නවසීලන්තයට යන ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය නම් කෙරේ!

Sri Lanka Tour of New Zealand 2023

263

එළඹෙන මාර්තු මාසයේ නවසීලන්තයේ දී පැවැත්වීමට නියමිත තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට සහභාගී වීම සඳහා ක්‍රීඩා සහ තරුණ කටයුතු අමාත්‍ය රොශාන් රණසිංහ මහතාගේ අනුමැතිය සහිත 17 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය අද (24) දිනයේ දී ප්‍රකාශයට පත් කළා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ නවසීලන්ත තරග සංචාරයේ පළමු ටෙස්ට් තරගය මාර්තු 9 වැනිදායින් ආරම්භ වීමට නියමිත අතර, දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය මාර්තු 17 වැනිදායින් පටන් ආරම්භ වීමට නියමිතයි.

ඊට අමතරව තවත් එක්දින ජාත්‍යන්තර තරග තුනක් සහ විස්සයි විස්ස තරග තුනක් ද මෙම තරග සංචාරයේ දී පැවැත්වුණු ඇත.

තරගාවලිය සඳහා නම් කළ ශ්‍රී ලංකා කණ්ඩායම පෙබරවාරි 27 වැනිදා නවසීලන්තය බලා පිටත්ව යාමට නියමිත බව ද මෙම සංචිතය ප්‍රකාශයට පත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ සඳහන් වනවා.

17 දෙනෙකුගෙන් සමන්විත ටෙස්ට් සංචිතය මෙසේයි,

දිමුත් කරුණාරත්න (නායක),ඕෂධ ප්‍රනාන්දු, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, ධනංජය ද සිල්වා, දිනේෂ් චන්දිමාල්, කමිඳු මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල, නිශාන් මදුශ්ක, රමේෂ් මෙන්ඩිස්, ප්‍රභාත් ජයසූරිය, චාමික කරුණාරත්න , කසුන් රාජිත, ලහිරු කුමාර, අසිත ප්‍රනාන්දු, විශ්ව ප්‍රනාන්දු, මිලාන් රත්නායක

ශ්‍රී ලංකා කණ්ඩායමේ නවසීලන්ත තරග සංචාරය පිළිබඳ සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<