එංගලන්ත සිංහයින්ට එරෙහි පුහුණු සටනට ශ්‍රී ලංකා සිංහයින් නම් කරයි

එංගලන්ත ලයන්ස් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2023

726

ශ්‍රී ලංකාවට පැමිණ සිටින එංගලන්ත ලයන්ස් ක්‍රිකට් කණ්ඩායමේ සිව්දින තරගාවලියට පෙර පැවැත්වීමට නියමිත තෙදින පුහුණු තරගය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති කණ්ඩායමේ නායකත්වය තුන් ඉරියව් ක්‍රීඩක සහන් ආරච්චිගේට ලබා දී තිබෙනවා.

ක්‍රීඩකයින් 13 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සභාපති කණ්ඩායම සඳහා නවක ක්‍රීඩකයින් රැසක් නම් කර තිබෙන අතර ඒ අතර මෑතක දී ටෙස්ට් වරම් දිනා ගත් දුනිත් වෙල්ලාලගේ ද සිටිනවා. ඒ හැරුණු විට විස්සයි විස්ස ජාත්‍යන්තර වරම් දිනා ගත් ජනිත් ලියනගේ ද කණ්ඩායමට එක්ව සිටිනවා.

මෙම තුන්දින පුහුණු තරගය හෙට (ජනවාරි 25) සිට ලබන 27 වැනිදා දක්වා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

එම තරගයෙන් අනතුරුව ආරම්භ වීමට නියමිත තරග 2කින් සමන්විත සිව්දින තරගාවලිය ජනවාරි 31 වැනිදා සිට ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනු ඇත. එම තරගාවලියෙන් අනතුරුව තරග 3කින් සමන්විත එක්දින තරගාවලිය පෙබරවාරි 15 වැනිදා සිට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම‍: සහන් ආරච්චිගේ (නායක), ලසිත් කෲස්පුල්ලේ, ලහිරු උදාර, පසිඳු සූරියබණ්ඩාර, අවිශ්ක තරිඳු, ජනිත් ලියනගේ, නිමේෂ් විමුක්ති, ඉසිත විජේසුන්දර, කවිඳු පතිරත්න, දුෂාන් හේමන්ත, නිම්සර අතරගල්ල, දුනිත් වෙල්ලාලගේ, නිශාන් මදුශ්ක.

දිනෙන් දින උණුසුම් වන ක්‍රීඩා පිටියේ නවතම තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<