා සමාජයේ සතීස් කුමාර් සහ රාජරත්නම් මිනොන් යන ක්‍රීඩකයින් හට කහ කාඩ්පත් නිකුත් කරන ලදි.

ශූරයින්ගේ කුසලානයේ සියළු තොරතුරු සදහා DCL Hub එකට පිවිසෙන්න


ගුවන් හමුදා ක්‍රීඩා සමාජයට එරෙහිව සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජය

දෙවැනි සතියේ තවත් තරගයක් වු මෙය ඒකල ගුවන් හමුදා ක්‍රීඩාංගණයේදි පැවති අතර ගෝල 02-00 කින් ජය ගැනීමට ගුවන් හමුදා භටයින් සමත් විය.

තරගය අාරම්භ වී මිනිත්තු 13ක් යන තැන කවින්දු ඉෂාන් විසින් ගෝලයක් වාර්තා කරන අතර ප්‍රථම අර්ධයේ අවසානය දක්වාම වෙනත් කිසිදු ලකුණක් එකතු කරගැනීමට කණ්ඩායම් දෙකම අපොහොසත් විය.

ඉන් අනතුරුව දෙවන අර්ධය තුලදි තවත් උත්සහක දිනුමක් වාර්තා කිරීමට ඩිල්ෂාන් ෆර්නැන්ඩො සමත් විය. ඒ තරගයේ 66 වැනි මිනිත්තුවේදීය.

තරගයේ 68 වැනි මිනිත්තුවේදි ගුවන් හමුදා ක්‍රීඩක දිමුතු ලක්මාල් ගුණසිංහ වෙත රතු කාඩ් පතක් ලබා දෙන ලදි.

ඉන් අනතුරුව ගුවන් හමුදා ක්‍රීඩක ඩි. කේ. දුමින්ද වෙත සහ සෝන්ඩර්ස් කණ්ඩායමේ චානුක එරංග සහ නිඅන්ගොරන් ඊඩ්ස් හට ද කහ කාඩ්පත් ලබා දෙන ලදි.

පසුගිය ලිපි: තියුණු තරගයක ජය බ්ලූ ස්ටාර් ක්‍රීඩා සමාජයට


රිනවුන් ක්‍රීඩා සමාජයට එරෙහිව සුපර් සන් ක්‍රීඩා සමාජය

දෙවන සතියේ ඊයේ (02) පැවති අවසන් තරගය වු මෙම තරගය ගෝල 03-01 ලෙසින් ජයග්‍රහණය වාර්තා කිරීමට රිනවුන් ක්‍රීඩා සමාජය සමත් විය. තරගය ඊයේ (02) කැළණිය පාපන්දු සංකීර්ණයේදි පැවැත්විය.

තරගය අාරම්භ වී මිනිත්තු 29 ක් වන තැන මොහොමඩ් රිෆ්නාස් විසින් ගෝලයක් වාර්තා කිරීමට සමත් වන අතර ප්‍රථම අර්ධය නිමා වීමට සුළු මොහොතකට මත්තෙන් තවත් ගෝලයක් වාර්තා කිරීමට අෆාම් අක්‍රම් සමත් විය. ඒ 43වැනි මිනිත්තුවේදීය. ප්‍රථම අර්ධයේ ගෝල 2-0 ලෙස පෙරමුන ගැනීමට රිනවුන් ක්‍රීඩා සමාජය සමත් විය.

ඉන්පසුව අැරඹි තරගයේ දෙවැනි අර්ධයේදි ප්‍රථමයෙන්ම ලකුණු රැස් කිරීමට 83 වැනි මිනිත්තුවේදි සුපර් සන් ක්‍රීඩක සෆ්‍රාස් කයිස් සමත් වන අතර ඉන්සුළු මොහොතකට පසුව රිනවුන් ක්‍රීඩක ජොබ් මයිකල් ගෝලයක් වාර්තා කිරීමට සමත් විය. ඒ 85 වැනි මිනිත්තුවේදීය.

තරගයේදි රිනවුන් ක්‍රීඩක ෆසුල් රහුමාන් හට සහ සුපර් සන් ක්‍රීඩකයින් වන මොහොමඩ් ෆයාසිල් සහ නුවන් ප්‍රියංකර යන අයට විනිසුරු වරයා කහ කාඩ්පත් නිකුත් කරන ලදි.

තවත් පුවත් සිංහලෙන්ම කියවන්න – පිවිසෙන්න මුල් පිටුවට

දෙවැනි සතියේ තවත් තරග 5ක් අද (03) පැවැත්වෙන අතර එයින් ජාවා ලේන් සහ පොලිස් ක්‍රීඩා සමාජය අතර තරගය ThePapare.com විසින් සජීවීව විකාශණය කරනු ලබයි.