මහානාමයට ඉණිමක හා ලකුණු 4ක් සුපිරි ජයක්

240
Mahanama VS Isipathana

වයස අවුරුදු 19න් පහළ සිංගර් පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් එක් තරඟයක් කොළඹ ඉසිපතන විද්‍යාලය හා කොළඹ මහානාම විද්‍යාලය අතර අද (29) BRC පිටියේදී අවසන් විය. මෙම තරඟයෙන් මහානාම විද්‍යාලය ඉණිමක හා ලකුණු 4ක විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් විය.

පසුගිය ලිපි: මලිඳුගේ ශතකය මහානාමය තියුණු තැනකට ගෙනයයි

කාසියේ වාසිය හිමිකරගත් ඉසිපතන කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කල අතර ඒ අනුව පිටියට පැමිණි ඉසිපතන ක්‍රීඩකයින්ට, සුපුරුදු ලෙස තම රිද්මයට පැමිණීමට ප්‍රතිවාදී මහානාම පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැත. නමුදු ඉසිපතන විද්‍යාලයේ පළමු ඉණිම වෙනුවෙන් පැතුම් නිස්සංක ලකුණු 50ක් සමඟ තම අර්ධ ශතකය සම්පූර්ණ කරගනිමින් පළමු ඉණිම තුල වැඩිම ලකුණු ලාභියා වීමට සමත් විය.

මහානාම විද්‍යාලය වෙනුවෙන් හශාන් සංදීප ලකුණු 19ක් තුල කඩුලු 4ක් දවාලමින් ඉසිපතන විද්‍යාලයේ පළමු ඉණිම ලකුණු 152කට සීමා කිරීමට තම දායකත්වය උපරිමයෙන් ලබා දෙන ලදි.

ඉසිපතන විද්‍යාලයේ පළමු ඉණිම – 152/10 (40.2): පැතුම් නිස්සංක 50, හේශාන් ප්‍රනාන්දු 21, හශාන් සංදීප 4/19, හේශාන් හෙට්ටිආරච්චි 3/40

ඉසිපතන විද්‍යාලයේ ලකුණු 152ක පළමු ඉණිම සඳහා පළමු ඉණිම දියත් කල මහානාම විද්‍යාලය වෙනුවෙන්, පෙර පැවැත්වූ රාජකීය තරගයේ දී ද ශතකයක් ලබාගත් මලිඳු මදුරංග මෙම ඉණිම තුලද ලකුණු 72ක් වාර්තා කරමින් තම දායකත්වය මැනවින් තම කණ්ඩායම වෙත ලබා දීමට සමත් විය. තවද තම තුන් ඉරියව් දස්කම් ප්‍රදර්ශනය කල හේශාන් හෙට්ටිආරච්චි තමා ලබා ගත් කඩුලු 3ට අමතරව තවත් ලකුණු 46ක් මහානාම කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා දායක කරවීමට සමත් විය. අවසානයේ මහානාම කණ්ඩායම තම පළමු ඉණිමට සියලු දෙනා දැවී ලකුණු 240ක් ලබා ගන්නා ලදි.

මහානාම විද්‍යාලයේ පළමු ඉණිම – 240/10 (86.2): මලිදු මදුරංග 72, හේශාන් හෙට්ටිආරච්චි 46, කවිදු මුණසිංහ 30, ගිහාන් මුදලිගේ 20, ලහිරු ඩිල්ශාන් 4/65, නිරංජන වන්නිආරච්චි 2/49, හේශාන් ප්‍රනාන්දු 2/34

ලකුණු 88ක පළමු ඉණිමක අවාසියක් ද ඇතිව තම දෙවන ඉණිම දියත් කල ඉසිපතන කණ්ඩායමට පළමු ඉණිම මෙන් සාර්ථක වීමට හශාන් සංදීප ඇතුළු මහානාම විද්‍යාලයේ පන්දු බල ඇණිය අවසර දුන්නේ නැත. නමුත් ඉසිපතන දෙවන ඉණිම යම් මට්ටමකට හෝ ගෙනඒමට හේශාන් ප්‍රනාන්දු සමත් වූ අතර ඔහු ලකුණු 39කට දැවීයන ලදි. මහේල ද සිල්වා ද, හශාන් සමගින් එක්ව ඉසිපතන ඉණිම බිදවැටීම ඉක්මන් කරවීමට තම ජවය ලබාදෙන ලදි. අවසානයේ මහානාම විද්‍යාලය ඉණිමක හා ලකුණු 4ක සුපිරි හා තියුණු ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් විය.

ඉසිපතන විද්‍යාලයේ දෙවන ඉණිම – 84/10 (21.4): හේශාන් ප්‍රනාන්දු 39, අයන සිරිවර්ධන 26, මහේල ද සිල්වා 3/15, හශාන් සංදීප 3/23, විහාන් මුදලිගේ 3/13

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට