ධනංජය ලක්ෂාන්ට ආබාධයක්

135

එංගලන්ත තරග සංචාරය සඳහා එක්ව සිටින ශ්‍රී ලංකා යොවුන් තුන් ඉරියව් ක්‍රීඩක ධනංජය ලක්ෂාන් ආබාධයකට ලක්ව තිබෙනවා.

පසුගිය 14 වැනිදා පැවැති පුහුණුවීම් අතරතුර පන්දු රකිමින් සිටිය දී ඔහු මෙලෙස දකුණු දණහිසේ ආබාධයකට ලක්ව ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියා.

ඒ හේතුවෙන් ඔහුට අද (16) සහ අනිද්දා (18) පැවැත්වෙන පුහුණු තරග සඳහා ද ක්‍රීඩා කළ නොහැකි වන අතර ඔහු මේ වන විට ආබාධය සුව වීම වෙනුවෙන් පුනරුත්තාපන කටයුතුවල නිරත වෙමින් සිටින බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් එම මාධ්‍ය නිවේදනයේ සඳහන් කර තිබෙනවා.

තවත් ක්‍රිකට් පුවත්:

මෙම තරග සංචාරයේ දී ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර ජාත්‍යන්තර විස්සයි විස්ස තරග 3ක් සහ ICC සුපර් ලීග් තරගාවලියේ එක්දින තරග 3ක් පැවැත්වීමට නියමිතයි.

තරග කාලසටහන

  • ජුනි 23 – පළමු විස්සයි විස්ස තරගය – Cardiff
  • ජුනි 24 – දෙවැනි විස්සයි විස්ස තරගය – Cardiff
  • ජුනි 26 – තුන්වැනි විස්සයි විස්ස තරගය – Southampton හිදී
  • ජුනි 29 – පළමු එක්දින තරගය – Durham
  • ජූලි 1 – දෙවැනි එක්දින තරගය – London
  • ජූලි 4 – තෙවැනි එක්දින තරගය – Bristol

තරගාවලියේ සියලු තොරතුරු ඔබ වෙත ගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com අප සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<