Home Sinhala ශ්‍රී ලංකාවට එරෙහිව එංගලන්තයෙන් සාර්ථක ආරම්භයක්

ශ්‍රී ලංකාවට එරෙහිව එංගලන්තයෙන් සාර්ථක ආරම්භයක්

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමේ එංගලන්ත සංචාරය 2022

3752

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ එංගලන්ත තරග සංචාරයේ දෙවැනි සහ අවසන් යොවුන් ටෙස්ට් තරගය ඊයේ (28) Derby හිදී ආරම්භ වුනා.

දිනය නිමා වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන එංගලන්තය කඩුලු 4ක් දැවී ලකුණු 268ක් ලබාගෙන සිටියා.

කාසියේ වාසිය දිනා ගත් එංගලන්ත 19න් පහළ කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර අභිෂේක් ලියනාරච්චි සහ වේගපන්දු යවන ක්‍රීඩක සහන් මිහිර මේ තරගයේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර ටෙස්ට් වරම් දිනා ගන්නට සමත් වුනා.

තරගයට ක්‍රීඩා කරන කණ්ඩායම්

ශ්‍රී ලංකාව – Abisheak Liyanaarachchi, Asitha Wanninayake, Shevon Daniel, Pawan Pathiraja, Ranuda Somarathne, Lahiru Dawatage †, Raveen de Silva (නායක), Wanuja Sahan, Vinuja Ranpul, Duvindu Ranatunga, Sahan Mihira

එංගලන්තය – Harry Singh, Ben McKinney (නායක), Ross Whitfield, James Rew †, Matthew Hurst, Bertie Foreman, Benjamin Cliff, Stanley McAlindon, Yousef Majid, James Sales, Tom Lawes

පළමු තරගය ජයග්‍රහණය කරමින් ඉතාමත් හොඳ ජයග්‍රාහී මානසිකත්වයක් ඇතිව ශ්‍රී ලංකාව මේ තරගයට අවතීර්ණ වුනා. එංගලන්ත ඉනිම ආරම්භ කරමින් පිටියට පිවිසි Harry Singh සහ Ben McKinney පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 45ක සබඳතාවයක් ගොඩනංවමින් යම් සාර්ථක ආරම්භයක් ලබා ගන්නට සමත් වුනා.

ඉන් අනතුරුව වනුජ සහ දුවිඳු එංගලන්ත පළමු කඩුලු 3 ලකුණු 60ක් වන විට දවා ගැනීමට සමත් වුනු නමුත්, සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 202ක දැවැන්ත සබඳතාවයක් ගොඩනංවමින් එංගලන්ත ලකුණු පුවරුව ස්ථාවර කිරීමට Matthew සහ Harry සමත් වුනා.

කෙසේ නමුත් දකුණතින් වේගපන්දු යවන මිහිර සිය මංගල යොවුන් ටෙස්ට් කඩුල්ල ලෙස 4 පහර 11ක් සමඟින් ලකුණු 116ක් ලබාගෙන සිටි Matthewගේ කඩුල්ල දවා ගැනීමට සමත් වුනු නිසාවෙන් ශ්‍රී ලංකාවට හිසරදයක් වෙමින් ගොඩනැංවුණු එම සබඳතාවයට තිත තැබීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබුණා.

පළමු දිනය අවසන් වන විට දිනය පුරාවට කඩුල්ලේ රැඳී සිටිමින් පිතිකරණයේ නිරත වුනු Harry නොදැවී ලකුණු 98*ක් ලබාගෙන සිය ශතකය ආසන්නයේ සිටින අතර ඔහුගේ ඉනිමට 4 පහර 6ක් දැනට ඇතුළත් වී තිබෙනවා. Foreman නොදැවී ලකුණු 2*යි.

පන්දු යැවීමේ දී වමතින් දඟපන්දු යවන වනුජ කඩුලු 2ක් දවාගෙන දස්කම් දැක්වූ අතර වේගපන්දු යවන ක්‍රීඩකයින් වන දුවිඳු සහ මිහිර අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියා.

Result

Match drawn

England U19
381/10 (122.2) & 249/5 (59.4)

Sri Lanka U19
542/10 (157.1)

Batsmen R B 4s 6s SR
Harry Singh b sahan mihira 104 304 6 0 34.21
Ben McKinney c Asitha Wanninayake b Wanuja Sahan 22 34 3 0 64.71
Ross Whitfield c & b Wanuja Sahan 2 8 0 0 25.00
James Rew c Lahiru Dewatage b Duvindu Ranatunga 9 22 2 0 40.91
Matthew Hurst c Lahiru Dewatage b sahan mihira 116 189 11 0 61.38
Bertie Foreman c Raveen de Silva b Duvindu Ranatunga 10 29 1 0 34.48
James Sales b Vinuja Ranpul 52 66 6 0 78.79
Tom Lawes run out (Duvindu Ranatunga) 10 22 1 0 45.45
Stanley McAlindon c & b Raveen de Silva 20 41 2 0 48.78
Benjamin Cliff c Lahiru Dewatage b Raveen de Silva 2 11 0 0 18.18
Yousef Majid not out 11 12 2 0 91.67


Extras 23 (b 11 , lb 6 , nb 4, w 2, pen 0)
Total 381/10 (122.2 Overs, RR: 3.11)
Bowling O M R W Econ
Vinuja Ranpul 18 1 81 1 4.50
Duvindu Ranatunga 23 4 58 2 2.52
sahan mihira 19 4 75 2 3.95
Wanuja Sahan 31 8 67 2 2.16
Raveen de Silva 23.2 4 56 2 2.41
Shevon Daniel 1 0 2 0 2.00
Asitha Wanninayake 7 1 25 0 3.57
Batsmen R B 4s 6s SR
Asitha Wanninayake b Tom Lawes 4 14 1 0 28.57
Abisheak Liyanaarachchi run out (Bertie Foreman) 49 91 8 0 53.85
Shevon Daniel c Harry Singh b Benjamin Cliff 155 237 25 1 65.40
Pawan Pathiraja c James Rew b Benjamin Cliff 55 155 9 0 35.48
Ranuda Somarathne c Benjamin Cliff b Bertie Foreman 37 67 7 0 55.22
Raveen de Silva lbw b Yousef Majid 74 197 7 1 37.56
Lahiru Dewatage b James Sales 0 6 0 0 0.00
Vinuja Ranpul c Ben McKinney b Yousef Majid 65 108 7 2 60.19
Wanuja Sahan c James Sales b Bertie Foreman 2 10 0 0 20.00
Duvindu Ranatunga c James Sales b Yousef Majid 54 58 8 2 93.10
sahan mihira not out 0 1 0 0 0.00


Extras 47 (b 10 , lb 22 , nb 3, w 12, pen 0)
Total 542/10 (157.1 Overs, RR: 3.45)
Bowling O M R W Econ
Benjamin Cliff 28 3 94 2 3.36
Tom Lawes 18 3 50 1 2.78
Stanley McAlindon 12 1 62 0 5.17
James Sales 20 4 53 1 2.65
Yousef Majid 36.1 10 104 3 2.88
Bertie Foreman 41 8 139 2 3.39
Ben McKinney 2 0 8 0 4.00


Batsmen R B 4s 6s SR
Harry Singh c Asitha Wanninayake b Raveen De Silva 25 57 2 0 43.86
Ben McKinney lbw b Raveen de Silva 74 104 9 0 71.15
Ross Whitfield st Lahiru Dewatage b Shevon Daniel 63 46 5 4 136.96
James Rew not out 34 77 4 0 44.16
Matthew Hurst lbw b Wanuja Sahan 6 14 0 0 42.86
James Sales b Raveen de Silva 1 6 0 0 16.67
Tom Lawes not out 33 55 3 0 60.00


Extras 13 (b 0 , lb 8 , nb 1, w 4, pen 0)
Total 249/5 (59.4 Overs, RR: 4.17)
Bowling O M R W Econ
Duvindu Ranatunga 4 0 26 0 6.50
Wanuja Sahan 17 4 52 1 3.06
sahan mihira 10 0 48 0 4.80
Raveen de Silva 22 2 83 3 3.77
Shevon Daniel 6 0 31 1 5.17
Ranuda Somarathne 0.4 0 1 0 2.50



දෙරට අතර පැවැත්වෙන දෙවැනි යොවුන් ටෙස්ට් තරගයේ දෙවැනි දිනය අදයි (29). තරගාවලියේ සියලුම තොරතුරු සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<