කවිදුගේ පිත්ත මහින්දයට සවියක් වෙයි

412
U19 Schools Cricket December 26th roundup

සිංගර් කුසාලනයේ B කාණ්ඩයේ තරගයක් ලෙස අද (26) ආරම්භ වූ ගාල්ල මහින්ද විද්‍යාලය හා කොළඹ ලුම්බිණි විද්‍යාලය අතර තරගය කොළඹ කෝල්ට්ස් පිටියේදී පැවැත්විය. එහිදී කාසියේ වාසිය ජයග්‍රහණය කල මහින්ද විද්‍යාලය පළමුව පන්දුවට පහරදෙන ලදි. පළමු දිනය අවසානයේ ලුම්බිණි විද්‍යාලය  තම පළමු ඉණිමට එක් කඩුල්ලක් දැවී ලකුණු 17 ලබාගෙන සිටියි.

පසුගිය ලිපි: පවිත්ගේ කඩුලු ගැනිමත් සමඟින් ජය තෝමසුවන්ට

මහින්ද විද්‍යාලයේ පළමු ඉණිම වෙනුවෙන් දක්ෂ ප්‍රහාරයක් දියත් කල කවිදු එදිවීර මනරම් පහර කිහිපයක්ම සමඟින් ලකුණු 68ක් ලබාගෙන ලකුණු පුවරුව ඉහළ මට්ටමකට ගෙන ඒමට වෑයම් කල අතර ඔහු සමඟින් එක්ව තව තවත් ඉණිම සවිමත් කරමින් ලුම්බිණි පන්දු යවන්නන්ට තර්ජනයක් එල්ල කල කේ. කේ. කෙවින් ලකුණු 27ක් ලබා ගැනීමට සමත් විය. රුවින් පීරිස් ලකුණු 15කට කඩුලු 3ක් දවාගනිමින් ලුම්බිණි විද්‍යාලය පෙරමුණේ තබන ලදි.

ලකුණු 174ට පිළිතුරු ලෙස තම පළමු ඉණිම ආරම්භ කල ලුම්බිණි විද්‍යාලයේ පළමු කඩුල්ල පළමු පන්දුවාර 6ක් තුලම දවාගන්නට මහින්ද විද්‍යාලය සමත් විය.

මහින්ද විද්‍යාලය පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 173 (පන්දුවාර 87.1): කවිදු එදිරිවීර 68, කේ.කේ කෙවින් 27, රැවින් පීරිස් 3/15, විමුක්ති කුලතුංග 3/56, කනිෂ්ක මදුවන්ත 2/27

ලුම්බිණි විද්‍යාලය පළමු ඉණිම (පළමු දිනය අවසානයේ දී) – එක් කඩුල්ලක් දැවී ලකුණු 17 (පන්දුවාර 6):

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට