ඇෆ්ගනිස්තානයට, වාර්තා කිහිපයක් සමඟින් පෙරළිකාර ජයක්

ICC World Cup Cricket

1629
World Cup Feature

13 වැනි එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තවත් පෙරළිකාර ජයග්‍රහණයක් වාර්තා කිරීමට ඇෆ්ගනිස්තාන ක්‍රීඩකයෝ ඊයේ (24) සමත් වුනා.  

22 වැනි තරගය (දිවා/රාත්‍රී), Chennai, ඔක්තෝබර් 23, 2023, ICC Cricket World Cup 

  • පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය

කාසියේ වාසිය – පාකිස්තානය 

තරගයේ වීරයා – Ibrahim Zadran (ඇෆ්ගනිස්තානය)  

පාකිස්තානය – කඩුලු 7ක් දැවී 283 (50): Abdullah Shafique 58, Babar Azam 74, Saud Shakeel 25, Shadab Khan 40, Iftikhar Ahmed 40, Naveen-ul-Haq 2/52, Noor Ahmad 3/49 

ඇෆ්ගනිස්තානය – කඩුලු 2ක් දැවී 286 (49): Rahmanullah Gurbaz 65, Ibrahim Zadran 87, Rahmat Shah නොදැවී 77, Hashmatullah Shahidi නොදැවී 48, Hasan Ali 1/44 

ඇෆ්ගනිස්තානයට කඩුලු 8ක ජයක්.  

මෙම තරගයේ විසඳුමත් සමඟින් කැපී පෙනෙන සිදුවීම වූයේ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් 4 අතරට පිවිසෙතැයි බොහෝ ක්‍රිකට් විචාරකයන්ගේ ඇගයීමට පත් පාකිස්තානය මේ වන විට ප්‍රසාද ලකුණු පුවරුවේ 5 වැනි ස්ථානයට පත් වීමයි. ඔවුන් මේ වන විට තරග 5ක් අවසන් කරමින් ලබා ඇත්තේ ප්‍රසාද ලකුණු 4ක් පමණයි. ඒ ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්ත කණ්ඩායම් පරාජය කරමින් ලැබූ ලකුණු අනුවයි.

ඇෆ්ගනිස්තානය මේ වන විට සැකසුන ප්‍රසාද ලකුණු පුවරුවේ 6 වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණ තිබෙනවා. පාකිස්තානය සේ ම ඇෆ්ගනිස්තානය ද ප්‍රසාද ලකුණු 4ක් ලබා ඇති අතර ඔවුන්, පාකිස්තානය සහ මීට පෙර එංගලන්තය පරාජය කරමින් මෙම ස්ථානයේ අසුන් ගත්තා. ඔවුන් ද මේ වන විට තරග 5ක් අවසන් කර තිබෙනවා.

මේ වන විට තරග 5ක් අවසන් කර සිටින ඉන්දියාව තරගාවලියේ එක ම අපරාජිත කණ්ඩායම බවට පත් වෙමින් ප්‍රසාද ලකුණු 10ක් ලබා ගනිමින් පළමු ස්ථානයේ අසුන්ගෙන සිටිනවා. තම අවසන් තරගයේ දී ඉන්දියාව හමුවේ පරාජය වූ නවසීලන්තය තරග 5කින් අනතුරුව ප්‍රසාද ලකුණු 8ක් ලබා ගනිමින් 2 වැනි අසුනට හිමිකම් කියනවා.

එහි තෙවැනි සහ සිව්වැනි අසුන් වෙන්කර ගෙන සිටින්නේ තරග 4කට පමණක් සහභාගී වී සිටින දකුණු අප්‍රිකාව සහ ඕස්ට්‍රේලියාවයි. ඔවුන් ලබා ඇති ප්‍රසාද ලකුණු ප්‍රමාණය 4ක්.  

ප්‍රසාද ලකුණු පුවරුවේ ඉහළ අසුන් ඒ ලෙසින් සැකසෙද්දී, මෙම ජයග්‍රහණයත් සමඟ ඇෆ්ගනිස්තාන ක්‍රීඩකයෝ මෙන් ම පරාජික පාකිස්තාන ක්‍රීඩකයෝ ද ක්‍රිකට් වාර්තා කඩඉම් කිහිපයකට ම පිවිසීමට සමත් වීම කැපී පෙනුණා. 

1: ඇෆ්ගනිස්තානය, පාකිස්තානය හමුවේ ලත් පළමු ජාත්‍යන්තර එක්දින ජයග්‍රහණයයි මේ. ඔවුන් මීට පෙර අවස්ථා 7ක දී එකිනෙකා හමුවී ඇති අතර ඒ සෑම තරගයක් ම ජයග්‍රහණය කරන්නේ පාකිස්තානයයි.

ලෝක කුසලාන තරගවල දී දෙරට ක්‍රීඩකයෝ මීට පෙර හමු වී ඇත්තේ එක් අවස්ථාවක දී පමණයි. ඒ 2019 වසරේ දී. එම තරගයේ දී පාකිස්තානය කඩුලු 3කින් ජයග්‍රහණය කිරීමට සමත් වෙනවා.

3: පාකිස්තානය මෙම ලෝක කුසලාන තරගාවලියේ දී මේ වෙද්දී තරග ත්‍රිත්වයක් පරාජය වී තිබෙනවා. ඒ ඉන්දියාව, ඕස්ට්‍රේලියාව සහ ඇෆ්ගනිස්තානය හමුවේයි. ඔවුන් ලෝක කුසලාන තරගාවලියක දී එවැනි පිට පිට තරග ත්‍රිත්වයක දී පරාජය වෙන්නේ 1999 වසරට පසුවයි. එවර ඔවුන් බංග්ලාදේශය, දකුණු අප්‍රිකාව සහ ඉන්දියාව වෙතින් පරාජයට පත් වෙනවා.  

283: ඇෆ්ගනිස්තානය මෙම තරගයේ ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 283ක ඉලක්කයක් හඹා ගිය අතර ඔවුන් 49 වැනි පන්දුවාරය නිමාවේ දී කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 286ක් ලබා ගත්තා. එය ඇෆ්ගනිස්තාන එක්දින ක්‍රිකට් ඉතිහාසයේ හඹාගොස් ජයග්‍රහණය කරන ලද ඉහළ ම ඉලක්කය බවට පත්වුනා.  

ඔවුන් මීට පෙර ප්‍රතිවාදී ඉලක්කයක් හඹා ගොස් ජයග්‍රහණය කර තිබුණේ 2014 වසරේ දී එක්සත් අරාබි එමීර් රාජ්‍යය Dubai ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ලබා ගත් ලකුණු 273යි. එහි දී ඔවුන් පන්දුවාර 49.4ක දී කඩුලු 8ක් දැවී ලකුණු 276ක් ලබා ගනිමින් එම තරගය ජයග්‍රහණය කළා. එවර ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ නායකයා වූයේ, මෙවර ද ඇෆ්ගනිස්තාන කණ්ඩායම කණ්ඩායම නියෝජනය කිරීමට වරම් ලබා සිටින Mohammad Nabi. 

  • ලෝක කුසලාන ක්‍රිකට් ඉතිහාසයේ පාකිස්තානයට එරෙහිව හඹා ගොස් ජයග්‍රහණය කරන ලද ඉහළ ම ලකුණු සංඛ්‍යාවකින් යුත් තරගය වන්නේ ද මෙයයි. මීට පෙර මෙම වාර්තාව සතු කරගෙන සිටියේ ඉන්දියාවයි. ඔවුන් 2023 වසරේ දී Centurion හි දී පාකිස්තානය විසින් කඩුලු 7ක් දැවී ලබා ගත් ලකුණු 273ට එරෙහිව හඹා ගිය ඉනිමේ දී පන්දුවාර 45.4ක දී කඩුලු 4ක් දැවී ලකුණු 276ක් ලබා ගනිමින් එම ස්ථානයේ රැඳී සිටියා. 
  • මෙම ජයග්‍රහණය ලෝක කුසලාන තරගවල හඹා ගොස් ජයග්‍රහණය කරන ලද ලකුණු සංඛ්‍යාවන් අතර ඉහළ ම ලකුණු සංඛ්‍යාවන් අතුරින් තෙවැනි තැන ගන්නවා. 

එහි පළමු ස්ථානයේ රැදීඳී සිටින්නේ ශ්‍රී ලංකාවයි. ඔවුන් 2015 වසරේ දී එංගලන්තය ලබා ගත් ලකුණු 310 හඹා ගොස් ජයග්‍රහණය කරන්නේ කඩුල්ලක් පමණක් අහිමි කර ගනිමින්. එහි දෙවැනි ස්ථානය නවසීලන්තය සතු කර ගන්නවා. ඒ මෙවර ලෝක කුසලානයේ දී එංගලන්තය ලබා ගත් ලකුණු 283, කඩුල්ලක් පමණක් දැවී හඹා ගොස් ලද ජයග්‍රහණයටයි.  

275+: ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියක දී පාකිස්තානය ලකුණු 275කට වැඩියෙන් ලබා ගත් අවස්ථාවක් ආරක්ෂා කර ගැනීමට නොහැකි වූ පළමු අවස්ථාව මෙයයි.  

ඇෆ්ගනිස්තානය මෙවර ලෝක කුසලානයේ දී පාකිස්තානය එසේ අපහසුතාවට පත් කිරීමට පෙර මීට වසර 20කට පෙර 2003 වසරේ දී ඉන්දියාව, පාකිස්තානයට එසේ ඉරණමකට පත් කර තිබුණා. එම තරගයේ දී පාකිස්තානය කඩුලු 7ක් දැවී ලකුණු 273ක් ලබා ගන්නා ලද අතර එය ඉන්දියාව විසින් පන්දුවාර 45.4ක දී කඩුලු 4ක් පමණක් දැවී ගොස් හඹාගොස් ජයග්‍රහණය කළා. 

4: Rahmanullah Gurbaz සහ Ibrahim Zadran මෙම තරගයේ දී පළමු කඩුල්ලට ලකුණු 130ක සබඳතාවක් එක් කළා. එය ඔවුන් දෙදෙනා විසින් 2023 තරග වසරේ දී ශතක සබඳතාවන් එක් කළ සිව්වැනි අවස්ථාව බවට පත්වුනා.  

  • එය 2023 තරග වාරයේ දී එවන් දක්ෂතාවක් කළ අය අතර සම තැන් ගත් දක්ෂතාවක් වූ අතර ඊට පෙර ඉන්දියාවේ Rohit Sharma සහ  Shubman Gill විසින් ද සිව් වතාවක් ශතක සබඳතා එක් කර තිබෙනවා. 

එහි තෙවැනි ස්ථානය ශතක සබඳතා ත්‍රිත්වයක් එක් කළ ශ්‍රී ලංකාවේ දිමුත් කරුණාරත්න සහ පැතුම් නිස්සංක සතු වෙනවා.   

50×3: මෙම තරගයේ දී ඇෆ්ගනිස්තාන පිතිකරු ලැයිස්තුවේ 1, 2 සහ 3 ස්ථානවල පිතිකරුවන් වූ Rahmanullah Gurbaz (65), Ibrahim Zadran (87) සහ Rahmat Shah (77*) අර්ධ ශතක ලබා ගත් අතර එය ඇෆ්ගනිස්තාන එක්දින ලෝක කුසලාන ක්‍රිකට් ඉතිහාසයේ එම පිතිකරු පෙළ ගැස්මේ එවන් දක්ෂතාවක් කළ පළමු අවස්ථාව බවට පත්වුනා.  

  • ඔවුන්ගේ මෙම දක්ෂතාව ලෝක කුසලාන තරග ඉතිහාසයේ එවැනි පිතිකරු පෙළ ගැස්මේ දී එවන් දක්ෂතාවක් කළ 9 වැනි අවස්ථාව බවට පත් වුනා.

එහි පළමු ස්ථානය 1975 ලෝක කුසලානයේ දී නැගෙනහිර අප්‍රිකාවට එරෙහිව එංගලන්ත ක්‍රීඩකයන් වූ Barry Wood (77), Dennis Amiss (88) සහ Frank Hayes (52) ඇතුළත් වූ අතර ඇෆ්ගනිස්තාන දක්ෂතාවට පෙර අවසන් වරට මීට එක් ව සිටියේ මෙවර ලෝක කුසලානයේ දී බංග්ලාදේශයට එරෙහිව Jonny Bairstow (52), Dawid Malan (140) සහ Joe Root (82) යන එංගලන්ත ක්‍රීඩකයන් ලබා ගත් ඉනිම්.

  • ඇෆ්ගනිස්තාන එක්දින ජාත්‍යන්තර තරගවල දී මෙම දක්ෂතාව කළ දෙවැනි අවස්ථාවයි මේ. ඔවුන් පළමුවරට එවන් දක්ෂතාවක් කරන්නේ 2022 වසරේ දී ශ්‍රී ලංකාවට එරෙහිව Rahmanullah Gurbaz (53), Ibrahim Zadran (106) සහ Rahmat Shah (52) යන මේ ක්‍රීඩකයන් තිදෙනා ම දැක් වූ දක්ෂතාවයි.  

87: මෙම තරගයේ දී ඇෆ්ගනිස්තාන දකුණත් ආරම්භක පිතිකරු Ibrahim Zadran ලබා ගත් ලකුණු 87ත් සමඟින් තම තරග 24ක් වූ එක්දින ජාත්‍යන්තර තරග ඉතිහාසයේ ලකුණු 1000 කඩඉම පසු කිරීමට සමත් වුනා.   

4/49 (10): 18 වැනි වියේ පසුවෙන ඇෆ්ගනිස්තානයේ වමතින් දඟ පන්දු යවන Noor Ahmad තම එක්දින ජාත්‍යන්තර තරග දිවියේ හොඳම පන්දු යැවීම වාර්තා කරන්නේ ද මෙම තරගයේ දීයි.   

2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලානය පිළිබඳ සියලු උණුසුම් පුවත් සහ පිටියෙන් පිටත සිදු වූ රසබර තොරතුරු ද ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<