ලොකු කුසල් සහ පොඩි කුසල් අතර පුහුණු ගැටුමක්

ශ්‍රී ලංකා කණ්ඩායමේ එංගලන්ත සංචාරය 2021

385

එංගලන්ත තරග සංචාරයට එක්ව සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් අද (16) දිනයේ දී සිය පළමු පුහුණු එක්දින තරගයට එක් වනවා. Manchester හි Old Trafford ක්‍රීඩා පිටියේ දී පැවැත්වෙන මේ තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද සවස 3ට ආරම්භ වීමට නියමිත වෙනවා.

මේ පුහුණු තරගයේ දී එක් කණ්ඩායමක නායකත්වය කුසල් ජනිත් පෙරේරා වෙත ලබා දී ඇති අතර අනෙක් කණ්ඩායම කුසල් මෙන්ඩිස් විසින් ද මෙහෙය වනු ඇත. මේ පුහුණු එක්දින තරගය සඳහා එක්වන කණ්ඩායම් දෙක පහත පරිදි වෙනවා.

Team KJP – Kusal Janith  (නායක), Avishka Fernando, Danushka Gunathilaka, Dhananjaya De Silva, Dasun Shanaka, Chamika Karunaratne, Ishan Jayaratne, Binura Fernando, Lakshan Sandakan, Akila Dananjaya, Nuwan Pradeep.

Team Mendis – Kusal Mendis (නායක), Oshada Fernando, Charith Asalanka, Pathum Nissanaka, Niroshan Dickwella, Wanindu Hasaranga, Ramesh Mendis, Isuru Udana, Dushmantha Chameera, Asitha Fernando, Shiran Fernando, Praveen Jayawickrema.

තවත් ක්‍රිකට් පුවත්:

මෙම තරග සංචාරයේ දී ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර ජාත්‍යන්තර විස්සයි විස්ස තරග 3ක් සහ ICC සුපර් ලීග් තරගාවලියේ එක්දින තරග 3ක් පැවැත්වීමට නියමිතයි.

තරග කාලසටහන

  • ජුනි 23 – පළමු විස්සයි විස්ස තරගය – Cardiff
  • ජුනි 24 – දෙවැනි විස්සයි විස්ස තරගය – Cardiff
  • ජුනි 26 – තුන්වැනි විස්සයි විස්ස තරගය – Southampton හිදී
  • ජුනි 29 – පළමු එක්දින තරගය – Durham
  • ජූලි 1 – දෙවැනි එක්දින තරගය – London
  • ජූලි 4 – තෙවැනි එක්දින තරගය – Bristol

තරගාවලියේ සියලු තොරතුරු ඔබ වෙත ගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com අප සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<