ඉන්දියා පාකිස්තාන ලෝක කුසලාන ගැටුමේ දින වෙනස් වන ලකුණු

එක්දින ලෝක කුසාලන ක්‍රිකට් තරගාවලිය 2023

460
DUBAI, UNITED ARAB EMIRATES - OCTOBER 24: Babar Azam of Pakistan and Virat Kohli of India interact ahead of the ICC Men's T20 World Cup match between India and Pakistan at Dubai International Stadium on October 24, 2021 in Dubai, United Arab Emirates. (Photo by Michael Steele-ICC/ICC via Getty Images)

මෙම වසරේ පැවැත්වීමට නියමිත ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ වඩාත් අවධානය දිනා ගත් ඉන්දියාව සහ පාකිස්තානය අතර තරගය ඔක්තෝබර් 15 වැනිදා පැවැත්වීමට නියමිත බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිල වශයෙන් ප්‍රකාශයට පත් කළා. 

නමුත් එම දිනයට තරගය පැවැත්වෙන ගුජරාට් ප්‍රාන්තයේ විශාල ලෙස සැමරුම් කරන Navratri උත්සවය එදිනට යෙදී තිබෙන නිසා මෙම තරගයේ දිනය වෙනස් වීමට ද වැඩි ඉඩක් ඇති බව වාර්තා වෙනවා. 

මෙම තරගයේ ආරක්ෂාව සඳහා පත් කර ඇති ආරක්ෂක සමාගම් විසින් ඉන්දීය ක්‍රිකට් බලධාරීන් වෙත මෙම තරගයේ දිනයන් වෙනස් කර දෙන ලෙස ඉල්ලා තිබෙනවා. 

“මේ සඳහා අපිට තියෙන විකල්ප සලකා බලලා ඉක්මනින් තීරණයක් ගැනීමට නියමිතයි. ඉන්දියාව සහ පාකිස්තානය අතර පැවැත්වෙන මෙම විශාල වශයෙන් ප්‍රේක්ෂකයින් පැමිණෙන තරගයක් මෙම උත්සවය සමඟ ගැටීම වැළැක්වීමට එහි දිනයන් වෙනස් කරන්න කියලා ආරක්ෂක සමාගම් අපිට කියලා තියෙනවා,” යැයි ඉන්දීය ක්‍රිකට් බලධාරියෙකු ප්‍රකාශ කළා. 

යම් හෙයකින් මෙම තරගය කල් දැමීමට සිදු වුවහොත් එයින් විශාල පාර්ශව රැසකට බලපෑම් එල්ල වන අතර මේ වන විටත් ප්‍රේක්ෂකයින් රැසක් නවාතැන් වෙන් කර තිබෙන අතර ඉන්දීය නොවන ප්‍රේක්ෂකයින් රැසක් අහ්මදාබාද් හී රෝහල් වල ඇඳන් ද වෙන් කර තිබෙන බව වාර්තා වෙනවා. 

කාලසටහනේ වෙනසක් සිදු වුවහොත් ඉතා විශාල හෝටල් වෙන් කිරීම් අවලංගු වීමට ඉඩ තිබෙනවා. එමෙන්ම තරගාවලියේ ප්‍රවේශ පත්‍ර තවමත් නිකුත් කර නොමැති නිසා ප්‍රේක්ෂකයින් තරමක අප්‍රසාදයකින් සිටින අතර මෙම ප්‍රධාන තරගයේ ද වෙනසක් සිදු වුවහොත් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට දැඩි විරෝධයකට මුහුණ දෙන්න වෙනවා. 

මෙම හේතුව නිසා ඉන්දීය ක්‍රිකට් ලේකම් Jay Shah තරගාවලියේ තරග පැවැත්වෙන ක්‍රීඩාංගණවල නිලධාරීන් සමඟ විශේෂ සාකච්ඡාවක් කැඳවූ බව ද වාර්තා වෙනවා. 

“මෙම පිළිබඳ නිවැරදි තීරණයක් ගැනීමට අප සියල්ල එක්ව සාකච්ඡා කර අදහස් හුවමාරු කර තීරණයක් ගැනීම හොඳයි කියලා මට හිතෙනවා. ඒ නිසා ලෝක කුසලාන සත්කාරක සංගම් රැස්වීමට සහභාගී වන ලෙස ඉල්ල සිටිනවා,” යැයි ඉන්දීය ක්‍රිකට් සභාපති නිකුත් කළ ලිපියේ සඳහන් වුනා. 

අහ්මදාබාද් හී Narendra Modi ක්‍රීඩාංගණය මෙවර තරගාවලියේ තරග හතරකට සත්කාරකත්වය ලබා දීමට නියමිත අතර එයට අවසන් මහා තරගය ද ඇතුළත් වෙනවා. 

දෙස් විදෙස් ක්‍රිකට් පිටියේ දිනෙන් දින උණුසුම් වන ක්‍රිකට් පිටියේ තොරතුරු සඳහා රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක 01 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com සමඟ. 

Hindustan Times ඇසුරිනි. 

>>තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<