19න් පහළ සුපිරි පළාත් ක්‍රිකට් තරගාවලියේ සංචිත නිකුත් වේ

8224

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ අන්තර් පළාත් සුපිරි ක්‍රිකට් තරගාවලියේ දී තරග වදිනු ලබන ක්‍රීඩක සංචිතයන් ශ්‍රී ලංකා ක්‍රිකට් කනිෂ්ඨ තේරීම් කමිටුව විසින් අද (10) දිනයේ දී නිල වශයෙන් මාධ්‍යයට නිකුත් කරන ලදි.

19න් පහළ සුපිරි පළාත් ක්‍රිකට් තරගාවලියට දින තීන්දුයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ අන්තර් පළාත් සුපිරි …

ජූලි මස 16 වැනිදා සිට ජූලි මස 23 වැනිදා දක්වා පැවැත්වෙන මෙම තීරණාත්මක තරගාවලියේ දී දේශීය ක්‍රිකට් පිටියේ සිටින 19න් පහළ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයින් දක්වන දස්කම්, එළඹෙන වසරේ ජනවාරි මස දකුණු අප්‍රිකාවේ දී ආරම්භ වීමට නියමිත 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට හා මේ වසරේ අගෝස්තු අවසානයේ දී පැවැත්වෙන 19න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා තරග වදිනු ලබන ශ්‍රී ලංකා යොවුන් සංචිතය තෝරා ගැනීමට විශාල පිටිවහලක් වනු ඇත.

මෙම තරගාවලියේ කණ්ඩායම් 4 සෑම කණ්ඩායමක් සමඟින්ම එකිනෙකා තරග වදිනු ලබන අතර තරග සියල්ලටම (තරග 3) මුහුණ දුන් පසුව ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථාන දෙකේ සිටින කණ්ඩායම් දෙක අවසන් මහා තරගයට තේරී පත්වන විට, අනෙකුත් කණ්ඩායම් දෙක තරගාවලියේ 3 වැනි හා 4 වැනි ස්ථාන දිනා ගන්නා කණ්ඩායම් තෝරාගැනීම වෙනුවෙන් පැවැත්වෙන තරගය සඳහා ක්‍රීඩා කරනු ඇත. මේ තරග සියල්ලම දිවා තරග ලෙස පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සැලසුම් කර ඇත්තේ 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග සියල්ලම පාහේ දිවා තරග වන නිසාවෙනි.

පසුගිය වසරේ දී ද මෙවන් ආකාරයකම දේශීය යොවුන් පළාත් ක්‍රිකට් තරගාවලියක් පැවැත්වූ අතර එහි ශූරතාවය දිනා ගත්තේ සන්තුෂ් ගුණතිලක ප්‍රමුඛ බස්නාහිර පළාත් මධ්‍යම කණ්ඩායමයි. මෙවර පැවැත්වෙන තරගාවලියේ කොළඹ, මහනුවර, ගාල්ල හා දඹුල්ල යන කණ්ඩායම් හි නායකත්වය පිළිවෙළින් කමිල් මිශාර, රුවින් පීරිස්, තවීෂ අභිෂේක් හා නිපුන් ධනංජය හට ලබා දී ඇත.

2019 ලෝක කුසලානයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ චරිත සහතික

මැයි මස 30 වැනිදා ආරම්භ වූ 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ජූලි මස 14 වැනිදා දක්වා…

තරගාවලියේ ශූරතාවය, අනුශූරතාවය, හොඳම පිතිකරු, හොඳම පන්දු යවන්නා, අවසන් තරගයේ වීරයා හා තරගාවලියේ වීරයා යන ක්‍රීඩකයින් හට තරගාවලිය අවසානයේ මූල්‍යමය ත්‍යාග ප්‍රදානයක් සිදු වේ.

සංචිත

කොළඹ කණ්ඩායම 

කමිල් මිශාර – නායක (කොළඹ රාජකීය විද්‍යාලය), මොහොමඩ් ශමාස් (සහිරා විද්‍යාලය), සොනාල් දිනූෂ (මහානාම විද්‍යාලය), අහන් වික්‍රමසිංහ (කොළඹ රාජකීය විද්‍යාලය), ජොහෑන් ද සිල්වා (මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය), චමිඳු විජේසිංහ (නාලන්දා විද්‍යාලය), සඳරුවන් චින්තක (ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලය), අවිශ්ක ලක්ෂාන් (කළුතර විද්‍යාලය), දිල්මින් රත්නායක (ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය), ප්‍රවීන් සිල්වා (කැලණිය ගුරුකුල විද්‍යාලය), ලහිරු මදුසංක (කොළඹ රාජකීය විද්‍යාලය), කවිඳු පතිරත්න (කොළඹ රාජකීය විද්‍යාලය), ශෙවෝන් ඩැනියල් (මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය), කවීෂ දුලංජන (වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලය), ටශික නිර්මාල් (ලුම්බිණි විද්‍යාලය), ජීවන්ත කුලතුංග (පුහුණුකරු), වසන්ත විජේසූරිය (සහාය පුහුණුකරු), කේ. එච්. නන්දසේන (තේරීම් කමිටු සාමාජික), ඩිල්ශාන් සිල්වා (තේරීම් කමිටු සාමාජික)

අතිරේක ක්‍රීඩකයින් – දිනෙත් සමරවීර (නාලන්දා විද්‍යාලය), කිෂාන් මුණසිංහ (ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය) , සුඛිත ප්‍රසන්න (මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය), ශෙශාන් ප්‍රනාන්දු (කොටහේන සාන්ත බෙනඩික්ට් විද්‍යාලය), පවන්ත වීරසිංහ (කොළඹ මහානාම විද්‍යාලය)

 ගාල්ල කණ්ඩායම 

තවීෂ අභිෂේක් – නායක (රිච්මන්ඩ් විද්‍යාලය), පවන් රත්නායක (කොළඹ මහානාම විද්‍යාලය), නවෝද් පරණවිතාන (මහින්ද විද්‍යාලය), චේතක දෙනුවන් (මාතර සාන්ත සර්වේසස් විද්‍යාලය), මුදිත ලක්ෂාන් (ඩී. එස්. සේනානායක විද්‍යාලය), අශේන් දිල්හාර (පානදුර සාන්ත ජෝන් විද්‍යාලය), සඳුන් මෙන්ඩිස් (රිච්මන්ඩ් විද්‍යාලය), දුනිත් වෙල්ලාලගේ (මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය), රවීන් ද සිල්වා  (නාලන්දා විද්‍යාලය), අම්ෂි ද සිල්වා (රිච්මන්ඩ් විද්‍යාලය), ජිතේෂ් වාසල (නාලන්දා විද්‍යාලය), කවිඳු දිල්හාර (බලපිටිය රේවත විද්‍යාලය), තෙවින් අමරසිංහ (මහනුවර ත්‍රිත්ව විද්‍යාලය), සමිත් ඉසුරු (කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලය), චිහාන් කළිඳු (මාතර සාන්ත සර්වේසස් විද්‍යාලය), චමින්ද කොඩිකාර (පුහුණුකරු), සුරංග විජේනායක (සහාය පුහුණුකරු), ගාමිණී වික්‍රමසිංහ (තේරීම් කමිටු සාමාජික), ෆර්වීස් මහරූෆ් (තේරීම් කමිටු සාමාජික)

අතිරේක ක්‍රීඩකයින් – හසිත රාජපක්ෂ (ධර්මාශෝක විද්‍යාලය), භාග්‍ය එදිරිවීර (මාතර රාහුල විද්‍යාලය) , කේසර නුවන්ත (මාතර සාන්ත සර්වේසස් විද්‍යාලය), ජීවක ශෂීන් (රත්ගම දේවපතිරාජ විද්‍යාලය) , ලෙශාන් කේනුල (ඩී. එස්. සේනානායක විද්‍යාලය)

 මහනුවර කණ්ඩායම

රුවින් පීරිස් – නායක (මහනුවර ත්‍රිත්ව විද්‍යාලය), චමිඳු වික්‍රමසිංහ (මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය) , අවිශ්ක පෙරේරා (නාලන්දා විද්‍යාලය) , උමයංග සුවාරිස් (ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය), රවිඳු රත්නායක (ඉසිපතන විද්‍යාලය), චමෝද් සඳරු (පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලය), අවිශ්ක තරිඳු (වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලය), කවිඳු නදීශාන් (ධර්මාශෝක විද්‍යාලය) , රොහාන් සංජය (කළුතර තිස්ස විද්‍යාලය), සුභානු රාජපක්ෂ (ගාල්ල මහින්ද විද්‍යාලය), මතීෂ පතිරණ (මහනුවර ත්‍රිත්ව විද්‍යාලය), සසිත හිරුනික (කටුගස්තොට සාන්ත අන්තෝනි විද්‍යාලය), අභිෂේක් ආනන්දකුමාර් (මහනුවර ත්‍රිත්ව විද්‍යාලය), ලොහාන් අරෝෂ (ධර්මාශෝක විද්‍යාලය), දුනිත් ජයතුංග (මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය), අමිල පින්නදූව (පුහුණුකරු), සුරංග විජේනායක (සහාය පුහුණුකරු), ගජබා පිටිගල (තේරීම් කමිටු සාමාජික), නිලන්ත රත්නායක (තේරීම් කමිටු සාමාජික)

අතිරේක ක්‍රීඩකයින් – කවිෂ්ක දිල්හාර (මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය), රනුද සෝමරත්න (මහනුවර ත්‍රිත්ව විද්‍යාලය), කල්පන ආධිත්‍ය (ඩී.එස් සේනානායක ජාතික පාසල අම්පාර), පසිඳු දිල්හාර (ත්‍රිකුණාමලය සිංහල විද්‍යාලය), එස්. ශකීර්තන් (මෙතෝදිස්ත විද්‍යාලය මඩකලපුව)

දඹුල්ල කණ්ඩායම 

නිපුන් ධනංජය – නායක  (වෙන්නපුව සාන්ත ජෝසප් වාස් විද්‍යාලය), රවිඳු රශාන්ත ද සිල්වා (ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය), මුදිත ප්‍රේමදාස (කුරුනෑගල මලියදේව විද්‍යාලය), දිනෙත් ජයකොඩි (මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය) , ලේශාන් අමරසිංහ (ඉසිපතන විද්‍යාලය), ලක්ෂාන් ගමගේ (මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය), දිලුම් සුධීර (රිච්මන්ඩ් විද්‍යාලය), අශේන් ඩැනියල් (මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය), විජයකාන්ත් වියස්කාන්ත් (යාපනය මාධ්‍ය මහා විද්‍යාලය), නවීන් ප්‍රනාන්දු (මීගමුව මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය), යසිරු රොද්‍රිගෝ (ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය), සුපුන් සුමනරත්න (කුරුනෑගල මලියදේව විද්‍යාලය), ටී. දිනෝෂන් (යාපනය සාන්ත ජෝන් විද්‍යාලය), නිම්නක ජයතිලක (කටුගස්තොට සාන්ත අන්තෝනි විද්‍යාලය) සුනිල් ප්‍රනාන්දු (පුහුණුකරු), චමින්ද තොටවත්ත (සහාය පුහුණුකරු), රංජන් පරණවිතාන (තේරීම් කමිටු සාමාජික), ඒ. එස්. නිශාන්තන් (තේරීම් කමිටු සාමාජික)

අතිරේක ක්‍රීඩකයින් –  සුධීර වීරරත්න (රත්ගම දේවපතිරාජ විද්‍යාලය), අශ්මික ඉද්දමල්ගොඩ (අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලය), ඩිලාන් ඉෂාර, පසිඳු චාමික (කෝට්ටේ ශ්‍රී සුභූති ජාතික පාසල) , හසින්ත කෞශාන් , ඉයල්අරසන් (යාපනය සාන්ත පැට්‍රික් විද්‍යාලය)

 තරග කාලසටහන

  • ජූලි 16 – කොළඹ හා දඹුල්ල – දඹුල්ලේ දී  
  • ජූලි 16 –  මහනුවර හා ගාල්ල – පල්ලෙකැලේ දී
  • ජූලි 18 – මහනුවර හා කොළඹ  – දඹුල්ලේ දී  
  • ජූලි 18 – දඹුල්ල හා ගාල්ල – පල්ලෙකැලේ දී
  • ජූලි 20 – ගාල්ල හා කොළඹ – දඹුල්ලේ දී  
  • ජූලි 20  – දඹුල්ල හා මහනුවර – පල්ලෙකැලේ දී
  • ජූලි 22 – තෙවැනි හා සිව්වැනි ස්ථාන තෝරාගැනීම වෙනුවෙන් පැවැත්වෙන තරගය – දඹුල්ලේ දී  
  • ජූලි 23 – අවසන් මහා තරගය  – දඹුල්ලේ දී  

මෙම තරගාවලියේ සජීවී විකාශයට අමතරව සියලුම උණුසුම් තතු, තරග සේයා රූ, ලකුණු  සටහන්, තරග වාර්තා ඇතුළු තවත් බොහෝ දෑ ඔබ වෙතට රැගෙන ඒමට ThePapare.com සූදානමින් සිටී.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<