අශාන් නව වාර්තාවකට රථය ධාවනය කරයි

216
Walawe Supercross

වලවේ සුපර්ක්‍රොස් මෝටර් රථ තරගාවලියේ සුදුසුකම් ලැබීමේ තරගයක දී තත්පර 52.25ක කාලයකින් එක් වටයක් නිමා කරමින් අශාන් සිල්වා නව තරග වාර්තාවක් පිහිටුවීමට සමත් විය.

වලව සුපර් ක්‍රොස් අඛණ්ඩව 6 වන වසරටත්

සබරගමුව පළාත මායිමේ පිහිටි උඩවලවේ ජාතික වනෝද්‍යානය ඉදිකරනු ලැබුවේ උඩවලවේ ජලාශය

වලව සුපර්ක්‍රොස් මෝටර් රථ තරගාවලියේ විශිෂ්ටතම ධාවකයා ලෙස නම් දරා සිටින අශාන් 3500cc කාණ්ඩයේ SLGT මෝටර් කාර් රථ අංශයේ ශ්‍රී ලංකා ශූරයා ද වේ.

එක තත්පරයකින් පසුගිය වසරේ තේරීම් තරගවල දී කුෂාන් පිරිස් තබා තිබූ වාර්තාව (53:647) බිඳ හෙලු අශාන් පසුගිය වසරේ කුශාන්ට පසුපසින් සිට තරගය ආරම්භ කළ නමුත් සහභාගී වූ තරග දෙකම ප්‍රථමයා ලෙස අවසන් කිරීමට සමත් විය.

ද්වන්ද සටනකට මග පාදමින් කුෂාන් දෙවැනියා ලෙස තරගය ආරම්භ කරන අතර උෂාන් පෙරේරා තෙවැනි ස්ථානයේ තරගය ආරම්භ කරනු ඇත. අරවින්ද ප්‍රේමදාස සිව්වැනි ස්ථානයේත්, මිස්සක නවීන්, ටිරෝන් හෙන්දවිතාරණ, කෞශල්‍ය සමරසිංහ, සජාඩ් සුහීර්, කපිල නිශාන්ත හා ඉශ්රාක් වහාබ් පිළිවෙළින් ඊළඟ ස්ථානවලත් තරගය ආරම්භ කරනු ලබයි.      

>> ඡායාරූප ඇල්බමය සඳහා පිවිසෙන්න <<

පළමු වංගුවේ දී කුෂාන්, අශාන් පසුකරමින් ඉදිරියට යෑමට සමත් වුවහොත් ශ්‍රී ලංකාවේ වේගවත්ම ධාවන ඉසව්ව වන SLGT කාණ්ඩයේ මෙම ධාවන ඉසව්ව ඉතාමත් තියුණු වනු නොඅනුමානය.

වේගවත් ලෙස ධාවනයේ යෙදිය හැකි වංගු මෙන්ම තරමක් උපක්‍රමශීලී ලෙස ධාවනයේ යෙදිය යුතු ස්ථාන ද වලව ධාවන පථයේ බහුලව ඇති හෙයින් පළමු ස්ථානයේ ගමන් ආරම්භ කරන අශාන් පසු කිරීමට නම් අනෙක් ක්‍රීඩකයින්ට සිය උපරිමයටත් වඩා වැඩි දක්ෂතාවයක් පෙන්නුම් කළ යුතු වනු ඇත.

වලව ධාවන පථය අනෙක් ධාවන පථ වලට සාපේක්ෂව කඳු ගොඩැලි අඩුවෙන් පවතින සමතලා ධාවන පථයක් බැවින් 250cc දක්වා ‘MX Racing’ හෙවත් යතුරුපැදි ධාවන ඉසව් ඉතා තියුණු මුහුණුවරක් ගනු ඇතැයි බොහෝ දෙනාගේ බලාපොරොත්තු වේ.

සියලු දෙනාගේ නෙත් සිත් රැඳෙන ඉසව්ව වන ගයාන් සඳරුවන්, ඉවෝන් ගුරුසිංහ, බුද්ධික කසුන්, සමීර ප්‍රේමරත්න යන සියලු සුපිරි ක්‍රීඩකයින් සහභාගී වන ප්‍රධාන ධාවන ඉසව්ව මෙවර ඉතා උණුසුම් වනු ඇත. ඉවෝන් ගුරුසිංහ වලව ධාවන පථයේ අණසක පැතිරවූ ක්‍රීඩකයා වන අතර එම ඉසව්වේ ජාතික ශූරයා වන ඉශාන් දිසානායක පසුගිය වසරේ දී ආබාධයක් හේතුවෙන් වලවේ සුපර්ක්‍රොස් තරගාවලියට සහභාගී නොවුනි. මේ වසරේදීත් ඉශාන් තවමත් 2018 වලවේ සුපර්ක්‍රොස් තරගාවලියට සිය සහභාගිත්වය තහවුරු කර නොමැති අතර බුද්ධික හා සමීර සටනක් නොදුනහොත් ඉවෝන් හට මෙවර තරගය පහසුවෙන් ජය ගත හැකි වනු ඇත. ජ්‍යෙෂ්ඨ ක්‍රීඩක ගයාන් සඳරුවන්ගේ අවසාන තරග වාරය වන මේ තරග වාරයේ, පළමු ස්ථානය තහවුරු කර ගැනීම සඳහා ගයාන් සිය උපරිම උත්සාහය යොදනු ඇත.

ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com වලවේ සුපර් ක්‍රොස් තරගාවලියේ නවතම තොරතුරු, තරග වාර්තා හා ඡායාරූප ඔබ වෙත ගෙන ඒමට සූදානම්. රැඳී සිටින්න..

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<