ආර්. ප්‍රේමදාස, පල්ලෙකැලේ ප්‍රේක්ෂකාගාරවල නම් වෙනස් වෙයි

117

ශ්‍රී ලංකාව ලොවට දායාද කළ ශ්‍රේෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයන් කීපදෙනෙකුට උපහාර පිණිස මෙරට ක්‍රිකට් ක්‍රීඩාංගණ කීපයක ප්‍රේක්ෂකාගාර නම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ. 

තවත් ශ්‍රී ලාංකිකයින් තිදෙනෙක්ට T10 වරම්

ලබන වසරේ නොවැම්බර් මස 15 වැනිදා සිට 24 වැනිදා දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීමට නියමිත T10 ක්‍රිකට්….

ඒ අනුව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේ හා මහනුවර පල්ලෙකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ප්‍රේක්ෂකාගාරයන් කීපයක් ඒ අනුව නම් වෙනස් කරනු ඇත. 

මෙම නම් කිරීම් සඳහා හිටපු නායක අර්ජුන රණතුංග, අරවින්ද ද සිල්වා හා මහේල ජයවර්ධනගේ නමින් කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ ප්‍රේක්ෂකාගාර ද, කුමාර් සංගක්කාර හා මුත්තයියා මුරලිදරන්ගේ නමින් මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ ප්‍රේක්ෂකාගාර දෙකක් ද නම් කිරීමට නියමිතය. 

මෙසේ ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ නමින් ක්‍රීඩාංගණ නම් කිරීම පසුගිය කාලය තුල අවස්ථා කීපයක දී ම වාර්තා වූ අතර ඉන්දියාවේ දිල්ලිහි දිස්ත්‍රික් ක්‍රිකට් ආයතනය විසින් ෆෙරෝස් ශාහ් කෝට්ලා ක්‍රීඩාංගණයේ ප්‍රේක්ෂකාගාරයක් විරාත් කෝලිගේ නමින් නම් කර තිබුණි. ඒ විරාත් කෝලි ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ වසර 11කට පසුවය. 

ඉන්දීය ක්‍රිකට් දූෂණ මඩින්න නව සභාපති පොරොන්දු දෙයි

හිටපු ඉන්දීය ක්‍රිකට් නායක සවුරව් ගංගුලි ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති ලෙස තේරී පත් වුනා. අද (23) දිනයේ….

ශ්‍රී ලංකාව තුල ක්‍රිකට් ක්‍රීඩාංගණ ක්‍රීඩකයන් නමින් නම් කර නොමැති අතර ඒවා දේශපාලනඥයින් නමින් නම් කර ඇත. ආර්. ප්‍රේමදාස, පී. සරවනමුත්තු හා මහින්ද ‍රාජපක්ෂ ක්‍රීඩාංගණය ඒ සඳහා නිදසුන්‍ වේ. එවන් වටපිටාවක මෙලෙස ක්‍රීඩකයන්ගේ නමින් ක්‍රීඩාංගණ ප්‍රේක්ෂකාගාර නම් කිරීම විශේෂත්වයකි. 

නමුත් මීට පෙර මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණය මුත්තයියා මුරලිදරන්ගේ නමින් නම් කරන බව මහනුවර පළාත් සභාව විසින් පවසා තිබුණ ද එය තවමත් ස්ථීර කර නැත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<