චන්දිමාල් එයි. හේරත් සැක සහිතයි

1370
Chandimal declared fit, Herath

නියුමෝනියා රෝගය වැළඳීම හේතුවෙන් ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල් හට ඉන්දියානු කණ්ඩායම සමඟ පැවති පළමු ටෙස්ට් තරගය අහිමි විය. කෙසේ නමුත් ඔහු මේ වන විට ඉන් සුවය ලබා ඇති අතර ඒ අනුව මේ බ්‍රහස්පතින්දා (අගෝස්තු 03) SSC ක්‍රීඩාංගණයේ දී ආරම්භ වන දෙවන ටෙස්ට් තරගයේ දී ඔහු ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය ලබා දෙනු ඇත.

රංගන හේරත්ගේ ඇඟිල්ලේ අස්ථි බිදීමක් සිදු වී නෑ – ගුරුසිංහ

සංචාරක ඉන්දීය කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර ගාල්ලේ දී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ …

“චන්දිමාල් දෙවන ටෙස්ට් තරගයට සූදානමෙන් ඉන්නේ. ඔහු පසුගිය දින කිහිපයේ දී පුහුණුවීම් කටයුතු සිදු කළා. ඒ අනුව ධනුෂ්ක ගුණතිලක වෙනුවට චන්දිමාල් දෙවන තරගයේ දී ක්‍රීඩා කරනවා.”

තේරීම් කමිටුවේ ප්‍රධානී සනත් ජයසූරිය මහතා ThePapare.com සමඟ අදහස් දක්වමින් පැවසීය.

ගාල්ලේ දී පැවති පළමු ටෙස්ට් තරගයේ දී ලකුණු 304ක දැවැන්ත ජයග්‍රහණයක් වාර්තා කරගනිමින් තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ තරග 1-0ක් ලෙස පෙරමුණ ගැනීමට මේ වන විට ඉන්දියානු කණ්ඩායම සමත්ව සිටියි. කෙසේ නමුත් එම තරගය අතරතුර දී වම් අතේ මහපටඟිල්ල බිඳී යාම හේතුවෙන් ආබාධයකට ලක්වූ අසේල ගුණරත්න වෙනුවට දෙවන තරගයේ දී කණ්ඩායමට ආදේශ කරන්නේ කවුදැයි යන්න සනත් ජයසූරිය ප්‍රමුඛ තේරීම් කමිටුව තවමත් තීරණය කර නොමැත.

එමෙන්ම එම තරගයේ දී චන්දිමාල් වෙනුවට කණ්ඩායමේ නායකත්වය දැරූ රංගන හේරත් ද තරගයේ තෙවන දිනයේ දී වම් අතේ මැදඟිල්ලේ ආබාධයකට ලක්වූ නිසා එතැන් පටන් තරගය ක්‍රීඩා කරේ නැත.

“ඔහුගේ ඇඟිල්ලේ තත්වය තවමත් සම්පූර්ණයෙන් සුව වෙලා නැති නිසා අපිට ඉදිරි දවස් දෙකක වගේ කාලය තුළත් ඒ ගැන බලන්න වෙනවා. නමුත් අපි ඔහුට තරගය සඳහා සූදානම් වෙන්න අවසාන මිනිත්තුව දක්වා කාලය ලබා දෙනවා. තරගයට පෙර දිනයේ දී අපි බලනවා ඔහුට පන්දුව දඟ කවන්න පුළුවන් වෙයිද කියලා. ඒකෙන් ඔහුගේ සහභාගීත්වය ගැන තීරණයක් ගන්න පුළුවන්. ඔහුට වේදනාවකින් තොරව පන්දුව දඟ කවන්න පුළුවන් වුනොත් ඔහු තරගයට ක්‍රීඩා කරනවා. එහෙම නොවුනොත් අපිට වෙනත් විකල්පයකට යන්න සිදු වෙනවා. කෙසේ නමුත් ඔහුගේ ඇඟිල්ලේ ඉදිමීමක් නැහැ. නමුත් ලොකු වේදනාවක් තියෙනවා.”

ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකරු ESPNCricinfo වෙබ් අඩවිය වෙත ඊයේ දිනයේ දී අදහස් දක්වමින් පවසා ඇත.

  තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න –ක්‍රිකට් ක්‍රීඩා පිටුවට