Gurbazගේ ගිනිකෙළි Babarව රිද්දයි!

PSL 2023

228

Pakistan Super League තරගාවලියේ 12 වැනි තරගය ඊයේ (23) Peshawar Zalmi සහ Islamabad United කණ්ඩායම් අතර පැවැත්වුණු අතර, එහි දී Peshawar Zalmi පරදවා කඩුලු 6ක පහසු ජයක් අත්කර ගැනීමට Islamabad United සමත් වුනා.

තරගයෙ පළමුවෙන් පන්දුවට පහර දුන් Peshawar Zalmi නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 156ක් ලබා ගත්තා.

එහි දී Zalmi ඉනිමේ ආරම්භක කඩුල්ල වෙනුවෙන් Mohommad Haris සහ Babar Azam විසින් පන්දුවාර 7ක දී ලකුණු 76ක් ලබා ගැනීමට සමත් වුනා.

වේගවත් පිතිකරණයක නිරත වූ Haris ලකුණු 40කට දැවී යාමෙන් අනතුරුව Zalmi ඉනිම ක්‍රමයෙන් කඩා වැටීමට ලක් වූ අතර එයින් පසු Babar Azam හැර කිසිදු පිතිකරුවෙකුගෙන් සාර්ථක ඉනිමක් දක්නට ලැබුණේ නැහැ.

ශ්‍රී ලංකා නායක දසුන් ශානක Zalmi ඉනිමේ 6 වැනි කඩුල්ල වෙනුවෙන් Babar සම තරමක් ඉවසිලිවන්ත සබඳතාවක් පැවැත්වීම උත්සාහ කළත්, ඔහු ද ලකුණු 11ක් ලබා සිටිය දී දැවී ගියා.

Zalmi ඉනිමේ Babar සහ Harisට පසුව ලකුණු 10 ඉක්මවා යාමට සමත් වූ එකම පිතිකරු බවට පත් වුනේ දසුන් පමණයි.

නායකත්වයේ ඉනිමක් දියත් කළ Babar පන්දු 58කින් නොදැවුණු ලකුණු 75ක් රැස් කිරීමට සමත් වුනා.

Islamabad United වෙනුවෙන් පන්දු යැවීමේ දී Hasan Ali විසින් කඩුලු 3ක් බිඳ හෙළීමට සමත් වුනා.

පසුව පිළිතුරු ඉනිම දියත් කිරීමට පිටියට පිවිසි Islamabad United කණ්ඩායමේ ආරම්භක පිතිකරු Rahmanullah Gurbaz පන්දු 31කින් ප්‍රවේගකාරී ලකුණු 62ක් රැස් කිරීමට සමත් වුනේ හතරේ පහර 7ක් සහ හයේ පහර 4ක් සිය ඉනිමට අන්තර්ගත කර ගනිමිනුයි. Gurbaz ඉනිමේ දෙවැනි කඩුල්ල ලෙස දැවී යන විට United පන්දුවාර 8 පන්දු 2ක දී ලකුණු 98ක් ලබා ඉතාමත් ප්‍රබල තත්වයක පසු වුනා.

පසුව පිටියට පැමිණි Rassie Van der Dussen රැස් කළ ලකුණු 42 සහ Asif Ali විසින් රැස් කළ වේගවත් ලකුණු 29 නිසා පන්දුවාර 14 පන්දු 5ක් තුල තරගයේ ජයග්‍රහණය වාර්තා කිරීමට Islamabad United සමත් වුනේ කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 159ක් රැස් කරමිනුයි.

Zalmi වෙනුවෙන් කිසිදු පන්දු යවන්නකු සාර්ථක නොවූ අතර, මෙවර Babarගේ පන්දු යැවීමේ තෝරා ගැනීම්වලට දසුන් ව ඇතුළත් වුනේ නැහැ.

එමෙන්ම තරගය පුරාවටම සිය කණ්ඩායම දැක්වූ දුර්වල ක්‍රීඩා රටාව පිළිබඳ Zalmi නායක Babar Azamගෙන් පළ වූ කලකිරීමට පත් වූ හැසිරීම් රටා වඩාත් තදින් කැපී පෙනුණා.

තරගාවලියේ 13 වැනි තරගය අද (24) Quetta Gladiators සහ Islamabad United කණ්ඩායම් අතර පැවැත්වීමට නියමිතයි.

PSL තරගාවලියේ සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<