ආසියානු රග්බි මුල් පුටුවකට ශ්‍රී ලාංකිකයෙක්!

391

ආසියානු රග්බි සම්මේලනයේ විධායක කමිටුව සඳහා අසංග සෙනවිරත්න මහතා පත්ව තිබේ. මෙම වසරේ මුල් භාගයේ දී ඉන්දුනීසියානු ජාතික Gondo Gambiro මහතා සිය ධුරයෙන් ඉවත්වීමෙන් පසුව එම ධුරය මේ වන තෙක් පුරප්පාඩුව පැවතිනි. 

ඒ අනුව එම පුරප්පාඩුව සඳහා මෙලෙස අසංග සෙනවිරත්න මහතා පත්කර තිබේ. 

ශ්‍රී ලංකා රග්බි පාපන්දු සම්මේලනය විසින් මෙම තනතුර සඳහා අසංග සෙනවිරත්න මහතා යෝජනා කර ඇත. ඒ අනුව ඒ මහතා නුදුරේ දීම සිය ධුරයේ වැඩ භාරගැනීමට නියමිතය. 

අසංග සෙනවිරත්න මහතා ආසියානු රග්බි සම්මේලනයට ආගන්තුකයෙකු නොවේ. 2013 – 2015 කාලය තුළ ආසියානු රග්බි සම්මේලනයේ මහලේකම් ලෙසද ඒ මහතා කටයුතු කළේය. 

තවත් රග්බි පුවත්

2012 වසරේ සිට 2017 වසර දක්වා ශ්‍රී ලංකා රග්බි පාපන්දු සම්මේලනයේ සභාපති ධුරය හෙබවූ ඒ මහතා මේ වන විට ජාතික ඔලිම්පික් කමිටුවේ උප සභාපති ලෙස කටයුතු කරයි. 

එයට අමතරව පසුගිය ජනවාරි මාසයේ දී ආසියානු රග්බි සම්මේලනයේ තරග කමිටුවේ මුලසුනට පත්වූ එතුමා එතැන් සිට ආසියානු රග්බි සම්මේලනයට ඉටුකළ මෙහෙය අතිමහත්ය. 

සිය අභිමතාර්ථයන් සාර්ථක කරගැනීමට Thepapare.com අපි අසංග සෙනවිරත්න මහතාට මෙලෙස සුභාශිංශන එක්කර සිටින්නෙමු. 

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්නරග්බි පිටුවට <<