එංගලන්ත තරග සංචාරයක නිරත වන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහභාගී වූ පළමු පුහුණු එක්දින ක්‍රිකට් තරගය ඊයේ (16) Manchester හි Old Trafford ක්‍රීඩාංගණයේ දී නිමා වුනේ ලකුණු සම වූ තරගයක් ලෙසයි.
මේ පුහුණු තරගයේ දී එක් කණ්ඩායමක නායකත්වය කුසල් ජනිත් පෙරේරා වෙත ලබා දී ඇති අතර අනෙක් කණ්ඩායම කුසල් මෙන්ඩිස් විසින් ද මෙහෙය වනු ලැබුවා. මේ පුහුණු එක්දින තරගය සඳහා එක්වන කණ්ඩායම් දෙක පහත පරිදි වුනා.
Team KJP – Kusal Janith (නායක), Avishka Fernando, Danushka Gunathilaka, Dhananjaya De Silva, Dasun Shanaka, Chamika Karunaratne, Ishan Jayaratne, Binura Fernando, Lakshan Sandakan, Akila Dananjaya, Nuwan Pradeep.
Team Mendis – Kusal Mendis (නායක), Oshada Fernando, Charith Asalanka, Pathum Nissanaka, Niroshan Dickwella, Wanindu Hasaranga, Ramesh Mendis, Isuru Udana, Dushmantha Chameera, Asitha Fernando, Shiran Fernando, Praveen Jayawickrema.
තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් කුසල් මෙන්ඩිස් නායකත්වය දැරූ කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 9ක් දැවී ලකුණු 250ක් රැස් කළා. එහි දී තුන් ඉරියව් දස්කම් දක්ව්විමට හැකි රමේෂ් මෙන්ඩිස් පන්දු 89ක දී ලකුණු ලකුණු 71ක් ලබා ගන්නා විට ඉසුරු උදාන ලකුණු 44ක් සහ ඕෂද ප්‍රනාන්දු ලකුණු 39ක් ලබා ගනිමින් මෙන්ඩිස්ගේ කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභීන් තිදෙනා වුනා.
තවත් ක්‍රිකට් පුවත්:
- පළාත් සහ දිස්ත්රික් ක්‍රිකට් පුහුණුකරුවන්ගේ ගිවිසුම් කාලය දීර්ඝ වෙයි
- LPL කණ්ඩායම් ගණන ගැන විශේෂ තීරණයක්
- කඩුලු 14ක් බිඳ වැටුණු දා; Bonnerගේ හිසේ පන්දුවක් වදියි
- පළමු තරගයේ දී ම තිසර දස්කම් අතරට
පන්දු යැවීමේ දී අකිල ධනංජය ලකුණු 28කට කඩුලු 3ක් දවා ගන්නා විට සහ නවක ක්‍රීඩක චාමික කරුණාරත්න ලකුණු 38කට කඩුලු 3ක් බිඳ හෙලමින් මෙන්ඩිස්ගේ කණ්ඩායම ලකුණු 250කට සීමා කිරීම සඳහා සහය වුනා. ඊට අමතරව බිනුර ප්‍රනාන්දු ලකුණු 38කට කඩුලු 2ක් සහ නුවන් ප්‍රදීප් ලකුණු 20කට එක් කඩුල්ලක් දවා ගැනීමට සමත් වුනා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කුසල් ජනිත් පෙරේරාගේ කණ්ඩායම ද කඩුලු 9ක් දැවී ලබා ගත්තේ ලකුණු 250ක් පමණයි. එහි දී ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු පන්දු 71ක් තුල ලකුණු 64ක් ලබා ගන්නා විට මැදපෙළ සවිමත් කළ දසුන් ශානක ලකුණු 44ක්, ධනුෂ්ක ගුණතිලක ලකුණු 30ක් සහ කුසල් පෙරේරා ලකුණු 28ක් රැස් කළා.
පන්දු යැවීමේ දී අසිත ප්‍රනාන්දු ලකුණු 43කට කඩුලු 3ක් බිද හෙලූ අතර දුෂ්මන්ත චමීර ලකුණු 26කට කඩුලු 2ක් බිද හෙලුවා. නවක දඟපන්දු යවන ක්‍රීඩක ප්‍රවීන් ජයවික්‍රම ද කඩුලු 2ක් බිඳ හෙලීමට සමත් වුනේ ප්‍රතිවාදීන්ට ලකුණු 44ක් පමණක් ලබා දෙමින්. වනිදු හසරංග සහ රමේෂ් මෙන්ඩිස් අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියා.
තරග කාලසටහන
- ජුනි 23 – පළමු විස්සයි විස්ස තරගය – Cardiff
- ජුනි 24 – දෙවැනි විස්සයි විස්ස තරගය – Cardiff
- ජුනි 26 – තුන්වැනි විස්සයි විස්ස තරගය – Southampton හිදී
- ජුනි 29 – පළමු එක්දින තරගය – Durham
- ජූලි 1 – දෙවැනි එක්දින තරගය – London
- ජූලි 4 – තෙවැනි එක්දින තරගය – Bristol
තරගාවලියේ සියලු තොරතුරු ඔබ වෙත ගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com අප සමඟම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<
Result
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Charith Asalanka | b Binura Fernando | 3 | 17 | 0 | 0 | 17.65 |
Oshada Fernando | c Kusal Perera b Chamika Karunaratne | 39 | 34 | 7 | 0 | 114.71 |
Pathum Nissanka | b Chamika Karunaratne | 16 | 14 | 3 | 0 | 114.29 |
Kusal Mendis | b Nuwan Pradeep | 19 | 19 | 1 | 1 | 100.00 |
Niroshan Dickwella | c Binura Fernando b Akila Dananjaya | 13 | 27 | 1 | 0 | 48.15 |
Wanindu Hasaranga | c Asitha Fernando b Akila Dananjaya | 5 | 11 | 1 | 0 | 45.45 |
Ramesh Mendis | c Akila Dananjaya b Binura Fernando | 71 | 89 | 5 | 0 | 79.78 |
Isuru Udana | c Ishan Jayaratne b Akila Dananjaya | 44 | 57 | 5 | 0 | 77.19 |
Dushmantha Chameera | c Ishan Jayaratne b Chamika Karunaratne | 5 | 9 | 0 | 0 | 55.56 |
Asitha Fernando | not out | 12 | 14 | 0 | 0 | 85.71 |
Shiran Fernando | not out | 6 | 9 | 0 | 0 | 66.67 |
Extras | 17 (b 1 , lb 10 , nb 0, w 6, pen 0) |
Total | 250/9 (50 Overs, RR: 5) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Binura Fernando | 9 | 0 | 38 | 2 | 4.22 | |
Nuwan Pradeep | 5 | 1 | 20 | 1 | 4.00 | |
Chamika Karunaratne | 8 | 1 | 38 | 3 | 4.75 | |
Ishan Jayaratne | 9 | 0 | 50 | 0 | 5.56 | |
Akila Dananjaya | 7 | 0 | 28 | 3 | 4.00 | |
Dasun Shanaka | 5 | 0 | 17 | 0 | 3.40 | |
Lakshan Sandakan | 7 | 0 | 48 | 0 | 6.86 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Danushka Gunathilaka | c Isuru Udana b Dushmantha Chameera | 30 | 27 | 3 | 1 | 111.11 |
Avishka Fernando | c Shiran Fernando b Asitha Fernando | 64 | 71 | 5 | 2 | 90.14 |
Kusal Perera | b Ramesh Mendis | 28 | 25 | 3 | 0 | 112.00 |
Dhananjaya de Silva | c & b Wanindu Hasaranga | 22 | 37 | 2 | 0 | 59.46 |
Dasun Shanaka | c Asitha Fernando b Praveen Jayawickrama | 44 | 54 | 1 | 2 | 81.48 |
Chamika Karunaratne | c Niroshan Dickwella b Asitha Fernando | 6 | 20 | 0 | 0 | 30.00 |
Ishan Jayaratne | c & b Dushmantha Chameera | 18 | 34 | 0 | 0 | 52.94 |
Akila Dananjaya | c Pathum Nissanka b Asitha Fernando | 15 | 15 | 0 | 0 | 100.00 |
Binura Fernando | b Praveen Jayawickrama | 6 | 7 | 1 | 0 | 85.71 |
Lakshan Sandakan | not out | 9 | 11 | 1 | 0 | 81.82 |
Nuwan Pradeep | not out | 0 | 0 | 0 | 0 | 0.00 |
Extras | 8 (b 1 , lb 0 , nb 0, w 7, pen 0) |
Total | 250/9 (50 Overs, RR: 5) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Dushmantha Chameera | 6 | 0 | 26 | 2 | 4.33 | |
Isuru Udana | 4 | 0 | 32 | 2 | 8.00 | |
Shiran Fernando | 4 | 1 | 23 | 0 | 5.75 | |
Asitha Fernando | 8 | 0 | 43 | 3 | 5.38 | |
Ramesh Mendis | 6 | 0 | 39 | 1 | 6.50 | |
Wanindu Hasaranga | 10 | 0 | 37 | 1 | 3.70 | |
Charith Asalanka | 2 | 0 | 5 | 0 | 2.50 | |
Praveen Jayawickrama | 10 | 0 | 44 | 2 | 4.40 |