සහිරා රග්බි ශත සංවත්සරය වෙනුවෙන් විශේෂ වැඩසටහන්

Sri Lanka Schools Rugby

298

දේශීය රග්බි ක්‍රීඩාවේ කැපී පෙනෙන පාසලක් ලෙස සැලකුම් ලබන කොළඹ සහිරා විද්‍යාලය විසින් සිය පාසල් රග්බි ක්‍රීඩාවේ සියවස් සමරුව මෙම වසරේ දී සැමරීමට නියමිතයි.

1924 වසරේ දී සහිරා විද්‍යාලය විසින් රග්බි ක්‍රීඩාව ආරම්භ කළ අතර, මෙම වසරේ දී සිය ශතක සංවත්සරය වෙනුවෙන් ඔවුන් විශේෂ වැඩසටහන් කිහිපයක් ම සංවිධානය කර තිබෙනවා.

මේ වෙනුවෙන් දිවයිනේ ප්‍රසිද්ධ පාසල් 14ක් සහ විදෙස් පාසල් කිහිපයක් ද සහභාගී කර ගනිමින් සහිරා රග්බි සියවස් සමරු සත් සාමාජික තරගාවලියක් පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

එමෙන්ම එක්සත් රාජධානියේ ලෙසටර් ටයිගර්ස් සමාජය සමඟින් ග්ලෝබල් පාට්නර් නෙට්වර් සමඟ සම්බන්ධ වූ නවතම පාසල බවට පත්වීමට ද සහිරා විද්‍යාලයට පසුගිය වසරේ දී හැකියාව ලැබුණා. මෙම සහයෝගිතාව සමඟින් සහිරා විද්‍යාල ප්‍රජා පුහුණුකරුවන් විසින් දිවයින පුරා පුළුල් පුහුණු කිරීමේ වැඩසටහනක් ද ආරම්භ කිරීමට නියමිතයි.

මේ අතර සහිරා විද්‍යාලයේ ශතක සැමරුම වෙනුවෙන් සහ දේශීය පුහුණුකරුවන්ට පුහුණු කඳවුරක් පැවැත්වීමේ අරමුණෙන් ද යුතුව හිටපු ඕස්ට්‍රේලියානු රග්බි ක්‍රීඩක David Campese පසුගිය දා ශ්‍රී ලංකාවට පැමිණියා.

දිනෙන් දින උණුසුම් වන දේශීය රග්බි පිටියේ නවතම තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ThePapare සමඟින්.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න <<