Nilfer නැවතත් ඩාර්ලි පාරට

927
Nifler Ibrahim

මෙරට දක්ෂ රග්බි පුහුණුකරුවෙකු වන Nilfer Ibrahim මහතා 2021 තරග වාරය සඳහා සාන්ත ජෝසප් විද්‍යාලයීය රග්බි කණ්ඩායමේ පුහුණුකරු ලෙස නැවතත් පත්කර ඇත.

මීට පෙර ද සාන්ත ජෝසප් විද්‍යාලයීය රග්බි කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කළ Nilfer Ibrahim පසුගිය වසරේ දී මහනුවර කිංග්ස්වුඩ් රග්බි කණ්ඩායම සමඟ එක්වෙමින් එම කණ්ඩායම මෙවර තරග වාරයේ ඉහළ දස්කම් අතරට රැගෙන ඒමට සමත් විය.

මෙවර පාසල් රග්බි තරගාවලියේ කිංග්ස්වුඩ් කණ්ඩායම සහභාගි වූ එකම තරගය Nilfer Ibrahimගේ පෙර කණ්ඩායම වූ සාන්ත ජෝසප් විද්‍යාලය අතර පැවති අතර එම තරගයෙන් ලකුණු 24-17ක් ලෙස ජයග්‍රහණය කරන්නට  කිංග්ස්වුඩ් විද්‍යාලයීය කණ්ඩායම සමත් විය.

කෙසේ නමුත් පැතිර ගිය කොරෝනා වසංගත තත්වය නිසාවෙන් පාසල් රග්බි තරගාවලිය දින නියමයකින් තොරව කල් දැමීමට සංවිධායකයින් තීරණය කළේය. මේ වන විටත් එම තරගාවලිය නැවත ආරම්භය පිළිබඳව නිසි තීරණයක් ගෙන නොමැති අතර බොහෝ විට මෙවර තරගාවලිය අවලංගු වීමට ඉඩක් පවතී.

තවත් රග්බි පුවත්:

2017 සිට 2019 දක්වා සාන්ත ජෝසප් විද්‍යාලයීය රග්බි කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කළ ඔහු එම කණ්ඩායම 2017 වසරේ පැවති සභාපති කුසලානයේ අවසන් මහා තරගය කර මෙහෙයවමින් මුල්ම වරට එම එම කුසලානය සාන්ත ජෝසප් කණ්ඩායමට දිනා දීමට මහඟු සේවයක් ඉටු කරන ලදි.

එම ජයග්‍රහණයෙන් පසුව 2018 වසරේ පැවති සත් සාමාජික තරගාවලිය ද ඔහුගේ මගපෙන්වීම යටතේ සාන්ත ජෝසප් කණ්ඩායම දිනා ගත් අතර 2019 වසරේ පැවති පාසල් රග්බි තරගාවලියේ දී සාන්ත ජෝසප් කණ්ඩායම දෙවැන්නා ලෙස තරගාවලිය අවසන් කළේ සිය රග්බි ඉතිහාසය තුළ ලබා ගත් ඉහළම ජයග්‍රහණය ලබා ගනිමිනි.

ඒ අනුව මීළඟ තරග වාරයේ සිට Nilfer Ibrahim සිය පැරණි කණ්ඩායම සමඟින් නැවතත් සිය රාජකාරී කටයුතු ආරම්භ කරනු ඇති අතර 2020 පාසල් රග්බි තරගාවලිය පිළිබඳව ශ්‍රී ලංකා පාසල් රග්බි සම්මේලනය විසින් කිසිදු තීරණයක් මේ දක්වා ගෙන නොමැත.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<