මංගල ටෙස්ට් අවසන් සටනේ සංචිත සහ පන්දුව එලිදකියි

2019-21 IC ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවය

128

පළමු වරට පැවැත්වෙන 2019-21 ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ අවසන් මහා තරගය සඳහා වන නවසීලන්ත සහ ඉන්දීය සංචිත මේ වන විට නම් කර තිබෙන අතර අවසන් මහා තරගය සඳහා භාවිතයට ගැනීමට නියමිත නිල Duke පන්දුව ද මේ වන විට හඳුන්වා දී තිබෙනවා.

ලබන 18 වැනිදා සිට 22 වැනිදා දක්වා එංගලන්තයේ Southampton හි The Rose Bowl පිටියේ දී පැවැත්වීමට නියමිත අවසන් මහා තරගයේ දී නවසීලන්තයේ ප්‍රතිවාදීන් වන්නේ ඉන්දියාවයි. 

මෙහි දී තරග වදිනු ලබන නවසීලන්ත සංචිතය වෙනුවෙන් Mitchell Santner වෙනුවට විශේෂඥ දඟපන්දු යවන්නෙකු ලෙස ඇතුළත් කර ඇත්තේ Ajaz Patel. ඒ, එංගලන්තය සමඟ පැවති දෙවැනි ටෙස්ට් තරගයේ දී Patel දැක්වූ දක්ෂතා නිසාවෙන් බව නවසීලන්ත කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු Gary Stead මහතා  මාධ්‍ය වෙත පවසා සිටියා.

එංගලන්තයට එරෙහි සංචිතයට නම් කර සිටි Daryl Mitchell, Doug Bracewell, Jacob Duffy සහ Rachin Ravindra යන ක්‍රීඩකයින්  මෙම සංචිතයට නම් කර නැහැ.

ආබාධ තත්ත්වයන් හේතුවෙන් නිමා වූ දෙවැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා නොකළ නායක Kane Williamson සහ BJ Watling මේ ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහ තරගය සඳහා නම් කර ඇති අතර, ඔවුන් දෙදෙනාම අවසන් තරගය ක්‍රීඩා කිරීම සඳහා සුදුසු ශාරීරික යෝග්‍යතාවයකින් පසුවනු ඇති බවට නවසීලන්ත ක්‍රිකට් බලධාරීන් විශ්වාසය පළ කරනවා. 

තවද අවසන් මහා තරගයට පසුව නවසීලන්ත කඩුලු රකින පිතිකරු BJ Watling ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව මීට පෙර නිවේදනය කර තිබෙන නිසා ඔහුට මේ තරගයේ තිබෙන සුවිශේෂී බව තවත් වැඩි වෙනවා.

එම තරගයෙන් ජය ගන්නා කණ්ඩායමට ICC ටෙස්ට් ක්‍රිකට් ශූරතා සෙංකෝලයට අමතරව ඇමරිකානු ඩොලර් මිලියන 1.6ක (රුපියල් කෝටි 31කට ආසන්න මුදලක් ) මුදලක් හිමි වීමට නියමිත අතර එහි අනුශූරයින්ට ඇමරිකානු  ඩොලර් 800,000ක් මුදලක් හිමි වීමට නියමිතයි.

නවසීලන්ත සංචිතය: Kane Williamson (නායක), Tom Blundell, Trent Boult, Devon Conway, Colin de Grandhomme, Matt Henry, Kyle Jamieson, Tom Latham, Henry Nicholls, Ajaz Patel, Tim Southee, Ross Taylor, Neil Wagner, BJ Watling, Will Young.

තවත් ක්‍රිකට් පුවත්:

Virat Kohliගේ නායකත්වයෙන් යුත් සංචිතයට ඇතුළත් ආරම්භක පිතිකරුවන් වන්නේ Rohit Sharma සහ Shubman Gill පමණයි. ඒ අනුව අවසන් තරගයේ දී ඔවුන් දෙදෙනා ඉන්දීය ඉනිම ආරම්භ කරනු ඇති අතර KL Rahul සහ Mayank Agarwal  මේ ඉන්දීය සංචිතයට ඇතුළත්ව නැහැ. ඒ අනුව කඩුලු රකින පිතිකරුවන් ලෙස Rishabh Pant හා Wriddhiman Saha යන ක්‍රීඩකයින් දෙදෙනාම මේ සංචිතයට ඇතුළත් කර තිබෙනවා.

Mohammed Shami, Jasprit Bumrah, Ishant Sharma, Mohammad Siraj සහ Umesh Yadav යන ක්‍රීඩකයින් 5 දෙනා මේ සංචිතයේ සිටින නිත්‍ය වේගපන්දු යවන්නන් වෙනවා. නිත්‍ය දඟපන්දු යවන්නන් ලෙස නම් කර ඇත්තේ Ravichandran Ashwin සහ Ravindra Jadeja පමණයි.

ඉන්දීය සංචිතය: Virat Kohli (නායක), Rohit Sharma, Shubman Gill, Cheteshwar Pujara, Ajinkya Rahane, Rishabh Pant, Ravindra Jadeja, Ravichandran Ashwin, Mohammed Shami, Jasprit Bumrah, Ishant Sharma, Mohammad Siraj, Hanuma Vihari, Wriddhiman Saha, Umesh Yadav

අතිරේක ක්‍රීඩකයින් – Shardul Thakur, Washington Sundar, Axar Patel, Mayank Agarwal, KL Rahul

අවසන් මහා තරගයේ දී යොදා ගැනීමට නියමිත Duke වර්ගයේ විශේෂ පන්දුව පහත දැක්වෙනවා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<