Nkrumah Bonner ලබා ගත් මංගල ටෙස්ට් ශතකය නිසාවෙන් ශ්‍රී ලංකා සහ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම් අතර පැවැත්වුණු පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ජය පරාජයෙන් තොරව අද (26) නිමා වුනේ ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහන තුල කණ්ඩායම් දෙකටම ලකුණු 20 බැගින් සම සේ බෙදී යමින්.
ඒ අනුව නොකඩවා ටෙස්ට් තරග 5ක් පරාජයට පත් වූ ශ්‍රී ලංකාවට, 2019 දෙසැම්බර් මාසයට පසුව තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනට යම් ලකුණු ප්‍රමාණයක් එකතු කරන්නට අවස්ථාව මේ සමඟ හිමි වුනා.
Sir Vivian Richards ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයේ පස්වැනි දිනයේදීත් තණතීරුව පිතිකරුවන්ට ඉතාමත් යෝග්‍ය මට්ටමක පැවතීම නිසා කොදෙව් කඩුලු දවා ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට තරමක් වැඩි වෙහෙසක් දැරීමට සිදු වුනා.
අවසන් දිනයේ දී ජයග්‍රහණය සඳහා ලකුණු 341ක් ලබා ගැනීමේ අභියෝගය පසෙක තැබූ බටහිර ඉන්දීය කොදෙව් පිතිකරුවන් ජය පැරදුමෙන් තොරවූ තරග අවසානයක් වෙනුවෙන් සැලසුම් සහගතව පන්දුවට පහර දුන්නා.
එහි දී කඩුලු 9ක් අතැතිව පස්වැනි දිනයේ දී තරගයට අවතීර්ණ වූ කොදෙව් පිතිකරුවන්ට ජයග්‍රහණය සඳහා පන්දුවාරයකට රඳවා ගත යුතු වූයේ ලකුණු 3.75ක අගයක් වන නමුත් ලකුණු 2.53ක වේගයක් රඳවා ගනිමින් ඔවුන් පන්දුවට පහර දුන්නා. අවසානයේ දී තරගය නිමා වන විට සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 4ක් දැවී ලකුණු 236ක් ලබා ගැනීමට ඔවුන් සමත් වුනා.
කොදෙව්වන් වෙනුවෙන් දිනය පුරා පන්දුවට පහර දුන් Nkrumah Bonner ලකුණු 113ක් ලබා ගනිමින් ජය පැරදුමෙන් තොරව තරගය නිමා වන තෙක්ම සිය කඩුල්ල ආරක්ෂා කර ගත්තේ පන්දු 274ක් පුරා විහිදුණු ඉනිමක් දියත් කරමිනි. Bonnerගේ එම සටන්කාමී සහ ඉවසිලිවන්ත ඉනිම නිසාවෙන් ඔහුට පළමු ටෙස්ට් තරගයේ වීරයා සම්මානය ද හිමි වුනා.
තවත් ක්‍රිකට් පුවත්:
- පැතුම්ගේ ශතකයට මහේලගෙන් සුබ පැතුම්
- නවසීලන්ත ක්‍රීඩකයෙකුට ICCයෙන් දඩ
- කෝලි T20 ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට
දුෂ්මන්ත චමීරගේ පන්දුවක් හමුවේ තරගයේ සිව්වැනි දිනයේ දී එම කඩුල්ල දවා ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකාවට අවස්ථාවක් ලැබුණු නමුත් උඩ පන්දුවක් රැක ගත්තේ යැයි කරන ලද ඉල්ලීම නිෂ්ප්‍රභා වූ නමුත් එය තෙවැනි විනිසුරුගෙන් විමසීමට ශ්‍රී ලංකා කණ්ඩායම මැළි වුනා.
එහෙත් පුණරූපනවලට අනුව එය Bonnerගේ පිත්තේ පිටත දාරයේ වැදී යන්නක් බව පැහැදිළිවම සටහන් වුනා. එම අවස්ථාවේ දී ශ්‍රී ලංකාව ප්‍රධාන විනිසුරුගේ තීරණය අභියෝගයට ලක් කළේ නම් Bonnerට සිය මංගල ශතකය ලබා ගැනීම පසෙකලා ඔහුගේ ඉනිම ලකුණු 07ක දී අවසන් වන්නට ඉඩ තිබුණා.
තරග ආරම්භයට වර්ෂාවෙන් කිසියම් බාධා පැමිණුන ද නියමිත පන්දුවාර සංඛ්‍යාව යැවුණු පස්වැනි දිනයේ දී Bonnerට අමතරව Kyle Mayers ද ලකුණු 52ක් ලබා ගනිමින් දෙවැනි අර්ධ ශතකයට හිමිකම් කිව්වා.
දිවා ආහාරයට ප්‍රථම නායක Kraigg Brathwaite දවා ගැනීමට ලසිත් ඇඹුල්දෙණිය සමත් වුවත් ඉතා ආරක්ෂාකාරී පිළිවෙතක් කොදෙව්වෝ අනුගමනය කළා. නායකයාගේ දැවී යෑමේ පටන් පන්දුවට පහර දුන් Bonner සහ Mayers දෙදෙනා තේ පානය තෙක්ම සිය කඩුලු ආරක්ෂා කර ගනිමින් ජය පැරදුමෙන් තොරව වුණු අවසානයකට කණ්ඩායම සුරක්ෂිත කළා. ඒ අතරතුර දී ඔවුහු ලකුණු 103ක් ලබා ගත්තා.
තේ පානයෙන් පසු යවන ලද පළමු පන්දුවාරයේ දී ම එම සම්බන්ධතාව බිඳ දැමීමට ලසිත් ඇඹුල්දෙණිය සමත් වුනා. ලහිරු තිරිමාන්න ස්ලිප් හි සිට උඩ පන්දුවක් රැක ගැනීම නිසා මේයර්ස් දැවී ගියා. අනතුරුව විශ්ව ප්‍රනාන්දු ද Jermaine Blackwoodගේ කඩුල්ල දවා ගනිමින් යළිත් කිසියම් බලාපොරොත්තුවක් ගොඩනංවන්නට සමත් වුනා.
කෙසේ වෙතත් පස්වැනි කඩුල්ල වෙනුවෙන් බෝනර්ට එක්වූ Jason Holder අවසන් පැය තෙක්ම තරගය රැගෙන ගියා. අවසන් පැය ආරම්භ වන විටත් තරගය ජය පැරදුමෙන් තොර අවසානයක් පෙන්නුම් කළ හෙයින් කණ්ඩායම් දෙකේම නායකයින්ගේ කැමැත්තෙන් තරගය නිමා කර දැමීමට විනිසුරුවරුන් කටයුතු කළා.
පන්දු යැවීමේ දී ලසිත් ඇඹුල්දෙණිය සහ විශ්ව ප්‍රනාන්දු කොදෙව් ඉනිමේ දැවී ගිය කඩුලු 4න් කඩුලු දෙක බැගින් බෙදා ගැනීමට සමත් වුන අතර දෙරට අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය මාර්තු මස 29 වැනිදා පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය පැවැත්වුණු Sir Vivian Richards ක්‍රිකට් පිටියේ දීම පැවැත්වීමට නියමිතයි.
ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහන, (2021.03.26)
Result
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Dimuth Karunarathne | c John Campbell b Rahkeem Cornwall | 12 | 43 | 1 | 0 | 27.91 |
Lahiru Thirimanne | b Jason Holder | 70 | 180 | 4 | 0 | 38.89 |
Oshada Fernando | run out () | 4 | 11 | 0 | 0 | 36.36 |
Dinesh Chandimal | c Joshua Da Silva b Jason Holder | 4 | 25 | 0 | 0 | 16.00 |
Dhananjaya de Silva | b Kemar Roach | 13 | 26 | 2 | 0 | 50.00 |
Pathum Nissanka | c Jason Holder b Kemar Roach | 9 | 12 | 2 | 0 | 75.00 |
Niroshan Dickwella | c Rahkeem Cornwall b Jason Holder | 32 | 76 | 2 | 0 | 42.11 |
Suranga Lakmal | c Kraig Brathwaite b Jason Holder | 3 | 13 | 0 | 0 | 23.08 |
Dushmantha Chameera | b Kemar Roach | 2 | 7 | 0 | 0 | 28.57 |
Lasith Embuldeniya | lbw b Jason Holder | 3 | 15 | 0 | 0 | 20.00 |
Vishwa Fernando | not out | 1 | 11 | 0 | 0 | 9.09 |
Extras | 16 (b 4 , lb 6 , nb 1, w 5, pen 0) |
Total | 169/10 (69.4 Overs, RR: 2.43) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Kemar Roach | 16 | 2 | 47 | 3 | 2.94 | |
Shannon Gabriel | 9 | 2 | 22 | 0 | 2.44 | |
Rahkeem Cornwall | 14 | 6 | 25 | 1 | 1.79 | |
Alzarri Joseph | 11 | 2 | 32 | 0 | 2.91 | |
Jason Holder | 17.4 | 6 | 27 | 5 | 1.55 | |
Kyle Mayers | 2 | 0 | 6 | 0 | 3.00 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Kraig Brathwaite | c Dhananjaya de Silva b Suranga Lakmal | 3 | 43 | 0 | 0 | 6.98 |
John Campbell | c Niroshan Dickwella b Dushmantha Chameera | 42 | 148 | 4 | 0 | 28.38 |
Nkrumah Bonner | lbw b Lasith Embuldeniya | 31 | 63 | 5 | 0 | 49.21 |
Kyle Mayers | c Dhananjaya de Silva b Suranga Lakmal | 45 | 70 | 6 | 2 | 64.29 |
Jermaine Blackwood | b Suranga Lakmal | 2 | 7 | 0 | 0 | 28.57 |
Jason Holder | b Suranga Lakmal | 19 | 61 | 2 | 0 | 31.15 |
Joshua Da Silva | c Niroshan Dickwella b Dushmantha Chameera | 46 | 124 | 5 | 0 | 37.10 |
Alzarri Joseph | c Dinesh Chandimal b Suranga Lakmal | 0 | 8 | 0 | 0 | 0.00 |
Rahkeem Cornwall | b Vishwa Fernando | 61 | 85 | 9 | 2 | 71.76 |
Kemar Roach | not out | 5 | 15 | 1 | 0 | 33.33 |
Shannon Gabriel | lbw b Vishwa Fernando | 0 | 3 | 0 | 0 | 0.00 |
Extras | 17 (b 1 , lb 6 , nb 9, w 1, pen 0) |
Total | 271/10 (103 Overs, RR: 2.63) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Suranga Lakmal | 25 | 9 | 47 | 5 | 1.88 | |
Vishwa Fernando | 17 | 6 | 52 | 2 | 3.06 | |
Dushmantha Chameera | 22 | 1 | 71 | 2 | 3.23 | |
Lasith Embuldeniya | 28 | 6 | 64 | 1 | 2.29 | |
Dhananjaya de Silva | 11 | 2 | 30 | 0 | 2.73 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Lahiru Thirimanne | b Kemar Roach | 76 | 201 | 4 | 0 | 37.81 |
Dimuth Karunarathne | c John Campbell b Kemar Roach | 3 | 13 | 0 | 0 | 23.08 |
Oshada Fernando | c Joshua Da Silva b Kyle Mayers | 91 | 149 | 11 | 0 | 61.07 |
Dinesh Chandimal | c Joshua Da Silva b Kyle Mayers | 4 | 9 | 0 | 0 | 44.44 |
Dhananjaya de Silva | b Alzarri Joseph | 50 | 79 | 6 | 0 | 63.29 |
Pathum Nissanka | c Kemar Roach b Rahkeem Cornwall | 103 | 252 | 6 | 0 | 40.87 |
Niroshan Dickwella | b Kemar Roach | 96 | 163 | 8 | 0 | 58.90 |
Suranga Lakmal | run out () | 8 | 24 | 0 | 0 | 33.33 |
Lasith Embuldeniya | c Kyle Mayers b Rahkeem Cornwall | 6 | 9 | 0 | 0 | 66.67 |
Dushmantha Chameera | c Jason Holder b Rahkeem Cornwall | 10 | 11 | 0 | 1 | 90.91 |
Vishwa Fernando | not out | 0 | 0 | 0 | 0 | 0.00 |
Extras | 29 (b 13 , lb 5 , nb 11, w 0, pen 0) |
Total | 476/10 (149.5 Overs, RR: 3.18) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Kemar Roach | 27 | 3 | 74 | 3 | 2.74 | |
Shannon Gabriel | 18 | 2 | 67 | 0 | 3.72 | |
Jason Holder | 22 | 4 | 40 | 0 | 1.82 | |
Alzarri Joseph | 21 | 2 | 83 | 1 | 3.95 | |
Rahkeem Cornwall | 42.5 | 4 | 137 | 3 | 3.22 | |
Kraig Brathwaite | 9 | 1 | 30 | 0 | 3.33 | |
Kyle Mayers | 9 | 2 | 24 | 2 | 2.67 | |
Jermaine Blackwood | 1 | 0 | 3 | 0 | 3.00 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Kraig Brathwaite | b Lasith Embuldeniya | 23 | 124 | 0 | 0 | 18.55 |
John Campbell | c Niroshan Dickwella b Vishwa Fernando | 11 | 15 | 2 | 0 | 73.33 |
Nkrumah Bonner | not out | 113 | 274 | 13 | 1 | 41.24 |
Kyle Mayers | c Lahiru Thirimanne b Lasith Embuldeniya | 52 | 113 | 5 | 0 | 46.02 |
Jermaine Blackwood | b Vishwa Fernando | 4 | 29 | 0 | 0 | 13.79 |
Jason Holder | not out | 18 | 48 | 4 | 0 | 37.50 |
Extras | 15 (b 4 , lb 8 , nb 3, w 0, pen 0) |
Total | 236/4 (100 Overs, RR: 2.36) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Suranga Lakmal | 25 | 10 | 33 | 0 | 1.32 | |
Vishwa Fernando | 19 | 0 | 73 | 2 | 3.84 | |
Lasith Embuldeniya | 28 | 9 | 62 | 2 | 2.21 | |
Dushmantha Chameera | 18 | 3 | 44 | 0 | 2.44 | |
Dhananjaya de Silva | 10 | 5 | 12 | 0 | 1.20 |
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<