සිම්බාබ්වේ ප්‍රවීණයෙක් ක්‍රිකට් පිටියට සමුදෙයි

198

සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායමේ දකුණත් වේගපන්දු යවන ක්‍රීඩක Kyle Jarvis සිය වසර 11ක ජාත්‍යන්තර ක්‍රිකට් දිවිය සඳහා සමුදීමට ඊයේ (17) තීරණය කර තිබෙනවා.

පසුගිය වසර එකහමාරක කාලය තුළ දී ඔහු මුහුණ දුන් ආබාධ සහ අසනීප තත්වයන් හේතුවෙන් 32 හැවිරිදි Kyle Jarvis මෙලෙස ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගැනීමට තීරණය කර ඇති බව වාර්තා වෙනවා.

තවත් ක්‍රිකට් පුවත්:

2009 වසරේ දී  එරෙහිව පැවති එක්දින තරගයක දී ජාත්‍යන්තර වරම් දිනා ගන්නා ඔහු සිය ජාත්‍යන්තර ක්‍රිකට් දිවිය අවසන් කළේ එක්දින තරග 49ක්, ටෙස්ට් තරග 13ක් සහ විස්සයි විස්ස තරග 22ක් ක්‍රීඩා කරමිනි. එහි දී ඔහු නියෝජනය කළ තරග 84 තුල දී කඩුලු 132ක් බිද හෙළමින් දස්කම් දක්වා තිබෙනවා.

Kyle Jarvis අවසන් වරට සිම්බාබ්වේ කණ්ඩායම නියෝජනය කළේ 2020 වසරේ ජනවාරි මාසයේ දී ශ්‍රී ලංකාවට එරෙහිව හරාරේහී පැවති පළමු ටෙස්ට් තරගයේ දී යි.

ඔහු ඉදිරියේ දී සිය ව්‍යාපාර කටයුතුවලට අමතරව ක්‍රිකට් පුහුණුකරුවෙක් ලෙසත් ඉදිරියට පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටින බව ද වාර්තා වනවා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<