සහිරා සත් සාමාජික රග්බි තරගාවලියට දින නියම වෙයි

Zahira Rugby 7's League 2024

1811

ශ්‍රී ලංකාවේ පාසල් රග්බි පිටියේ කැපී පෙනෙන පාසලක් ලෙස විරුදාවලි ලත් කොළඹ සහිරා විද්‍යාලයේ රග්බි ක්‍රීඩාවට වසර සියයක් සපිරීම නිමිත්තෙන් එළඹෙන මාර්තු මස 02 සහ 03 යන දින වල දී සත් සාමාජික රග්බි තරගාවලියක් පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

කොළඹ තුරඟ තරග පිටියේ දී පැවැත්වීමට නියමිත මෙම සත් සාමාජික රග්බි තරගාවලිය සඳහා දිවයිනේ රග්බි ක්‍රීඩාවේ කැපී පෙනන පාසල් 16ක් නියෝජනය කරමින් කණ්ඩායම් සහභාගී වීමට නියමිතයි.

තරගාවලියට සහභාගී වීමට නියමිත පාසල් මෙසේයි;

කොළඹ සහිරා විද්‍යාලය, රාජකීය විද්‍යාලය, සාන්ත පීතර විද්‍යාලය, මහනුවර ත්‍රිත්ව විද්‍යාලය, වෙස්ලි විද්‍යාලය, ඉසිපතන විද්‍යාලය, මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලය, මහනුවර ධර්මරාජ විද්‍යාලය, මහනුවර ශ්‍රී සුමංගල විද්‍යාලය, ගාල්ල සාන්ත ඇලෝශියස් විද්‍යාලය, සාන්ත තෝමස් විද්‍යාල, සාන්ත ජෝසප් විද්‍යාලය, මහානාම විද්‍යාලය, ඩී.එස්.සේනානායක විද්‍යාලය, කුරුණෑගල මලියදේව විද්‍යාලය සහ ලුම්බිණි විද්‍යාලය

ආසියානු රග්බි, ශ්‍රී ලංකා රග්බි සහ ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සම්මේලන සමඟ අත්වැල් බැඳ ගනිමින් සහිරා විද්‍යාලය විසින් පැවැත්වීමට නියමිත මෙම තරගාවලියේ දී විවිධ වයස් කාණ්ඩ යටතේ ජයග්‍රහණ ලබන කණ්ඩායම් සඳහා ත්‍යාග වෙනුවෙන් රුපියල් 2,500,000ක් වෙන් කර ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම මෙම තරගාවලියේ ඩිජිටල් මාධ්‍ය සහ රූපවාහිනී සහකරු ලෙස ThePapare සහ ThePapare TV කටයුතු කිරීමට නියමිතයි.

තරගාවලියේ සියලු උණුසුම් පුවත් සඳහා රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න <<