ඔලිම්පික් ශූරයා ජයග්‍රහණයකින් 2021 අරඹයි

106

මීටර් 10,000 සහ 5,000 ඉසව්වන්ගේ ඔලිම්පික් ශූර බ්‍රිතාන්‍ය ක්‍රීඩක Mo Farah මෙම වසරේ සහභාගි වූ මුල්ම තරගය වූ Djibouti අර්ධ මැරතන් තරගය ජයග්‍රහණය කිරීමට සමත් වුනා.

මේ වන විට 37 වියේ පසුවන Farah එම තරගය පැය 1:03:07ක කාලයකින් අවසන් කිරීමට සමත් වූ අතර එහි දෙවැන්නා ලෙස බෙල්ජියම් ක්‍රීඩක Bashir Abdi පළමුවැන්නාට වඩා තත්පර 4ක් පසුපසින් සිට තරගය අවසන් කළා.

මෙම තරගය Farah පසුගිය වසරේ සැප්තැම්බර් මාසයෙන් පසු සහභාගි වූ මුල්ම තරගය වූ අතර එය ජය ගැනීමට ඔහු සමත් වීම කැපී පෙනුණා.

බ්‍රිතාන්‍ය නියෝජනය කරමින් දිගුදුර ධාවන පිටියේ ඉහළ දස්කම් දැක්වූ Farah 2012 ලන්ඩන් ඔලිම්පික් උළෙලේ දී මීටර් 5000 සහ 10,000 ඉසව්වන් ජය ගනිමින් ඔලිම්පික් කිරුළ දිනා ගැනීමට සමත් වුනා.

තවත් මලල ක්‍රීඩා පුවත්:

පසුව 2016 රියෝ ඔලිම්පික් උළෙලේ ද එම ඉසව්වන් ඉහළ දස්කම් දක්වමින් ජය ගැනීමට සමත් වූ Farah නූතන ඔලිම්පික් ඉතිහාසයේ එම ඉසව් නොකඩවා ජය ගත් මුල්ම ක්‍රීඩකයා ලෙස ද ඉතිහාසගත වුනා.

2017 වසරේ දී සුපුරුදු ඉසව් අතහැර මැරතන් ධාවනයට යොමු වූ එහි දී ද ජයග්‍රහණ කිහිපයක් ලැබීමට සමත් වූ නමුත් 2019 වසරේ දී නැවතත් සිය සුපුරුදු ඉසව්වන්ට යොමු වීමට තීරණය කළා.

ඒ අනුව Farah මෙම වසරේ පැවැත්වෙන ටෝකියෝ ඔලිම්පික් උළෙලේ දී සිය කිරුළ රැකගැනීම සඳහා සටන් වැදීමට සූදානමින් පසු වේ.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<